Saturday, June 5, 2010

කඟවේනිය නුඹ


දිර්හමට ගන්න සමූන්
පහෙන් එකක් උදෙටත්
ඉතිරියෙන් දෙවෙලත් යම්තම් පිරිමහා
පාට්-ටයිම් හතර පහ
දවසේ මැරතනය දුවලා
වීසා-ඇන්ටි ට ගෝස්තරය පුදලා
ඉතිරි කාසි යවන්නෙ...

මූලික තෙමෝ
සුදු අසුපිට...
දූ කුමරිය
මොස්තර තරඟෙක...
කුමාරයානන්
බොබ්-මාර්ලි අනුස්මරණයේ
පැෂන් වෘන්ත රටා
දුවපු පාට ඇදුමින් වෙනසක් දෙසනවා

මෙවුන් සැම
අවුරුදු ගානක් දුවවන
කඟවේනිය නුඹ
ගුවනින් බැස...
ඩියුටි ෆ්‍රී වැඳ
මහතුන්ගේ පින් කැටත් පුරවා
බැගේජ් අරන්
ගෙදර ආවේ
දැසින් දකින්න ද
මුදලාලිට සින්න වෙන ගෙය...

සටහන:
මැද පෙරදිග රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදාවුයේ 1970 මැද බාගයේ. ඒ නොබැඳි ජාතින්ගෙ හවුල සම්බන්දව අප රට කල ඉමහත් සේවය වෙනුවෙන් මෙ අවස්ථාව උදාකලා කීවොත් නිවැරැදියි. එහෙත් මැද පෙරදිග රැකියා අවස්ථා වඩාත් සුලබ වුනේ 1976න් පසුව. දශක හතරකට වඩා වැඩි කාලයක් මැදපෙරදිග සේවයේ නියුක්ත වූ අය අප රටේ ආර්ථිකයට දුන් උරදීම සුළු පටු නොවේ, මෙය කාලයක් ලංකාවට විදේශ විනිමය උපයා දුන් ප්‍රධාන මර්ගය විය.

මැදපෙරදිග සේවයේ නියුතු පිරිස අතරින් විශාල සංඛ්‍යාවක් කාන්තා පක්ෂය කීවොත් වැරදි නැහැ. ගෘහ සේවය, පාසැල්, රෝහල්, වෙලඳ ආයතන, නිමි ඇඳුම් (ගාමන්ට්) කර්මාන්ත යනාදි විවිද සේවයන්හි යෙදුනත් මොවුන් ගෙනියන ජීවන සටන සුලු පටු නොවේ.

වසර ගනනක් දුෂ්කර සේවයේ යෙදී ඔවුන් ආපසු ගමරට එන්නෙ දහසක් පතුම් පොදි බැදගෙන. ඒත් බොහෝ විට ඔවුන්ට දකින්න වෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. මොවුන් දහදුක් විද ලබාදෙන රන්කහවනු නිසාම විනෝදයෙන් සැහල්ලුවෙන් ඒව කබාසීනියා කරන කතා විරල නොවේ. එවන් කරුනු නිසාත්, බලකිරීම නිසාත් නැවත මැදපෙරදිග රක්ෂාවකට ම තල්ලුවෙන අය සුලු පටු නොවේ.

මෙ අම්මාවරුන්, සොයුරියන්, දියණියන් අපේම සමාජයේ පිරිසක් වුනත්, ඔවුන්ව මෙවන් රක්ෂාවකට බලකරන්නේ අපේම සමාජයේ ඇති දුෂ්කරතා වුනත්, ඔවුන්ට එම සාමාජයම හෙලන වපැරැස, අලවන ලේබලය වෙනස් විය යුතුය. මොවුන් ගෙනෙන විදේශ විනිමය වටී නම් රටට ඇයි ඔවුන්ව අවතක්සේරු කරන්නෙ.

මෙ නිර්මාණයේ යොදාගත් නුහුරු වචන:
දිර්හම්: එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ මුදල් ඒකකය.
සමූන්: ලංකාවෙ ඇති කිඹුල් බනිස් වලට සමාන පැනිරසක් නැති පාන්වැනි කුඩා බනිස් වර්ගයකි (ෆින්ගර් රෝල්), සැන්ඩ්විච් වර්ග ආදිය සඳහා යොදා ගනී.

පළමු පල කිරීම: 24-01-2010

22 comments:

  1. 2000 වර්ෂයේදී මිනූ නංගියේ පවුලත් සමග මැදපෙරදිග රටවල් කීපයක සංචාරය කරන්නට මට අවස්ථාවක් ලැබුනා.දෝහා කටාර් , අබුඩාබි සහ ඩුබායි නගරවල. මට එහි සේවය කරන කාන්තාවන් කීප දෙනෙක් එක්ක කතා කරන්නත් අවස්ථාවක් ලැබුනා. අබුඩාබි නගරයේදි. එක කාන්තාවක් මේ කතාවම මට කිව්වා අයියේ. ඇයට එතරම්ම වයසකුත් තිබුනේ නෑ. අවුරුදු 4 1/2 අබුඩාබි වල අනුන්ට කඹුරලා යවපු සියළු මුදල් ඇගේ සැමියා විසින් නැති නාස්ති කර පමණක් නෙමේ අන්තීමෙදී ගෙදරත් සින්න වෙලා තිබුනා. එකම දියණියත් කවුදෝ නන්නාදුනනා තරුණයෙක් එක්ක හොර රහසේම ගිහින්ලු....

    ඒ වගේම මැදපෙරදිග ඇවිත් යහමින් හොයාගෙන ගිය සැම සතෙන්ම වඩක් අරන් සතුටින් ජීවත් වෙන කෙනෙකුත් මට හම්බ උනා...

    හැම දෙයකම හොඳක් සහ නරකක් තියනවලු. මට වඩා මැදපෙරදිග තත්වය ගැන අයියට ඇති අත්දැකීම ඉතා විශාලයි....ඒ අත්දැකීම තුලින් කල මේ නිර්මාණය ඉතා විශිෂ්ඨයි

    ReplyDelete
  2. ඇත්තටම අපේ සොයුරියන් මේ වහල් සේවයට නොයනවා නම් හොඳයි. හේතුව එයින් වඩාත් සිදුවන්නේ හොදක් නොව නරකක් බැවිනි.

    ReplyDelete
  3. ඉස්සරටත් වඩා විදේශ රැකියා වෙළඳපොල ගැන මේ රටේ මිනිස්සු උනන්දු වෙනව. හේතුව විරැකියාව සහ ජීවන වියදම් අධිකව ඉහළ යාමට සාපේක්ෂව මෙරටෙහි ශ්‍රමිකයන්ට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නොයාමයි. අත්‍තනෝමතික පටු දේශපාලන තීරණ හේතුවෙන් කවදත් අපහසුතාවයට පත්වන්නෙ අහිංසක ජනතාවයි.
    ඔබේ නිර්මාණය අනර්ගයි.

    ReplyDelete
  4. නිර්මාණය අනර්ගයි.
    ඉතා හොඳ මාතෘකාවක් ගැන සංවේදී සටහනක්..

    ReplyDelete
  5. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  6. මේවටනේ මචෝ කවි කියන්නෙ..
    ව්‍යංගාර්තය අති විශිෂ්ඨයි.....

    මේ ප්‍රශ්නය අති සංකීර්නයි.. සාපෙක්ශයි.. සංවේදීයි..

    වෙලාවක බීලම කතාකරමු...

    ReplyDelete
  7. කඟ වේනියක තරමට දිව යන හැල්මේන්
    වීරිය පාරමී හිත පුරවා ගනිමින්
    සීරුවටම නොවූවත් විඳ විඳ ගැහැටින්
    කාරිය නුඹලගේ සලකාවිද කව්රුන්

    ReplyDelete
  8. මම ඊයෙ ලිව්ව විතරයි නෙ මම මැදපෙරදිග ගතවන ජීවිතය ගැන දැනගන්න කැමතියි කියල.. අය්ය අද ඒ ගැන හොඳ post එකක්ම දාල තියෙන්නෙ.. ඇත්තටම දුක්බර කතාවක් මේක අය්යෙ.. එක පැත්තකින් මේ අයගෙ ගෙදර මිනිස්සු අය්ය කියන්ව වගෙම මේ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නාස්ති කරනව.. අනිත් අතින් කොටසක් මේ මිනිස්සුන්ගෙ දුක වවාගෙන කනව.. ඔය දෙකෙන්ම බේරිල කීයක් හරි හම්බ කරගෙන ලංකාවට ආවම ආයෙ අපෙ මිනිස්සු හෙලා දකින හැටි..ඒක තමා මම අකමැතිම දේ..

    "ඔවුන්ට එම සාමාජයම හෙලන වපැරැස, අලවන ලේබලය වෙනස් විය යුතුය. මොවුන් ගෙනෙන විදේශ විනිමය වටී නම් රටට ඇයි ඔවුන්ව අවතක්සේරු කරන්නෙ." අය්ය ලියපු මේ වචන ටික මටත් ඔය විදියට ම කියන ඕනෙකම තියෙනව..

    අනිත් අතින් මම ඕකෙ තව පැත්තක් දකිනව.. සංවර්ධිත රටකින් මොනා කරල සල්ලි හම්බ කරගෙන ගියත් ඒ සල්ලි ඇයි ඉහළින් සැලකෙන්නෙ කියල...

    ReplyDelete
  9. @දිල්:
    ඔව් නංගී මැදපෙරදිග රස්සවට ඇවිත් දුක් විඳ ජීවිතය ගොඩදාගත් අය වගේම අගාදයටම වැටුණ අයත් එමටයි.

    ඒ දිපිරිසටම අයත් අය මුණගැහෙන්න ඔයාටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. බොහෝම ස්තුතියි මෙ තොරතුරු බෙදාගත්තාට.

    ReplyDelete
  10. @මැණික්(සුළඟ):
    ඔබේ අදහසට මාත් එකඟයි, ඒත් මෙ අසරන කාන්තාවන් කර කියා ගත හැකි දෙයක් නැති වෙන කොට මෙ option එකට තල්ලු වෙනවා.

    එ තත්වය අපේ සමාජයෙන් ඉවත් වෙන තුරු මෙ අසරණ තත්වය වලකන්න බැහැ.

    ReplyDelete
  11. @``` Outsider```:
    යතාර්ථවාදී විමසුමක් එක් කල මිතුර ඔබට මගේ තුතිය.

    ReplyDelete
  12. @Ansh Lucky Sri Jay:
    බොහෝම ස්තුතියි නගේ ඔබේ ඇගයීමට.

    ReplyDelete
  13. @මාතලන්:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    ඔබේ ඇගයීම ශක්තියකි, ස්තුතියි.

    ReplyDelete
  14. @විහඟ ගීතය:
    උන් විඳිනා දුක දකින අපි
    පිහිටක් වෙන්න බැරි අසරණ අපි

    ReplyDelete
  15. @චේජනා:
    මෙය කලින් කල නිර්මණයක්, ටිකක් පහුවෙලා ගල්මල් අඩවියේ පලකරන්න සිතා සිටියේ. ඔබේ සටහන දැක්කාම පොස්ට් එක දාන්න අදහස් කලා.

    මෙ නිර්මාණයට මා දැන සිටි තොරතුරක් පාදක වුනා. තවද මෙ දේශයේ සේවය කරන අය අලලා කල නිර්මාණ කිහිපයක් ඉදිරියේ දී එළිදක්වන්න අදහස් කරනවා.

    විස්තරයක් එක් කිරීම ගැන ස්තුති කරනවා.

    ReplyDelete
  16. ඇත්තටම සුන්දර ඒවාගේම කාලීන වැදගත් මාතෘකාවක් ඔස්සේ සිතිවිළි මෙහෙයවාපු මගේ ගල්මල් සහෝදරයාගේ මානවදයාවේ තරම මේ නිර්මාණයෙන් මා දකිනවා..

    වසර ගනනාවක් තිස්සේ මේ වැලිකතරේදී නා නා තරාතිරමේ ලාංකීය හිතවතුන් සහ හිතවතියන් ඇසුරුකර නොයෙක් විදිහේ සමාජ ක්‍රියාකාරකම් සිදු කොට පළපුරුද්දක් ඇති මට උක්ත කාරණය පිළිබඳව ගොනුකොටගත් අත්දැකීම් සමුදායක් ඔබ හා බෙදා හදා ගැනීමට ඇතැයි සිතමි..

