Friday, October 21, 2011

මිතු කුඩය


රන්ඳා එක්ව නන
විහිදා අත් ඈතට
තනනා උඩු වියන
අව් වැසි කුණාටු
නොනිමි පීඩා මැද
දිරියකි සෙවණ නිති


පිදුම: මිතු කැල වෙත ගෞරවයෙන් හා සෙනෙහසින්

28 comments:

  1. අම්මෝ ඇතියන්තම් ....නන කුඩේ අරන් පේන්න ඇවිත්...

    ReplyDelete
  2. ලංකාවෙ ජිවත් වෙද්දි ඉතින් ඇදුමක් පැලඳුමක් ගානට හූරු පුරුදු හිතවතා කුඩේ... පහුගිය නිවාඩුවට ගිය වෙලාවෙ කුඩයක් නැතුව එලියට බැහැල...සවසිරියෙන් කුඩයක් මිලට අරන් තමා ගෙදරට ඒ ගන්න ලැබුනෙ...

    කවදාවත් මෙහෙම ස්තුතිපූර්වක අදහසක් හිතට ඇවිල්ල නෑ නොවැ කුඩේ ගැන... මේ වගේ සුන්දර අදහස් ඉතින් ඩීන් අයියටම තමා එන්නෙ...

    ReplyDelete
  3. සන්තෝසෙන් පිළිගත්තා මිතු කුඩය... ස්තූතියි ඩීන්..

    ReplyDelete
  4. මාවත් අර ගන්නවා නේද ඔය මිතු කුඩේ යටට ?

    ReplyDelete
  5. නන් පැහැ රෙදිකඩ
    එකම හැඩයට කැපී
    එකම කූරක වෙළී

    මිතු දමින්.

    ReplyDelete
  6. වචන කීපෙකින් ලොකු දෙයක් කියන්න ඔබට තියෙන්නේ පුදුම හැකියාවක් . තේරුම් දෙකක් ගන්න පුළුවන් . මිතුරන් කුඩයක් වෙනවා වගේම කුඩෙත් හොඳ මිතුරෙක් .

    ReplyDelete
  7. කෙටි වචන කීපෙකින් ලස්සන අරුත්බර නිර්මාණයක්..

    ReplyDelete
  8. ලස්සන කවිය... නියමයි....

    ReplyDelete
  9. අන්තර් ජාලයෙන් හමුවී අවකාශයේ දිලෙමින්
    සොඳුරු කවි වැල් ගොතා අප හැම සනසවමින්
    ගෙනෙයි කාන්තාරයෙන් රන්වන් සිතුවමක් ඩීන්
    මල්ලියේ නුඹේ මේ මිතු කුඩය සදාවාසනාවන්!

    ReplyDelete
  10. @සොඳුරු සිත:
    පසුගිය සති දෙකේ බ්ලොග් කියවපු එක විතරයි කරන්න පුලුවන් වුනේ. සොයා බැලීමගැන බොහෝම ස්තුතියි නංගී, ඊය ආවේ නැතැයි...

    අව්වට වැස්සට අහුවුනාම කුඩ මතක් වෙනවා නේන්නම්.

    ReplyDelete
  11. @සපතේරු උන්නැහේ:
    කාන්තාර පුරුද්දට අපිට එහෙම වෙනවා නම් තමයි.

    සෙනෙහසේ කුඩ සෙවනක දැනුන සුන්දර අදහසක් කියන්න පුලුවන්.

    ReplyDelete
  12. @තනෝජා රාජපක්‍ෂ:
    බොහෝම සතුටුයි ඒ ගැන.

    ReplyDelete
  13. @දිල්:
    අනිවාර්යයෙන්ම. ඒ සෙවන අපි කාටත් ලැබෙනවා මිතු දමින්.

    ReplyDelete
  14. ලස්සන කවියක් ..ලස්සන තේරුමකුත් එක්ක.....

    ReplyDelete
  15. @නලිනි චන්දිමා:
    කුඩය යට ඉඳන් බලද්දී එකිනෙක බැඳි සැකිල්ල මොනතරම් නම් අලංකාරයක් ද...

    ඔබේ කවි සංකල්පනාව ලස්සනයි නංගී.

    ReplyDelete
  16. @Bindi:
    ඒ අදහස් දෙකම ලස්සනයි නොවැ.

    අදහස් දෙකම මතුවෙනවා නම් පදපෙල තවත් සාර්ථකයි, බොහෝම ස්තුතියි ඔබට

    ReplyDelete
  17. @Dinesh:
    බොහෝම ස්තුතියි මල්ලී, ඔබේ වචන කිහිපයත් ගොඩාක් වටිනවා.

    ReplyDelete
  18. @Gordonia ceylanica:
    බොහෝමත්ම ස්තුතියි සටහනක් තියා ගියාට.

    ReplyDelete
  19. @Chandi:
    සෙනෙහසින් එ මිතු කුඩ සෙවන සරසන ලොකු අක්කේ ඔබට තුති.
    වැඩේවා මිතු දම ශක්තිමත්ව!

    ReplyDelete
  20. @ඔබ නොදු‍ටු ලොවක්.....:
    බොහෝමත්ම ස්තුතියි, ඔබේ සටහන ශක්තියකි.

    ReplyDelete
  21. මිතු කුඩයක් යටදී හිතට දැනෙන සිහිලස වෙන කොහේදිවත් ලැබෙනවද සැකයි මචෝ . .

    ReplyDelete
  22. හරිම අපූරු අදහසක් අයියෙ...

    අපිට අවට ඉඳගෙන අපිට සැබෑවටම උදව් කරන අයගෙ වටිනාකම දැනෙන්නෙ අපිට ඒ අයගෙ උදව් නැතිවුනාම...ඒකත් හරියට කුඩේ වගේ තමයි...
    වැස්සට ඉහල ගන යන කුඩය අමතක කරලා මග දාලා එන අවස්තා අපි මොනතරම් දැකලා තියනවද ?

    පහුගිය දවස් වල රීඩර් එක හරහා කියෙව්ව නිසා මම මේ පැත්තෙ ඇවිත් හොරෙන්ම ආපහු ගිහින්...කොමෙන්ට් එකක් දාලා නැහැ කියලා දැන් දැක්කෙ.

    ReplyDelete
  23. @දුකා:
    ඔව් යාළු ඔබ හරි. ඒ සෙවණ ලොකු හයියක්.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  24. @ලකී:
    මේ දුවන මැරතනය අතර වෙලාවක් හොයාගන්න එක ගැන කියන්න වචන නැහැ ලකී. පුළුවන් වෙලාවක ඇවිත් මෙහෙමවත් සටහනක් තියලා යන එක ලොකු දෙයක්.

    බොහෝම ස්තුතියි ඔබේ අදහස් බෙදා ගැනීමට.

    ReplyDelete
  25. @ACSM:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා මල්ලී, කවදත් අගේය මිතු සෙවණ

    ReplyDelete
  26. මං කවි කියවන්න හරි හොරය්, ඒ වුනත් මේ චූටි කවිය නං හිතට ඇල්ලුව.

    ReplyDelete
  27. @Observer:
    පදපෙල ඔබා මහත්තයා හිතට ඇල්ලුවා කියන එක දැනගන්න ගොඩාක් සන්තෝසයි. බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete