නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Subscribe to:
Post Comments (Atom)
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
අදත් බැරිලු කරන්න අන්තිම තෙරපිය. කීවතාවක් නම් කල්ගියා ද? ඉන්නෙපයි වරුවක් එනකම් ගමේ යන බස්සෙක ඔන්න ඔහේ ඉන්නවා මෙතැනම. මහා දානපති ගමේ මුදලාල...
-
උදේ පාන්දර ඔබට උනුම උණු කෝපි කෝප්පයක් පිළිගන්වනවා, ලස්සන සිනාවක් එක්ක. පදමට රෝස්ට් කර කෝපියේ ඇරෝමාව (Aroma, සුවඳ) ඔබේ නාස් පුඩු අතරින් රිංගන...
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්‍රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...

මොකකට කියනවද කියලා හිතුනා මුලින්......... ඒත් පස්සේ වැටහුනා....... කොච්චර ලස්සන අදහසක්ද අයියේ....... :)
ReplyDeleteබොහෝම ස්තුතියි නංගි සටහනට
Deleteඅයියෝ තේරෙන්නෑ.. සමාවෙන්ඩෝන.. මම කවි වලට බොහොම ටියුබ් ලයිට්. ඔබතුමාගෙ කවි හරිම ගැඹුරුයි.. ඉතින් තේරුම් ගන්ඩ බෑ පැහැදිලි නොකොලොත්.
ReplyDeleteමිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ අනේක ප්‍රශ්ණ, කම්කොටලු ඇතිවෙනවා. ඉන් හිත වසා ගලන අඳුර විසින් පුද්ගලයා අඳුරේ ගිල්වනවා එය අළු (gray) පැහැය හැටියට ගත්තා. බැරිකම, උදාසීනකම, පරාජය නිසා අඳුරේම ගිලී කඳුලු සලන පුද්ගලයා මොහොතින් මොහොත තව තවත් පතුලට වැටෙන්නේ තවත් දුර්වර්ණ කරමින්, නොදැනීම ඝණ අඳුරේ ගිලෙමින්. එය පදපෙලේ සඳහන් කළු පැහැයයි.
Deleteඅළු කියන්නේ ගින්නෙන් දැවී (නැතිවූ විට) ඉතිරි වෙන දෙය. අඩු වැඩියෙන් දැවුන ද අළු ගසා මතුවෙන්න පුලුවනි නම්, අළු ගොඩින් ක්‍රමයෙන් මිදෙන්න බැරි නැහැ. පියවරෙන් පියවර මිදී ඉහළට ඇදෙද්දි ඇස් මායිමෙන් ඉවත් වෙන්නේ දැවුන අළු වගේම දුර්වර්ණ වූ අළු පැහැයෙන් නොවේද?
හිතන්න පෙළඹවීමට පදපෙල වචන කිහිපයකට සීමා කරන්න ඕන වුනා, ඉන් පදපෙල සංකීර්ණ වුනාද මන්දා.
නිවාඩුවේ ගම රට ගිහිල්ලා ඉන්න අතරතුරත් ඇවිත් සටහනක් කර ඔබට බොහෝම ස්තුතියි.
ඝනදුරේ රැඳෙමිත් තවත්
ReplyDeleteඉන්නට නොමනා..
සිටිතොත් රැඳි තවත්,
කවදා දකිත්ද පහන් එලියක්....
ඇඳින්නොත් අඳුර
Deleteඅඳුරින් අඳුර ගිලනා
සිංහල අදහස වඩා ලස්සනයි කියල හිතෙනව.සමහර විට හයිකුවක් වගේ කෙටි නිසා වෙන්න ඇති.
ReplyDeleteසරල වචන ටිකකුයි ගැඹුරු අදහසකුයි තියෙන කවියක්.
ඒ අපේ බාසාවේ ලස්සන.
Deleteවර්ෂා ඉගෙනීම් කටයුතු හොඳින් කරගෙන විභාගයට සූදානම් වෙනවා නේද?
අදහස නොතේරුනත් කවිය ලස්සනයි.
