Wednesday, November 4, 2015

ජිල් බෝල



වටකර පාට හැඩතල
විනිවිද වීදුරු බෝල
නෙක සෙල්ලම් පාන
දිලිසි දිලිසී සාප්පුවෙන් එන
නවමු ගිනි ටොයියන්
ගැටී උරෙනුර මතුවුණ කඩතොලු
ඔප මොට කබ්බන්
රොක්වෙලා මැදිකර ජිල් වල
හිරවී ඉරි හතරක කොටුවක
බෝල සෙල්ලම
තියෙන තුරු හැඩ වටකුරු...
වීදුරු බෝල
දිලෙන
පාට හැඩතල පාමුල
විනිවිදය මියැදෙන,
ටිකෙන් ටික දිස්නේ මිලිනව
බොඳවෙන
තව ඉත්තෝ පිලෙන් පිලට එක්වෙන

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts