බැරි උස බඩගා
නුඹ ඉහළට යනවා
ගෙඩි ගොඩක් කඩලා
බැල ගෙඩියක් ගෙනයනවා
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
දැන්නං බැල ගෙඩියක් නෙමෙයි සල්ලි තමයි ගෙනියන්නෙ.
ReplyDeleteබැල ගෙඩිය වෙනුවට සල්ලි :)
Deleteදැන්නම් බැල ගෙඩියක් තියා කුරුම්බැට්ටියක්වත් ගෙනියන්ඩ පොල්ගස් නැහැ නොවැ..
ReplyDeleteඔබ හැමදාම සමාජයේ දුක්මහන්සියෙන් ජීවත්වෙන ම්නිසුන් ගැන කතාකරනවා නේද ? කෙන්දෙදිත් මේ වගේ දෙයක් ගැන කතාකලා මට මතකයි.
පොල් කඩන පුද්ගලයා හමුවේ ඇති අවදානම පරාජය කරලා බැහලා යන්න වෙන්නේ සොච්චමක් අතට අරගෙන, බැල ගෙඩිය බෝනස් එකක් විතරයි. දැන් එකත් නැත්ද? මේ කාරණය බොහෝමයක් රැකියා වලට පොදු තත්වය නේද?
Deleteසුවිශෙෂී කවියක්..
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි
Deleteකෙටියි
ReplyDeleteසරලයි
ඒත්...
නොකියැවුණ දේ ගැඹුරුයි..! :)
ඔව් නන්ඳු, ඉන් මතුවෙන කවිරසය මිහිරිවෙනවා නොවැ.
Deleteසාර්ථකයි. යතාර්ථයෙන් මදක් ඔබ්බට ගිය බවක් දැනෙනවා. නමුත් සමස්තයක් විදියට හොඳයි. ජය!
ReplyDeleteගල්මල් අඩවියට හරසරින් පිලිගන්නවා.
Deleteඔබේ විචාරය ඉතා ගෞරවයෙන් බාර ගත්තෙමි. එය මට ගොඩාක් වටිනවා.
අපේ ජීවිත වලම වෙනස් විදිහක වර්ෂන් එකක්.....
ReplyDeleteලියූ වචන කිහිපයේ නොලියා පාර්සල් කර දෙය, බොහෝම ස්තුතියි සොයුරා.
Deleteunspoiled vision as usual....:P
ReplyDeleteThanks a lot bro.
Deleteඅනතුරුදායක රැකියාවක්. ඒ විදිහෙ හුඟක් රැකියාවලට වගේ ප්රමාණවත් ගෙවීමක් නොකෙරෙන්න ඇති.
ReplyDeleteපල නෙලාගත්තාට පසුව දෙන එහෙම දෙය බැල ගෙඩියක් වගේ, දැන් ඒකත් නැතිලු.
Deleteකෙටි උනත් හරි සංවේදීයි.
ReplyDeleteබහුලව සිද්ධ වෙන දෙයක් අපේ වටාපිටාවට හුරු දෙයක් එක්ක යා කරා.
Deleteබොහෝම ස්තුතියි සටහනක් තියන්න මේ පැත්තට ආවාට.