    අදවනවිට ශ්‍රී ලාංකීය ආර්ථිකයේ එසේත් නැත්නම් විනිමය සපයන ප්‍රධාන බලවේගය මේ මැද පෙරදිග සේවයේ නියුතු ගෘහ සේවිකාවන්,නොයෙක් කර්මාන්තශාලාවල සේවය කරන්නියන්ගේ ලේ කඳුළු දහදිය තුළින් ඉපැදෙන දිරාම්,රියාල් බව නොකිවමනාය...එහෙත් ඔවුනට නිසි සැලකුම් ලැබෙනවාදැයි සෙවීම සහ කතාකිරීම වෙනමම සිදුකළයුත්තකි...
    තමා සන්තක කණකර,ඉඩකඩම් උකස්කර තම සැමියන් දූදරුවන් සහ හිතැත්තන්ගෙන් වෙන්ව කඨෝර මේ බිමට පැමිණෙන බොහෝ කාන්තාවන් පැමිණනවිට මේ දේශයන් පිළිබඳව උන්ගේ ඇති දැණුම අල්පය..මේ හේතුවෙන් සංස්කෘථික අතරමංවීමට ලක්වන මේ උදවිය බෝහෝ චිත්ත පීඩාවන්ට ගොදුරුවේ...හාම්පුතුන්ගේ චර්‍යා රටාවන්ට අනුගත වන්නට අපොහොසත්කම නිසාවෙන් බොහෝ ගැටළුවලට මුහුණ දුන් කාන්තාවන් එමටය...ඔබ දන්නවාද..???...එමීරයේ පමණක් හැම සතියකදීම ගෘහසේවිකා සේවයට පැමිණෙන කාන්තාවන් පහක් හෝ හයක් හාම්පුතුන්ගේ පීඩාවන්ට මුහුණදීමට නොහැකිව හෝ වෙනයම් හේතුවක් නිසාවෙන් තානාපති සේවාවල පිහිට පතා පැමිණෙන බව...නැවත මවුරටට යාමට ලිපි ලේඛන සකසන තෙක් ඔවුන් මෙහි රැඳී සිටිති...කේදවාචකය නම් නැවත ඔවුන්ට මව් රටට යාමට සිදුවන්නේ ඇඳිවතට පමණක් සස්වාමිකවය...අතපසු වීමකින් හෝ මම ඔවුන්ගේ මුහුණු බැලීමට මැලිවෙමි...සියළු දුක්ඛ දෝමනස්සයන්ගේ කැඩපත ඒ මුහුණුවල පිළිබිඹුවන බැවිනි..
    එසේම..එම කොට්ඨාශය හැරුණු කොට සමාජ සේවාවන් හිදී මෙහි ගෘහසේවයේ යෙදී සිටින විශාකාවන්,අම්බපාලියන් මෙන්ම චිංචිමානවිකාවන් සමඟද කටයුතුකොට ඇත්තෙමි..ඔබ පිළිගන්න...මේ දේශයේ බෝහෝ ස්මාජසේවාකටයුතුවලදී තම මුදල් පරිත්‍යාගයන් වැඩිපුර සිදුකරන්නේ මෙමෙ ගෘහසේවිකා සහෝදරියන් මිස වැඩි වැටුප්තලයේ සිටින ඉංජිනේරුවන් ඝණකාධිකාරීවරුන්,ප්‍රමාණ සමීක්ෂකයන් වැනි අයවළුන් නොවේ...රණවිරුවන් වෙනුවෙන් වන පරිත්‍යාගයක්දී වේවා..පුණ්‍යමය කටයුත්තකදීවේවා ඒ අයගේ දායකත්වය ඉතා ඉහළය...
    එක් උදාහරණයක් ඔබට කියන්නම්...එක් කාන්තාවක් වසර දෙක අවසානයේ තමනට ලැබුණු දීමනා සියල්ල (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් පමන )රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් පරිත්‍යාග කළාය...ඇය මුණගැසෙන වාරයක් වාරයක් පාසා මගේ හිත ඈ කෙරේ ගවුරවයෙන් පිරී යයි...මම ඇයට කටපුරා "අම්මා" යැයි අමතමි......තම හාම්පුතුන්ගේ ගවුරවාදර සහිතව සේවයකරණ සේවිකාවන් එමට හමු වී ඇත...ඔවුන් බොහොමයක් දෙනා ජීවිත සාර්ථක කරගෙන ඇත...ඊට අමතරව තම දූ පුතුන්,සහෝදර සහෝදරියන්ද ගෙන්වා ඔවුනටද ජීවත්වීමේ මාර්ග සකසාගෙන ඇත...සමහර කාන්තාවන් තම සැමියාද සමඟින් එකම නිවසේ සෙවයකරමින් ඉතාමත් ආදර්ශවත් ලෙස ජීවත්වනුද දැක ඇත්තෙමි..
    එසේම...ඇතැම් සේවිකාවන් තමා සේවයකරණ නිවසට අමතරව වෙනත් නිවෙස්වලද සේවය සොයාගනිමින් අමතර මුදල් උපයයි....නමුදු මෙහි නීතියට අනුව ඒවා නීතිවිරෝධී ක්‍රියාවන් වේ...
    සමහර ලාංකීය කතුන් මෙනුවර වීදිවලදී නොයෙක් රූපීවද දැක ඇත්තෙමි...තිබෙනවාට වඩා උසස් තත්වයක් පෙන්නුම් කරමින් තොරොම්බල් කරත්තමෙන් දිස්වන මේ උදවියගෙන් සමහරක් ඉංදියානු ජාතිකයින්,පාකිස්ථානු ජාතිකයින් රවටා අනිසි හැසිරීම්වලින්ද මුදල් උපයනු බවද අසා ඇත්තෙමි..

    තවත් මේ පිළිබඳ බොහෝ දේ මා සතුව ඇතියැයි හඟිමි...මේ අඩවියේ හිමිකරුවා ඉදිරියේදී ලියන ලිපිවලදී වැඩිදුර අදහස් දක්වන්නට සිතමි...

    සටහන සිතුවාට වඩා දිගුවීම පිළිබඳව සමාවුව මැනව..

    සුලා..

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. සුලා අය්යෙ,
    ගොඩක් ස්තුතියි.. ලෝකය පිළිබඳව මගේ අවබෝධය වැඩි දියුණු කරගැනීමට තවත් අවස්ථාවක් ලබාදීම වෙනුවෙන්... ඒ අත්දැකීම් සැබැවින්ම දු‍ටු ඔබ වෙතින්..කියවෙන ලියවෙන දේ බොහෝසෙයින්ම වටිනවා...

    ReplyDelete
  19. @චේජනා....
    බොහෝම ස්තූතියි නංගා....බලන්න මේ ගල්මල් සහෝදරයාගෙ අදහස්...පළකරණ හැම ලිපියකින්ම මනුස්සකම දෝරගලනවා..අපි හරිම වාසනාවන්තයි නංගියෝ මේවගේ උදවියත් එක්ක හදවතින් පෑහෙන්න...

    සුලා..

    ReplyDelete
  20. @සුලා:
    සොයුරේ නුඹට මගේ ආචාරය. තමුන් මොනතරම් විශාල කොටසක් කරනවා ද අදහසක් මින් ගන්න පුලුවනි.

    විස්තර ලෙස ලියනවා නම් කෙළවරක් නැති තරම්. විවිධ හේතූන් මත අතරමන් වූවන්, අසරණ වූවන් ගෙන් අඩුවක් නැත. ඒවගේම උපකාර කරන මුදු සිත් ඇත්තන්ගේ ඇඟිලි පමනක් නොව අත්ද හපා කා පලා යනවුන් ද එමටය.

    අනේක මා උත්සාහයෙන් මග හැරිය කොටසක් ඇත. එය; 1996-2000 කාලය තුල දී නොයෙක් ගාමන්ට් වල රස්සාවට පැමිණ අසරණ වූ අය බොහෝ විය. ඒ කාලයෙ මෙහි ප්‍රමුඛ ඉංග්‍රීසි පුවත්පක සේවය කලා අපේ ප්‍රවීන පුවත්පත් කලාවේදිනියක්. ඇගේ මූලිකත්වයෙන් අපි සමහර මාසවල දී අසරණ වූ ගාමන්ට් සේවිකාවන්, ගෘහ සේවිකාවන් ආදී අයට ගුවන් ටිකට් දහයට වඩා සපයපු අවස්ථා තිබුණා. අපි අතර කීප දෙනෙක් හිටියා මාසික පඩියෙන් ගානක් වෙවැනි දේ වලටම වෙන්කර.

