Monday, February 7, 2011

එදා මෙදා කවි


පුරවා තින්ත ඇඟිලි තුඩ රැඳි පෑන
අකුරු කලේ ගලනා සිතුවිලි රෑන

ගුලිකල කවි තැන තැන විසිරූන
පෙරලා වර වර පදමට ඇහිරූන

මිටිකල රස කවිපත් දුම් තැවරූන
නැතුවට කම් නැත යල්පැන ඉහිරූන



බරදී හිඳ අසුන නෙත රැඳි තිරය
සිතේ කොනක පිපෙන කවි මලය
තාලෙට සැරිසරනා ඇඟිලි තුඩය
පද මුතුවැල් මතුවී යාවෙන සිරිය

වැරදුන කල බැට කන්නේ ආපස්සා
මුතු වැල රිසි ලෙස හරිගස්සා
පිටමං වෙන්නේ සීරුවෙන් ලිස්සා
අනවැසි හින්ද ද ඉන්නට රුස්සා

නොකරට සිතුවම එක් වෙන්නේ
අරුමෙට පදපෙල හැඩ ගන්නේ
කව්මුතු සයිබරයේ පායන්නේ
තරුවකි ඈත අහසේ දිදුලන්නේ

සැන්දෑ අහසේ තව කවි මල් පිපීයන්
ඇඟිලි තුඩින් අකුරු කෙටීයන්
සිත්සරි සිතුවම සෙවුමා ගෙනීයන්
සයිබරයේ සීමා වැට නොබැඳීයන්

* ආපස්සා = Backspace key

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts