හතේ කණිසමට අඩ හෝරාවකි
උදේ හිරුත් සැරින් රවනා බැලුම්
ගතේ දහඩියෙන් තෙතබරිතව
තත්පර කටුව ලුහුබැඳ දෑත් විසිකර
ටිකක් ඇඟ සොලවා ලහි ලහියේ
දුවනා අඩිපාරේ
වංගුව දෙක ගෙන තාලෙට රූං හඬ දෙන
ඉඳ හිට වේගය අඩුකර හන්දියේ නවතින
ගොරවමින් පණගෙන පිම්මේ දුවන
රටාවට බිම් ගඩෝල් ඇතිරූ තීරුවේ
බන්ඩි ගැහුන වියැලුන දෙබල් අත්තක්
දෑතින් අතුල්ලාගෙන
සීරුවෙන් ඇදෙන පොඩ්ඩෙක්
සෙමින් ලංවී විමසුවෙමි වන්ඩිය ගැන
තෙජසින් කීවා හාලි ඩෙවිඩ්සන් බව
වයසක ආච්චි සෙනෙහසින් රැලි වැඩිකර මුව
සිම්ඹා කවට කොලු පොඩ්ඩා ලං කර
වියලි පේර අත්තක් දෑතින් ගෙන
ගර්..ර් හඬ මුවින් මතුකර
ගල්කැට ගැලවුන වල පිරුණ
පටු තාර පාරේ අතුල්ලාගෙන ගිය
බාලේ අත් ට්‍රැක්ටරය සිහිවිය...
කොස් කොල ඔටුන්න කුරුම්බැට්ටි මැසිම
පොල්පිති ටිකියා පුවක්පට්ට වාහනේ
නුඹට අහිමි වුනේ මට ජය කැන්දූ දැණුම
අප සිරකල හින්ද නොවෙද එක්ටැම් ගෙයක
උදේ හිරුත් සැරින් රවනා බැලුම්
ගතේ දහඩියෙන් තෙතබරිතව
තත්පර කටුව ලුහුබැඳ දෑත් විසිකර
ටිකක් ඇඟ සොලවා ලහි ලහියේ
දුවනා අඩිපාරේ
වංගුව දෙක ගෙන තාලෙට රූං හඬ දෙන
ඉඳ හිට වේගය අඩුකර හන්දියේ නවතින
ගොරවමින් පණගෙන පිම්මේ දුවන
රටාවට බිම් ගඩෝල් ඇතිරූ තීරුවේ
බන්ඩි ගැහුන වියැලුන දෙබල් අත්තක්
දෑතින් අතුල්ලාගෙන
සීරුවෙන් ඇදෙන පොඩ්ඩෙක්
සෙමින් ලංවී විමසුවෙමි වන්ඩිය ගැන
තෙජසින් කීවා හාලි ඩෙවිඩ්සන් බව
වයසක ආච්චි සෙනෙහසින් රැලි වැඩිකර මුව
සිම්ඹා කවට කොලු පොඩ්ඩා ලං කර
වියලි පේර අත්තක් දෑතින් ගෙන
ගර්..ර් හඬ මුවින් මතුකර
ගල්කැට ගැලවුන වල පිරුණ
පටු තාර පාරේ අතුල්ලාගෙන ගිය
බාලේ අත් ට්‍රැක්ටරය සිහිවිය...
කොස් කොල ඔටුන්න කුරුම්බැට්ටි මැසිම
පොල්පිති ටිකියා පුවක්පට්ට වාහනේ
නුඹට අහිමි වුනේ මට ජය කැන්දූ දැණුම
අප සිරකල හින්ද නොවෙද එක්ටැම් ගෙයක
සමාවෙයන් මගේ පුතුනේ!
අපි අද ඔහොම කියනවා......අනාගතේ පොඩිවුන් එළියකට පළියකටවත් බහීවිද....වරඩහ කාගෙද...අපේ අතේද?....වෙනස්වීමේද?...ලෝකය වෙනස්වෙනවා තමා....හැබැයි බලාන ගියාම ඒ හැටි වෙනසකුත් නෑ...පහුගිය දේවල් මයි ආපිට මොඩ්වෙලා කැරකිලා එන්නේ....
