Friday, September 10, 2010

ප්‍රදීපාගාරය


ජයගෙන නැග උසට
විඳගෙන රළු රල
බේරා ගල් පර
පෙන්වා නිසි මග
ලොකු පොඩි හැමට
බෙදනා එළිය දුරට
බිඳුවක් ලැබෙයිද
එක්ටැම් ගේ
අඳුරේ හැම
විඳගන්නා නුඹට

පිදුම:
ලබාගන්න නොව ලබාදෙන්න වෙහෙසෙන හැමට උපහාරක් සේ ගෞරවයෙන්

11 comments:

  1. බොරු එළි දල්වලා ගල් ගොඩවල්වලට නැව් දක්කලා එව්වා කැඩිලා බිඳිලා ගියහම බඩු කොල්ලකන ලෝකයක....!
    කදිමයි...!

    ReplyDelete
  2. අපූරුයි !
    හේමලයා කිව්ව වගේ short & sweet....

    ReplyDelete
  3. අනුන් වෙනුවෙන් දල්වා එළියක්
    තමා අඳුරෙම සිටින
    කලාතුරකින් හමුවන
    මිනිසුන් වැනිය
    ප්‍රදීපාගාරය...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. @Shadow/හේමලයා:
    ඔබ පද දෙකකින් ලඝු කල විසල් කතාවත් අපූරුයි යාළු...

    ReplyDelete
  6. @තිස්ස දොඩන්ගොඩ:
    රජ කලද බොරුව සේ ඝණාඳුර
    බැබලේ ඇදීයන සියුම් එළි කිරණ
    නොදිලුනට රන්වන් මිණි පහන
    බබලවයි සුවාසක් නොදිලෙන තරුන

    එවන් මිණිපහන් අසුර ලැබීමත් භාග්‍යයක්, ඔබ තුමාත් ඇතුළුව.

    ReplyDelete
  7. හ්ම්...
    අමනුස්ස ගති අතර
    මනුස්ස කම හොයන
    තීර්ථ යාත්‍රිකයනට මගකියන
    ප්‍රදීපාගාරයයි නුඹ...!

    ReplyDelete
  8. @sansarasidu:
    ඔව් මල්ලී, අපේ සමාජයේ ඉන්නා අනුන් වෙනුවෙන් වෙහෙසෙන සත්‍ය මිනිසුන්ට පොඩි උපහාරයක්, පොඩි පදපෙලක්.

    බොහෝම ස්තුතියි මල්ලී සටහනට.

    ReplyDelete
  9. @nimanthi:
    ඝණාදුරට විහිදෙන පුංචි එළිකිරණක් වුනත් අගේය.

    බොහෝම ස්තුතියි නංගී අගේ ඇති පදපෙලට.

    ReplyDelete
  10. @ඇනෝ:
    මලේ උත්සාහ කලේ අප අතර ඉන්න අතලොස්සක්, අපි නොදන්න තවත් ස්වල්පයක් වුනත් ඇති; ඒ මිණිපහන් මතුකර තුති කිරීමයි. අඩුම වශයෙන් ඒ විඩාබර සිත් දරන කඳන් වලට සිහිල්පොදක් ඉසින්නයි. අපි අපේ කොටස කරමු.

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts