
ජයගෙන නැග උසට
විඳගෙන රළු රල
බේරා ගල් පර
පෙන්වා නිසි මග
ලොකු පොඩි හැමට
බෙදනා එළිය දුරට
බිඳුවක් ලැබෙයිද
එක්ටැම් ගේ
අඳුරේ හැම
විඳගන්නා නුඹට
පිදුම:
ලබාගන්න නොව ලබාදෙන්න වෙහෙසෙන හැමට උපහාරක් සේ ගෞරවයෙන්
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
short & sweet....
ReplyDeleteබොරු එළි දල්වලා ගල් ගොඩවල්වලට නැව් දක්කලා එව්වා කැඩිලා බිඳිලා ගියහම බඩු කොල්ලකන ලෝකයක....!
ReplyDeleteකදිමයි...!
අපූරුයි !
ReplyDeleteහේමලයා කිව්ව වගේ short & sweet....
අනුන් වෙනුවෙන් දල්වා එළියක්
ReplyDeleteතමා අඳුරෙම සිටින
කලාතුරකින් හමුවන
මිනිසුන් වැනිය
ප්‍රදීපාගාරය...
This comment has been removed by the author.
ReplyDelete@Shadow/හේමලයා:
ReplyDeleteඔබ පද දෙකකින් ලඝු කල විසල් කතාවත් අපූරුයි යාළු...
@තිස්ස දොඩන්ගොඩ:
ReplyDeleteරජ කලද බොරුව සේ ඝණාඳුර
බැබලේ ඇදීයන සියුම් එළි කිරණ
නොදිලුනට රන්වන් මිණි පහන
බබලවයි සුවාසක් නොදිලෙන තරුන
එවන් මිණිපහන් අසුර ලැබීමත් භාග්‍යයක්, ඔබ තුමාත් ඇතුළුව.
හ්ම්...
ReplyDeleteඅමනුස්ස ගති අතර
මනුස්ස කම හොයන
තීර්ථ යාත්‍රිකයනට මගකියන
ප්‍රදීපාගාරයයි නුඹ...!
@sansarasidu:
ReplyDeleteඔව් මල්ලී, අපේ සමාජයේ ඉන්නා අනුන් වෙනුවෙන් වෙහෙසෙන සත්‍ය මිනිසුන්ට පොඩි උපහාරයක්, පොඩි පදපෙලක්.
බොහෝම ස්තුතියි මල්ලී සටහනට.
@nimanthi:
ReplyDeleteඝණාදුරට විහිදෙන පුංචි එළිකිරණක් වුනත් අගේය.
බොහෝම ස්තුතියි නංගී අගේ ඇති පදපෙලට.
@ඇනෝ:
ReplyDeleteමලේ උත්සාහ කලේ අප අතර ඉන්න අතලොස්සක්, අපි නොදන්න තවත් ස්වල්පයක් වුනත් ඇති; ඒ මිණිපහන් මතුකර තුති කිරීමයි. අඩුම වශයෙන් ඒ විඩාබර සිත් දරන කඳන් වලට සිහිල්පොදක් ඉසින්නයි. අපි අපේ කොටස කරමු.