කවුරුවත් ඇතිරූ පාරක
වේගයෙන් දුවන එන්ජිම
අමුණා ගත් මැදිරි පේලිය
පටවාගෙන සෙනඟ රිසි ලෙස
ඇදෙති ඉස්සරහට
නගා හූ හඬ
පිරිමැද යකඩ පීලි දෙක
සවි කල සිල්පර කොට උඩ
තලා පොඩිකර ගැල් කැට...
විසිරුණ ගල් පාත්තිය සරිකර
ඇණ මුරිච්චි තද කර
යෝධ යතුර කුළු ගෙඩිය
කරපින්නා ගෙන
ලයින්මෑන් පයින් ලුහුබඳි
ඊලඟ කෝච්චියට
මඟ පාදන්නට...
හැමදාම එකම පාරක දුවන කෝච්චිය...පැන්න දාට පිට......:(
ReplyDeleteමං කෙල්ලෝ ගැන හීන දකින්නෙත් නෑ, උන් මං ගැන හීන දකින්නෙත් නෑ, කොච්චර සිම්පල්ද?
ReplyDeleteහරියට ජිවිතේ වගේ නේද...? අපිත් දුවන්නේ වෙන කවුරුහරි හදලා දුන්න මාවතකනේද..?
ReplyDeleteයෝධ යතුර..
ReplyDeleteකුලු ගෙඩිය..
දුටීද
ස්වාමි
පෙළහර...?
අගෙයි, අයියා හැමදාමත් දකින්නෙ අපි හිතන්නෙවත් නැති, තැලෙන පෙළෙන මිනිස් ජීවිත නේද? ඒ අතින් අපි ඔබට වඩා හුඟාක් පසුපසින්
ReplyDeleteඔබට ජය !!!!
බලාගෙන යනකොට අපි ඔක්කොම ලයින් මෑන්ල වගේ තමයි. එක කෝච්චියක් ගියාම අනිත් කෝච්චිය එනකං පීල්ල දිගේ හැල්මේ යනවා (දුවනවා ) . . . කෝච්චිත් එක පස්සෙ එක නවතින්නෙ නැතුවම එනවා . . . !
ReplyDelete@Shadow/හේමලයා:
ReplyDeleteඔව් යාළු පොඩි දෙයකින් පීලි පනින්න පුලුවනි තමා.
@චූටි මල්ලි සහ සහෝදරයෝ:
ReplyDeleteසිම්පලි කොන්ෆියුස් වගේ, මම
@ඉලංදාරියා:
ReplyDeleteඅන්න ඒකයි ඇත්ත කතාව, ඔබ හරි
@තිස්ස දොඩන්ගොඩ:
ReplyDeleteස්වාමි යන්නේ තෙජසින් පිම්බී, පිරිවර පුරවාගෙන කොහේ දකින්න ද යතුර, කුළුගෙඩිය.
බොහෝම ස්තුතියි පදපෙලට.
@හරී:
ReplyDeleteපින්තූරෙකට කවි ලියවෙනවා බොහෝම අඩුයි මං. මේ යොදාගත් පින්තූරය හම්බ වුනේ දිනපතා පුවතක් කියවන වෙලාවේ. ඒ වේලේ ඇතිවූ අදහසක් කවිකරේ.
අපි පාසැල් ගියේ රෙල්පාරක් දිගේ පයින්. ඒ යන එන ගමන දී මෙ ලයින්මෑන් ලා අනන්තව දැකලා ඇති නිසා වෙන්න ඕනේ මේ අදහස ආවේ. ඒත් පදපෙලි තුලින් සරලව ගුරු-සිසු චරිතයත්, ඉන් ඔබ්බට ගිහින් කෙනෙකුගේ දියුණුවට අතහිත දුන් අය අමතක කර අවතීර්ණ වූ සමාජ මට්ටමක පිරිවරාගෙන දුවන යාන්ත්‍රික ජීවිතය වගේ දෙයක් මතු කරන්න ගත් උත්සාහයක්.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@දුමී:
ReplyDeleteදුමීගේ කතාව හරි අපි හැමෝම ලයින්මෑන් වරුන්. ඒත් බය අපිව යටකරගෙන යයි ද කියලා.
තව එකක් IT අපිට ලොන්ඩරිකාරයාගේ ඉඳන් විවිධ චරිත කරන්න වෙන එකේ ලයින්මෑන් හොඳයි වෙලාවකට. කන තියෙනවා නම් පැත්තක අලකටවත් පනින්න පුලුවන්.