ReplyDeleteඇත්තමයි,, අපේ පුංචි කාලෙ අපි වින්ඳ දේවල් අද ළමයින්ට නැති එක නම් හරිම දුකයි. මට නම් ඒ අතීතයේ මොකක්දෝ සුවඳක් තියෙනවා වගේ දැනෙනවා
ReplyDeleteසියොළඟ දූලී ගා ගෙන එදවස හිටිය
ReplyDeleteබඩ වැටි හෙල් මතුදු වෙල් එලියක සිරිය
මෙදවස මගේ පුතුට නැති මුත් ඒ හරිය
අන්තර් ජාලයේ මං පෙත නම් හුරුය
මම මගේ අතීතයට එක හුස්මෙ දුවලා ගියා....දූවිලි පෙරාගෙන වත්ත වටේ නටලා නටලා එද්දිත් අර නිර්මාණයේ වයසක ආච්චි වගේ අමේ අම්මත් මාව ලංකරගෙන ඉම්බා. මගේ දාඩිය ගැන වගක්වත් නැතුව...
ReplyDeleteඇත්තමයි......අද ඒ අතීතය ලංකරගෙන අපි විඳින සුවද අද ඉන්න ළමයින්ට නම් කවදාවත් විඳින්න ලැබෙන්නෙ නෑ.
http://www.facebook.com/home.php?#!/video/video.php?v=399436362678&ref=mf
ReplyDeleteමට මේක දැක්කම අය්යෙ මතක් වුණේ මේ සින්දුව...
ඇස්වලට කඳුලු ආව මචං මගේ පොඩි කාලේ සහ මගේ පොඩි එවුන් මතක් වෙලා . . . ! උන්ගේ බාල කාලේ අපිම තමයි නැති කරල තියෙන්නෙ. අපේ ජීවිත අරගලය ජයගන්න උන් එක්කම ඒරොප්පෙ ගිහිල්ල උන්ව බිත්ති හතරක් මැද හිර කාරයො කරල, අපි ගත කරපු ළමා කාලය අපි උන්ගෙන් උදුරගෙන කියල මට මම ගැනම මහ විශාල තරහක් තියෙනව මචං.
ReplyDelete@Shadow/හේමලයා:
ReplyDeleteඔබේ විමසුමේ හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. මගේ අදහස "වෙනස" පැති කිහිපයක් ඇති, කාරණා රාශියක සම්මිශ්‍රණයක් - සංකීර්ණ. අර කිව්වා වගේ පරන දේවල් මොඩ්වෙලා ඒවි.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
@හරී:
ReplyDeleteඒ අතීත සුවඳට අපි ඇලුම් කරනවා, හිතෙන් දුවලා යනවා. ඒත් අපේ දරුවනට ඒවා නැති වුණා කියන චෝදනාවෙන් අපිම දඬුවම් විඳින වාර නම් අනන්තයි.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
@විහඟ ගීතය:
ReplyDeleteලස්සන පදපෙලක්, බොහෝම ස්තුතියි
@දිල්:
ReplyDeleteඔව් නංගී ඔබ හරි, අද කාලයේ ලමයින්ට ඒ ලැබීම නැහැ. විශේෂයෙන් අපි වගේ පිටරටවල කොන්ක්‍රිට් වනාන්තරවල අතර මං වූ නිසා අපේ ලමයින්ට ඒ වාසනාව කොහෙත්ම නැහැ. ඒ කාරනයමයි මෙ නිර්මාණයට මග පෑදුවේ.
බොහෝම ස්තුතියි නංගී ඇවිත් සටහනක් තැබීම ගැන.
@චේජනා:
ReplyDeleteමෙ පදපෙල සැකසුවේ අත්දැකීමක් අනුව, ඒත් ඉමෙජ් එක හදාගන්න ඉඩක් ලැබුනේ නැහැ.
බොහෝම ස්තුතියි නංගී එඩ්වඩ් ජයකොඩිගේ සිංදු ලින්ක් එකට, මගේ ප්‍රියතම ගායකයෙක් (හැබැයි තවම බලන්න බැරි වුනා)
@දුමී:
ReplyDeleteඅපි හැමෝම එකම බෝට්ටුවේ නිසා මෙ කතිකාව අපිට දැනෙනවා වැඩියි. මේකත් මගේ ඇත්දැකීමක් පාදක කරගෙන ලියපු එකක් දුමී.
