Friday, August 27, 2010

දිය කෙළිය


රළු රළ නැග එන බැස යන
උන් කෙළිති දිය මත තුටින් එල්ලෙමින

බුර බුරා විදිමින වියතින් වියත උස්වෙන
උනට කෙළිති දිය යට කර වලලමින

සටහන:
දකුණත පැත්තේ ඉහල ඡායා රූපයෙන් දැක්වෙන්නේ කැරීබියානු දූපතක සාගර රළ මත විනෝද වෙන විදේශ සංචාරකයින් පිරිසකි.

අනෙක් ඡායා රූපයෙන් දැක්වෙන්නේ දැඩි ගංවතුරින් යටවූ පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පෙදෙසකි. සොබාදහමේ ආශීර්වාදය ලබමින් ගොවිතැනින් ජීවත් වූ ඔවුන්, උරන වූ ජලකඳ සමඟ ඔට්ටු අල්ලයි - ජීවිත බේරාගන්නට.

ඇති හැකි බලවතුන් වනසන සොබාදහමට අසරණයින් ගෙවන තවත් වන්දියක් ද?නැතිනම් සොබාදහමේ තවත් ප්‍රකෝපකාරී බැල්මක්ද?

10 comments:

  1. සොබා දහම ප්‍රකෝපකාරී වෙන්නෙ පරිසර දූෂණය නිසා නෙ... මෙහෙමවත් ඉන්න ඉඩ දෙන එකත් ලොකු දෙයක්..

    ReplyDelete
  2. ඉතා කදිම ග්‍රහණය කිරීමක් . . . !

    ReplyDelete
  3. @Shadow/හේමලයා:
    ඇත්තෙන්ම හේතුව අහේතුව, ඒත් විප්පැත්තිය අස් ඉදිරිපිට සිදුවෙනව.

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම් !

    විඳීමත්...විඳවීමත්..... එකම පොළොවේ දෙතැනක....

    අපූරු පද පෙලක් සහ අදහසක් අයියේ

    ReplyDelete
  5. විඳීමත්...විඳවීමත්..... එකම පොළොවේ දෙතැනක....

    දිල් අක්ක කිව්ව වගේ ඒක ඇත්ත...

    එහා ගෙදර මඟුලක් !
    මෙහා ගෙදර මළගෙයක් !

    හැමෝම දකින් රූප දෙකක් අයියා වෙනස් ඇහැකින් බලලා...

    ReplyDelete
  6. @චේජනා:
    දැනට වෙමින් පවතින ස්වාභාවික විපත් ගැන හිතා බැලුවත් මිනිසුන්ට පුලුවනි යම් තරමකින්වත් වැරැදි හදා ගන්න ඔවුන්ගේ පරිසර මට්ටමින්. ඒත් ඉතිං මහා බලවතුන් කරපු දේවල් නම් පැලැස්තර දාන්න බැරිතරම් ඕඩු දුවපු තුවාල. කැමැත්තෙන් හෝ නැතිව කවදත් වතුර බසින්නේ පල්ලමට.

    මිහිකත මවගේ ලොකු දරාගන්න සිත හින්දා වෙන්න ඇති කෙළෙවරක් නැතුව අකටයුතු කරද්දිත් මෙච්චරවත් සලකන්නේ මිනිසුන්ට.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  7. @දුමී:
    දැනට බැට කන පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තය හරිම අසරන මිනිසුන් ඉන්න පැත්තක්. ගොවිතැනින් ජීවත් වුනත්, ඒ මිනිසුන් බොහෝ දෙනෙකු තවම ජීවත් වෙන්නේ මැටියෙන් තැනූ ගෙවල් වල. දැන් ගංවතුර පිරිලා තියෙන විදියට හිතාගන්න පුලුවනි මොනවා වෙලා අද්ද කියලා...

    බොහෝම ස්තුතියි යාළු සටහනට.

    ReplyDelete
  8. @දිල්:
    කියන්න ඕන කරපු බොහෝ දේ පද පේලි හතරකට සීමා කරා ලියන්න ගියොත් කෙලවරක් වෙන එකක් නැහැ.
    නංගි ඒක "විඳීමත්...විඳවීමත්..." වචන දෙකකට ලඝු කරා, ඒකයි ඇත්ත.

    බොහෝම ස්තුතියි නංගී ඇවිත් සටහනක් තැබුවාට.

    ReplyDelete
  9. @sansarasidu:
    "...එහා ගෙදර මඟුලක් !
    මෙහා ගෙදර මළගෙයක් !..."

    ඒ තවත් හරවත් විමසුමක්. බොහෝම ස්තුතියි.

    පාකිස්තානයේ ජලගැලීමෙන් අනාථ වූ පිරිසට උපකාර කරන්න UAE Red Crescent Authority විසින් පසුගිය 25/08 දා පටන් ගත්තා අරමුදලක්. එය දින තුනකට සීමා වී තිබුනා පලමු දින තුනේ AED මිලියන 48ක් එක කර තිබුනා, පසුව තවත් දින තුනකට දික් කර තිබූ අතර එය අද රාත්‍රියෙ අවසන් වෙන්න නියමිතයි. ඊයේ රෑ වෙද්දි AED මිලිනය 79ක් එකතුවී තිබුණා ස්වේච්චා දායකත්වයෙන්. මෙහෙන් ආහාර ද්‍රව්‍ය ගෙනියන්න බව කියැවේ.

    ReplyDelete