    සුලා, දැනටමත් නිම කර නිර්මාණ දෙකක් ඇත. ඉදිරියේ දී කරන්න තවත් විස්තරයක් ඇත. මේවා ලියලා හිතින් ලොකු අරගලයක් කරන්න වෙනවා. බලමු.

    සුලා, අවැසි තැනදී පිටුපා යන්න බැහැ. ඒත් අපි කරන්නේ ඕඩු දුවපු තුවාලයකට ප්‍රථමාදාර කර පැලස්තර දැමීමක් ද සිතෙන වාර අනන්තයි.

    අපිත් අසරණයි යාළු.

    ReplyDelete
  21. 2001 වසරේ දවසක් අපි බෙහෙත් අරන් එන ගමන් ඇඳුම් පැලඳුම් ඇති ලොකු ෂෝරූම එකක්ට ගොඩවුනා. අපි කතාකරමින් අරාබි නෝනා කෙනෙක් පසුකරමින් යනවිට බලාපොරොත්තු නැති ලෙස ඇය අපිව නැවත්වූවා. අසල සිටි තරුණියක් පෙන්වා අපෙන් අහනවා මේ ඉන්නෙ මගේ නංගී, එයා එක්ක ටිකක් කතා කරලා යන්න කියලා. බැලින්නම් ඇය ලාංකික තරුණියක්, අර නෝනා ගාව වැඩ කරන ගෘහ සේවිකාවක්. කිව්වට විශ්වාස කරන එකක් නැහැ, අර නෝනා ගන්නා විදියටම පාවහන්, හෑන්ඩ් බෑගයක් අරන් දීලා ඇයට කීවා ඕන විදියට ඇඳුම් තොරාගන්න කියා.

    අපි ඉතිං චුට්ටක් කතා කරලා පිටත්ව ආවා.

    දවසක් දුව මොන්ටිසෝරි එකෙන් එනතුරු සිටි අපේ ගෙදර ඇත්තන්ට දවසක් ඒ දෙදෙනා නැවත හමුවෙලා. පුදුමයක තරම ඔවුන් පදිංචි වී සිටියෙත් අපේ ගෙවල් ලඟම. ඒත් එවේලේ කියා තිබුනා බලාපොරොත්තු නොවූ ලෙස ස්ථාන මරුවක් නිසා ඩුබායි වලින් පිටත්ව යන බව.

    ඇය UAE ජාතික දොස්තරවරියකි, අර සොයුරිය පින්කර තිබුණා එතරම් යහපත් අයෙක් ලඟ වැඩ කරන්න.

    මේ ටික මා සඳහන් කලේ සුලා සොයුරා සඳහන් කර විදියට ඉතා යහපත් ලෙස ජීවිතය සකසා ගන්න අයත් ඉන්න තවත් කතාවක් ගෙන හැර දක්වන්න.

    ReplyDelete
  22. ගොඩක් ස්තුතියි අය්යෙ, ඔයාල ගෙ අත්දැකීම් එකතු කරන එක ගැන.. අපිට යමක් දැනගන්න.. මගෙ යාළුවෙක්ගෙ අම්ම හිටිය මැද පෙරදිග රටක.. ඒත් ඇය වැඩකළේ මැද පෙරදිග සිටි බ්‍රිතාන්‍ය ජාතික යුවලක් ළඟ.. අවසානයේ ඔවුන් යද්දි ඇයව එක්කගෙනත් ගියා, මගේ යෙහෙළියත් අවසන ඇගේ ජීවිතය සාරථක කරගත්ත.. අම්ම නැතිව හැදිලත්...
    එතෙන්දි නම් ඇගේ මව වාසනාවන්තයි වගෙම ඔවුන් ලබන්න අනිත් අතින් ඒ අම්මා ඇය විසින් බලාගත් අර යුවලගේ දරුවාටත් බොහෝ ආදරේ වෙලා තිබුන.. ඇය ඔවුන්ගෙ හිත දිනාගන්න හේතු වුනේ එය, අනිත් අතින් මගෙ යාලුවත් හරිම දෛර්යවන්ත හා කාරිණික කෙනෙක්..

    ReplyDelete