ReplyDeleteමං පදපෙල කොම්පැක්ට් කරලා වැඩියි ද මන්දා?
Deleteකවිය ලස්සනයි
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි, ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
Deleteලස්සන කවියක්..ගැඹුරු තේරුමක්.
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි, ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
Deleteකවියෙ අදහස හොදයි...
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteසිංහල හයිකු ..හරිම ලස්සන අදහසක් .කෙටියෙන් .
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි බින්දි.
Deleteචූටි කවියක් !
ReplyDeleteඔව්, ඔබේ පුංචි කොමන්ටුව ගොඩාක් වටිනවා.
Deleteලස්සන අදහසක්.
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී. වසරකට විතර කලින් පැවැත් වූ මැනේජ්මන්ට් ප්‍රසන්ටේෂන් එකක දී ඉදිරිපත් කර අදහසක් මෙයට මුල් වුනා. පදපෙල ඉංග්‍රීසියෙන් කලේ ඒ දවස්වලම. පසුව වඩා ලස්සනට මේ පදපෙල කරන්න පුළුවන් වුනා (ඒ අපේ බාසාවේ ලස්සන). ඒත් මට උවමනා ග්‍රැෆික් එක කරගන්න ඉඩක් ලැබුණේ නැතුව පමා වුනා.
Deleteජීවිතෙ තව තවත් ගිලෙමින් අඳුරට යනවට වඩා දැනුමින් පොහොනිව ඉදිරියට ගියොතින් මුළු ජීවිතයම ආලෝකමත් වෙයි කියන සිතිවිල්ලක් දැනුනා.. :)
ReplyDeleteකෙටියි.. අර්ථයෙන් ගැඹුරුයි..!
ලස්සනයි..
බොහෝම ස්තුතියි නන්ඳු, ඔබේ අදහස තවත් ලස්සනක් එක් කරා.
Deleteසිතිවිල්ල අපූරැයි.
ReplyDeleteබොහෝම ස්තුතියි. අලුත් පොස්ටුවක් දැක්කා, ඉක්මනට ඒ පැත්තට එනවා.
Deleteඔබටද කියන්න ඉතිරිව ඇත්තේ අළු නොකරන් කළු කියා පමණි! ඔබ නිසා කීදෙනෙක් මේ වෙනකොට කළු වෙලා ඇත්ද?
ReplyDeleteසාමාන්‍යයෙන් සැඟවුනු ඇනෝ කොමන්ටු එතරම් තැකීමක් කරන්නේ නැහැ. ලිවීම ඔබේ නිදහස, ඒ වෙනුවෙන් ගල්මල් අඩවිය විවෘතයි. අළුවේ කළු දකින ඔබට නිර්මාණය ගොඩාක් දැනිලා වගේ, ඒත් රිදුනා නම් සමාවෙන්න. කොමන්ටුවට බොහෝම ස්තුතියි.
Deleteඅඳුරෙන් එලියට යන අයටයි මේ ඔවදන ඩීන් මල්ලී. කෙනෙක් ගෙ ජීවිතේ නොයෙක් හැලහැප්පීම් වලට මුහුන දෙනකොට ලැබෙන දුක් පීඩා මකා දමා නොහොත් අළු පිසදා නැගී සිටීම නොවෙද? අප කල යුත්තේ. අලු මතින් වැළලී යාම හොඳයි කියන්නා තව තවත් අඳුරෙහිම ගිලෙත්. කෙනෙක් ගේ ජන්මය සොයා ගොස් ගරහන්නා ද එවැන්නෙක්මයි. සොයුරු දමින් ලොව එළිය කරන්නෝ ලොව දිනවන්නෝම නොවෙද? ඔබට ජයම වේවා!
ReplyDeleteඔව් අක්කේ, ප්‍රශ්ණයකට මුහුණ දී වැටුණොත් නොගිලී මතුවීම හෝ තවදුර ගිලී එරීම පෙන්වන්න කල පදපෙල, මේ සටහනින් තවත් ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ. බොහෝම ස්තුතියි අක්කේ.
Delete