Friday, August 20, 2021

කටු අකුලේ පිපෙන - The Roses

 


කුරුල්ලොත් පලා ගිහින් ද
බියවි සයිරන් නලාවට 
නිදි නැතිව උන්නත්
කනවැකෙන තුරු අසාන් හඬ
විනාඩි කීපයක නින්ද
අවදි කළේ පන්සිල් නද

හැඟුම් බර මුහුණු
එල්ලාගෙන උණුවතුර බෝතල
පුංචි උරමලු, දුවන්නේ උදෙන්ම
පුරෝගෙන පැතුම් නිරතුරු

ඇයි තව හැංගිලා මලානිකව හිරු
මන්ද මා විවර කළේ කවුළුව
දකින්නට ලොරි පෙළ
බුරුත පැහැ ගැන්වූ පෙට්ටි ඇසිරු

නැඟ අසුපිට සැරසී සුදෝ සුදු
ඉනවටලා අත උරහිසට මුමුණන, 
පාපැදිය පරණ'මුත් තවම තරුණයි 
සැතැපුම් ගණන් පැද යන සොයුරන්,
රිය පෙළහැර පාට පාට ධන සටහන්
කඩි මුඩියේ ජීවක කැල
දුවන්නේ කෙලෝරක් නැති මැරතනයට...
ඉරා අඳුරු පට එබී බලන හිරු රැස්
වාසනාවකි කටු අකුලේ පැතුම් මල් පුබුදන
සුරැකේවා ලබා සියලු දිරි සුව සවි
අපි ඉමු පරිස්සමෙන්
ඒකයි ඔවුනට කරතෑකි ඉහළම ගරු

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts