
යටකර
ලොකු ගානක්
රුවින්
සැරසුවත්
වීදි කොනක්
විහිඳනා
මද කාන්තිය
සෑහේද නුඹට
පළමු පල කිරීම: 04-02-2010
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
වීදි කොණ
ReplyDeleteසරසමින
මද එළියෙන
රැඳී හිඳිමි මම
යට කළේ ලොකු
ගාණක්
මම නොව
මට ද නොව
ඉදින් මැසිවිලි
නගනු කුමටද
කිමද එහි පල
කනා මැදිරි එළියත් ගනදුරු රැයට
ReplyDeleteගෙනා වෙන් පහන් එළියක් සීරුවට
මනා නොමවුනත් ආලෝකය පිටට
සිනා මඳ පහන් කනුවත් වටී මට
මට මතක් වුනේ ලොකු ගානක් වියදම් කරලා ඇද පැළදගෙන වීදී කොන් වල ඉන්න වෙනත් "කණූ" ජාතියක්... මම වැරදිද දන්නෙ නැහැ..
ReplyDeleteවෙනස් නිර්මානයක් අයියේ...
Kaviya nam podiyi !
ReplyDeleteEeth theeruma nam,
Maha wishaalayi....
මෙහෙම තමයි ගොඩාක් අපෙ ජිවිත.. ගොඩාක් මහන්සිවෙනවා.. එලිය ටිකයි. නමුත් සමහර අය ටිකයි මහන්සිවෙන්නෙ එලිය ගොඩායි
ReplyDeleteසෑහෙන මුත් අමාවක දාට
ReplyDeleteනුඹ විහිදන පුංචි එලිය
වැල කල මුදලට නොසරිලන
කුඩා එලිය නම් අගය කල නොහැක
කිසි විට වැය කල අගය
ගැන සලකන කල
හරියට අයිෆා මෙන් . .
වෙනස් කෝණ වලින් දකින විවිධ අදහස් ගලා එන්න ඉඩ දි තවත් ටිකක් බලා ඉඳිමු...
ReplyDeleteවිනිවිඳ අඳුර..
ReplyDeleteදැල්වෙන පහන
මඳ උවද එළිය..අගය වැඩිවුවද..
කෙරෙන කාරිය...
වීදි සරනා..
නුඹට සරි නම්..කුමට කාරිය...???
සුලා..
ආර්ථික විද්‍යාවේ සිද්ධාන්තයකි....ඉල්ලුමට සරිලන සැපයුම..
ReplyDeleteසුලා..
මෙ පුංචි පදපේලියට එකිනෙකට වෙනස් අර්ථදැක්වීම් කිහිපයක් ලැබී තියෙනවා, ඒ ගැන සතුටුයි.
ReplyDeleteමෙ නිර්මාණයෙන් දැක්වෙන්නේ විසිතුරු පහන්ටැඹක ඉහළ කොටසක්. එතුල විදුලි බුබුලු තුනක් දැල්වෙන නමුත් ඉන් විහිදෙන්නේ මද එළියක්. නගර අලංකාරය මුල් කරගෙන මෙවන් දේ සඳහා විශාල මුදලක් වැයකරත්, ඉන් විශාල විදුලිබලයක් දහනය කලත් ප්‍රමාණවත් එළියකට වඩා බලාපොරොත්තු වෙන්නේ අලංකාරය.
ඒත් මින් උත්සාහ ගත්තේ "ආයාසයේ තරමට ප්‍රතිඵල නැති දෙයක් කිරීම" යන සරළ පණිවුඩය මතු කර දැක්වීම.
@චේජනා :
ReplyDeleteමොස්තර යොදා
අච්චුවේ හදා
සවිකර කදා
උජාරුවට සදා
මිලකලා එදා
හැඩරුව හින්දා
මනබැදි උන්දා
හයිකල හින්දා
ඉමු රුව රන්දා
වැඩි ගානක් යන්නේ ටෙන්ඩර් බෝඩ් එකට නේ...
බොහෝම ස්තුතියි නංගී ලස්සන පදපෙලක් එක් කලාට
@විහඟ ගීතය:
ReplyDeleteගනදුරේ මද එළියද සම්පතකි, එකඟයි.
ලේබලේ අගේ හින්දා
වැඩි මුදලක් බැන්දා
ඕඩරේ ඩිලිවරි වැන්දා
කොලිටියා කොහේද උන්දා
නෝ රිටන්! අහුවුනා ද මන්දා
@මින්දද:
ReplyDeleteනිර්මාණය විවිධ අරුත් දෙන බව මුල්පල කිරීමේ දී දුටුවා, එනිසා ඔබට අරකී "කණු" ගැන අදහසක් ඇතිවී ඇතැයි සිතමි.
බොහෝම ස්තුතියි මල්ලී සටහනක් එක් කිරීම ගැන.
@Muthu Paba:
ReplyDeleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
පදපෙලක් අරුත් ගනනාවක් දෙනවා නම් එය වඩාත් සාර්ථකයි නේද.
බොහෝම ස්තුතියි සටහනක් තියපු එක ගැන.
@රවා:
ReplyDeleteනිර්මාණය ගැන මල්ලිගේ අදහස හරියටම මගේ හිත කියෙව්වා වගේ...
මල්ලී කී ලෙස චුට්ටක් මහන්සි වී වැඩි පල ලබන අද ඉන්නවා, ඒත් ඒවා පලදරනවාද කියන්න අමාරුයි.
@දුකා:
ReplyDeleteආයෙත් මොකද උණු උණු කාලීන ටොපික් එකකින් නිර්මාණය ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ.
@සුලා:
ReplyDeleteමගේ අර්ථ දැක්වීම කියවන්න යාළුවේ.
ඉල්ලුමට සැපයුම් දම්වැලින්
අතරමැද ටෙන්ඩර් මණ්ඩලින්
හුරාකන වෙනස් කර ලේබලින්
අඳුර පවතින තුරු රජයයි බේගලින්
(සැපයුම් දම්වැලින් = supply chain)
කෙතරම් අගේ වුවත් මා මිල මුදල
ReplyDeleteදෙන්න හැකි මෙපමණකයි නුඹ එළිය
මෙයත් එපා නම් යන්නෙමි දී අඳුර
සඳත් ඉරත් එකවිට නොම වෙයි අහස
හිස්වුනාට අතේ හැඹිලිය
ReplyDeleteනොදුන්නාට වැඩි එලිය
උගුල්ලන්නට බැහැ බලිය
රැවටුනාට ගෙවනවා පලිය
ඇත්තනේන්නම්, දෙන්න පුලුවන් තරම් එලියට වඩා කොහෙන් දෙන්නද වෙන...
බොහෝම ස්තුතියි පදපෙලක් සංග්‍රහ කලාට