අපි දෙයක් දිනන්න බොහෝ දේවල් නැති කරගන්න වෙනවා. අපි ඒ අතින් අසරණ වෙනවා.
හැබෑම නේන්නම් සහෝදරයා...අපේ ඉදිරි පරපුර කිසිම රසවින්ඳනයක් නැති පිරිසක් වේවිද සහෝ...???
ReplyDeleteසුලා..
හ්ම්ම්ම්ම්
ReplyDeleteඇත්ත අයියේ අපිට වගේ සොබාදහමත් එක්ක ගැටෙන්න අපේ දරුවන්ට ඉඩක් නැහැ තමයි.පුලු පුලුවන් වෙලා වටවත් ඒ ඉඩ ලබා දෙන්නට උත්සාහ කිරීම හැර වෙන කල හැකි දෙයකුත් නැති කොට...??
මගේ සහෝදරය ඇතුළු පවුලේ සැමට...හිත් නිවී සැනහෙන... සාමකාමී..රාමදාන් උපවාස මාසයක් වේවා...........!
ReplyDeleteසුලා...
@සුලා:
ReplyDeleteඅපි රටින් පිට නිසා අපේ ලමයින්ට අපිට පිහිටවූ ඒ සුන්දර වටාපිටාව අහිමිව යනවා. ඒ ගැන අපේ තත්වයේ සිටින දෙමාපියන් දුක් වෙනවා. ඒත් ඒ වටාපිටාව, පරිසරය ඇති ලංකාවේ ඉන්න ලමයින්ට කොතෙක් දුරට පරිසරය හා ගැටෙන්න ඉඩක් ලැබෙනවාද? අද ලමයින්ට ඒවාට ඉඩක් කෝ... පොත් මිටියටම යටකරලා...
ඔව් සුලා, අපි ඊයේ රමසාන් උපවාස මාසය පටන් ගත්තා. වැඩ පැය 6කට සීමා වුනත් මෙ කාලය තුල වෙලාව තමයි ප්‍රශ්ණය.
බොහෝම ස්තුතියි ඔබේ සුබපැතුම් වලට.
@nimanthi:
ReplyDeleteඇත්තෙන්ම අපිට පුලුවන් විදියට ලමයින්ට ඒ අවස්ථාව ලබා දෙන එකයි වටින්නේ...
බොහෝම ස්තුතියි සොයුරියේ ඔබේ සටහනට.
කාලේ වෙනස් වෙනවා . . . ඒත් එක්කම ඊට සමගාමීව හැමදේමත් වෙනස් වෙනවා මචන් . . .. ඉස්සර අපි පුන්චි කාලේ කරපු දේවල් සුන්දර දේවල් කියලා අපේ හිත් ඇතුලේ තියෙන නිසා අපි දුක්වෙනවා අපෙන් පස්සේ පරපුරට ඒ සුන්දරත්වය විඳින්න නොලැබෙනවා කියලා තියෙන තරඟකාරීත්වයත් එක්ක . .. . ඒත් වෙලාවකට හිතලා බැලුවාම අපි හිතුවට ඒක ඒ අයට වදයක් කියලා ඒ අය ඒ රටාවට හුරු වෙල වගේ කියලා හිතෙනවා
ReplyDeleteඒත් උඹේත් මගේත් මේ ලිපි කියවන තේරුම් ගත හැකි කීපදෙනෙකුගේ වත් දූ දරුවන් අනවශ්‍ය රේස් එකක් දුවන්න අපි උත්සාහ නොකලොත් ඒ තරමටම අනාගත පරපුරේ හෙට දවස නරක් වෙන එකක් නැති වෙයි . . නේද . .
ඉදිරිපත් කරලා තියෙන්නේ හරවත් විග්‍රහයක්. නොවෙනස් කල හැකි වෙනස හා ඊට හැඩගැහීම; එයයි වැදගත්.
ReplyDeleteතරඟයෙන් ඈත් වෙන්න උත්සාහ කලත් අපි දුවන්නේ අනුන් අපි පිට පැටවූ අපේම නොවෙන්න පුලුවන් බරක් උස්සගෙන නොවේද?
තියෙන වැඩ රාජකාරී අතරත් ගෙඩවෙලා සටහනක් තියපු එක ගැන බොහෝම ස්තුතියි යාළු.