Thursday, February 21, 2013

ප්‍රහේලිකාව (ජිග් සෝ)



මැන මිමි
දුවා කියත
සිත් සේ
කෑලි කල
පරිපුන් සිතුවම
යාකර හැදුමට
වෙහෙසෙන
හදමින් කඩන
කඩමින් හදන
සෙල්ලම
කියත්දැති පෑරු
හිදැසි ම
ඉඟි දෙන

Wednesday, January 16, 2013

තරාදිය



තට්ටු දමින්
දණ්ඩ දෙකෙළවර
එල්ලෙන
කොක්ක උඩින්
මුදලාලි ඔසවා
රඳන
කටුව මැදින්
අතින් මුවාකර
වැහෙන
පඩි බර
පැත්තට නිති
ඇදෙන

Image Souce: http://img2.etsystatic.com

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts