අද මාර්තු මස 22දා; ලෝක ජල දිනය (World Water Day) යෙදී තියෙන්නේ අදට. 1993 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් ලෝක ජල දිනය නිමිත්තෙන් ජලය හා ජන ජීවිතයට අදාල විවිධ තේමාවන් මුල්කරගෙන වාර්ෂික වැඩ සටහන් දියත් කෙරේ. 2011 වසරේ ලෝක ජල දින තේමාව ජලය හා නාගරීකරණය (Water for Cities) යන්නයි. පසුගිය වසරේ තේමාව වූයේ සුවසෙතින් පිරුණ ලොවක් සඳහා පිරිසිදු ජලය (Clean Water for a Healthy World) යන්න විය.
නූතන සමාජයේ නාගරීකරණය සිදුවෙන වේගය අනුව වනසම්පත් විනාශය හා පරිසර දූෂණය නිසා ස්වභාවික ජල සම්පත මුහුණපා ඇති තත්වය ගැන අමුතුවෙන් ලිවීම අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ ස්වභාවික ජල සම්පත බහුලව ඇති නිසා දෝ අපේ රටවැසියන් ජල සම්පත ගැන එතරම් අරපිරිමැස්මක් නැහැ. අපේ අසල්වැසි දකුණු ආසියාතික රටවල මිලියන ගනන් එදිනෙදා පාවිච්චියට ප්‍රමාණවත් තරම් ජලය නැතිව පීඩා විඳිති. ඒ ගණයට අයත් මිලියන 880ක ජනතාවක් ලොව පුරා වූ බව පසුගිය වසරේ ලෝක ජල දිනය නිමිත්තෙන් පල වූ වාර්තාවක සඳහන් විය. ලංකාවේ වියළි කලාපයේ ද බීමට සුදුසු ජලය නැතිව පීඩාවිඳින අය බොහෝය.
භූගත ජල සම්පත සුලබ හෝ දුලබ වුවද නවීන කාර්මිකකරණයත් සමඟ ජල සම්පත මුහුණපාන ප්‍රධාන ගැටලුවක් වෙන්නේ ජල දූෂණයයි. නොයෙකුත් හේතූන් නිසා ජල දූෂණය සිදුවිය හැකිය, ජල සම්පත හා පරිසරය දූෂණයවීමෙන් වලකාලන්නට අපිට කල හැකි පුංචි දායකත්වයක් ගැන සාකච්ඡා කිරීමයි මෙම ලිපියේ අරමුණ.
දැනට භාවිතයේ ඇති විද්යුත් වියළි කෝෂය හෙවත් බැටරිය ක්‍රි.ව. 1800 තරම් ඈත කාලයේ සොයාගැනීමක් බව කියැවේ. බැටරියක අන්තර්ගත රසායනික ද්‍රව්‍ය බඳුන්වෙන වෙනස්කම් වල ප්‍රථිපලයකින් විද්යුත් දහරාවක් ඇතිවේ. ලොව වඩාත් ප්‍රචලිත බලශක්ති ප්‍රභවයක් ලෙස එදිනෙදා කටයුතුවලදී මෙන්ම කර්මාන්ත ආශ්‍රිතව ද බැටරි මගින් කෙරෙන කාර්යය ඉමහත්ය. 2005 වසරේ දී ලෝකයේ බැටරි බාවිතයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 48 ක ආදායමක් ලබන්න ඇස්තමේන්තුකර තිබුණේ යැයි වාර්තා විය. තවද එතැන් පටන් ලොව බැටරි භාවිතය වාර්ශිකව 6% ක ආදායම් වර්ධනයක් බලාපොරොත්තු විය.
තාක්ෂණික දියුණුව හිනිපෙත්තේ වැජඹෙන නවින යුගය විවිධාකාර මෙවලම් (tools) හා උපාංග (accessories) වලින් පිරී ඇත. ඉන් බොහෝමයක්ම ඉලෙක්ට්‍රොනික උපකරණ හෙවත් ගැජෙට් (gadget). නූතන සමාජය බලාපොරොත්තු වෙන්නේ හැකි හැම දෙයම එහා මෙහා යද්දී අරන් යන්න ඇති පහසුතවය හෙවත් ඉංග්‍රීසි බසින් කියන මොබිලිටි (mobility) ය. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ නිරන්තරයෙන් සිදුවෙමින් පවතින දියුණුව ඕනෑම නිෂ්පාදනයක් ඉතා හුරුබුහුටි, හිතන්නවත් බැරි තරම් කුඩා නිමැවුමක් බවට පත්කරන්නේ තරඟයට මෙනි. ඒ අනුව නිෂ්පාදකයින් ඉලෙක්ට්‍රොනික ගැජෙටයන් පණපෙවන විදුලි සැපයුම හා ඒ සැපයුම උපරිම කාලයක් රඳවා ගත හැකි බලශක්ති මූලාශ්‍රයන් පිලිබඳව උනන්දු වූහ.
ඒ ඔස්සේ කලකට පෙර විදුලි පන්දම් ආදියෙහි පාවිච්චි කල බැටරිය ප්‍රමාණයෙන් කුඩා වෙමින්ද, බලයෙන් වැඩිවෙමින් ද වෙනසකට බඳුන් වෙන්න පටන් ගත්තේය. නිරන්තරයෙන් කුඩා හා සැහැලල්ලු වෙන නිෂ්පාදනයන් හි රැඳවිය හැකි කුඩා පෙත්තක් ආකාරය දක්වා කුඩාවිය, එහෙත් වැඩි බලයක සැපයීමට ඇති ඉල්ලුම නොනැවැතී ඉහල යමින් පවතී. ඒ අතර තුර නැවත නැවත ආරෝපණය හෙවත් රීචාර්ජ් කල හැකියාව ඇති බැටරි නිෂ්පාදනය ආරම්භ විය. මුල් කාලයේ හදිසි අවස්ථාවක බාවිතා කරන ඉමර්ජන්සි ලයිට් වැනි භාණ්ඩ වලට හා කාර්මික අවශ්‍යතා සැලසූ මේවා පසුව මොබයිල් ෆෝන් ප්‍රචලිත වීමත් සමඟ නව නැම්මක් පෙන්විය. ඒ දියුණුව බැටරි නිෂ්පාදනය විශාල වෙනසක් කලේය.
අද කුඩා බිලිඳුන් නලවන හුරුබුහුටි සෙල්ලම් බඩුවක සිට, මොබයිල් ෆෝන් හා ඒ සම්බන්ධ ගැජෙට්, යාන්ත්‍රිකව වැඩ කරන දත්බුරුසුව පටන් අනේක එදිනෙදා භාවිතා කරන දෑවල - කොටින්ම කියනවා නම් සිහින් එලියක් හෝ හඬක් නිකුත් කරන ඕනෑම නිෂ්පාදනයක විදුලි සැපයුම සිදුවෙන්නේ විවිධාකාර බැටරි වලිනි. සංගීතයෙන් හා ඉතා සියුම් දිලෙන තරු වැනි බල්බ වලින් සැරසූ සුභපැතුම් පත් වෙළෙඳ පොලේ දක්නට ලැබීම බැටරියේ තුනී නිමැවුම පිලිබිඹු කරන්නකි.
සාමන්‍ය බැටරියක සින්ක්, කාබන්, ක්ලොරයිඩ්, ඇල්කලයින්, ලිතියම්, රසදිය යනාදි රසායනික ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් ඇත. රීචාර්ජ් කල හැකි බැටරියක නිකල්, කැඩ්මියම්, ලිතියම්, ඊයම් (ලෙඩ්), සින්ක් ආදී රසායනිකි ද්‍රව්‍ය තිබිය හැකිය. මේ රසායනික ද්‍රව්‍ය ශරීරයට හානිකර ඒවා වේ. ඒ නිසා පාවිච්චි කල බැටරියක් ඉවතලෑමේ දී පරිස්සම් විය යුතුය, නොවුවහොත් දිරාපත්වෙන, ගිනිමැලයකට හසුවී පුපුරන හෝ අපවිත්‍ර ජලයගලන කාණුවක පෙඟී මුදා හරින බැටරියක රසායනික ද්‍රව්‍ය වලින් හිතනවාට වඩා බරපතල හානි පැමිණිය හැකිය. ඉන් පරිසරය දූෂණය විය හැකිය. එසේ පස හා එක්වෙන හානිකර රසායනික ද්‍රව්‍ය භූගත ජලය හා එක්වී ලිං, ගංඟා වැනි පානියා ජල සැපයුම් මගින් ශරීරගත විය හැකිය.
ලොව විද්‍යාව හා තාක්ෂණය පැත්තෙන් ඉහළින් ඉහළට යන්නේ ඉතා වේගයෙනි. ඒවගේම ලෝකවාසී ජනතාවගේ ශාරීරික සෞඛ්‍යතත්වය දිගින් දිගටම පිරිහේ. විද්‍යාව දියුණු නවීන කාලයේ ලොව උපදින කිරිකැටි දරුවන් 125 දෙනෙකුගෙන් සාමාන්‍යයක් සේ අයෙක් උත්පත්තියෙන්ම අසම්පූර්ණ හෘදයක් තුරුල් කරගෙන එනබව, බොහෝ දරුවන් ශ්වසන රෝගවලින් පෙලෙනබව, තවත් කොටසක් රුධිර සම්බන්ධ පිලිකා ආදී අනේක රෝගී තත්වයන් ගෙන් පෙලෙන බව අපේ සමාජයේ කී දෙනාද දන්නේ. මේ අවාසනාවන්ත තත්වයට අපේ රට ගොදුරු වෙමින් සිටී.
ලොව දියුණු විද්‍යාවන් මෙකී අවසනාවන්ත තත්වයට හේතු සොයමින් වෙහෙසෙන අතර දයාබර ඔබට මට කරන්න කාර්යයක් ඇත. අඩුම තරමින් තවත් බැටරියක් විසිකරන්නන් වාලේ විසිනොකර නිසි තැනක බහාලමු. අපි මුල් පියවර තබමු. කුණු කසල ඉවත්කරන, විනාශ කරන උදවිය ඉවතලන බැටරි නිසිපරිදි විනාශකරන්න උනන්දු කරවන්න අපිට පුලුවන් වියයුතුයි.
ඔබත් බැටරියක් පාවිච්චි කරලා විසි කරනවානම්... එය තවත් ජීවිතයකට, හෙට උපදින කිරිකැටියෙකුට හානියක්, පීඩාවක් නොවෙන ලෙස වගකීමෙන් ඉවතලන්න කටයුතු කරමු. එසේ නොවුවහොත් අපි මතු දිනෙක බීමට නියමිත වතුර වීදුරුවට හානිකර වස විස එක් කිරීමට අපිම දායක වූවා වියහැකිය.
"ලෝක ජල දිනය" ගැන වැඩි විස්තර මෙතැනින්.
මෙම ලිපියත් කියවලා බලන්න: උතුරු මැද වකුගඩු රෝගයට රසායනික ද්‍රව්‍ය අඩංගු භූගත ජලයත් හේතුවක්
මම දැනං හිටියේ නෑ අයියා මේ සීන් එක.. ගොඩක් ස්තූතියි දැනුවත් කලාට..
ReplyDeleteකොයිතරම් නම් බැටරි අපි මෙහෙම තැන තැන විසි කරන්න ඇතිද.. අදින් පසු එහෙම නොකරන්න වගබලාගන්න ඕන..
ප.ලි - පාවිච්චි කරලා අවසන් බැටරි වලට මොනවද කරන්න ඕන..?
@සෝරෝ:
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලී සටහනට. කැලන්ඩරයේ දවසක් සමරලා අනික් දවස් මරලා දානවාට වඩා අවශ්‍ය අපේ සමාජය දැණුවත් කිරීම, ඒ සමාජ කර්තව්‍යය අපේ බ්ලොග් අවකාශය තුලින් කරමු.
තවදුරටත් පාවිච්චිකරන්න බැටරි බහාලීමට (dispose) සුදුසු පහසුකම් ඇතිකර යුතුයි. එය පලාත් පාලන ආයතන හා අනුයුක්ත ආයතනන වලින් සිදු වියයුතුයි. එසේ එකතුවෙන බැටරි රිසයිකල් කිරීම හෝ විනාශකිරීම මගින් බටරි වල අඩංගු රසායනික ද්‍රව්‍ය මගින් තැන තැන පස දූෂණය වීම වලකන්න පුලුවන්.
මේ ලින්ක් දෙක ඒ ගැන විස්තර කරනවා.:
http://www.allaboutbatteries.com/Battery-recycling.html
http://www.inmetco.com/services_battery.htm
බොහොම වැදගත් වැඩක් මේක අයියේ,,ස්තූතියි
ReplyDeleteමේ දැනුවත් කිරීම හරිම වැදගත්. ස්තූතියි! මල්ලී. මේ දේ බලධාරින් ගේ ඇස ගැටේවා! කියල හිතනවා. මට ආව විද්යුත් තැපෑලකත් මේ බව තිබුනා. තව වතුරට අප භාවිතා කරන වචන බලපාන බවත් තිබුනා. ඒක දැක්කම මටත් හරිම පුදුම හිතුනා. වතුර පිරිසිදු වෙන්න අපි කථා කරන විදිහ හරියට බලපාන බව දැනගත්තේ ඒ වෙලාවේ. මට පුලුවන් උනොත් ඒක ඒවන්නම් ඔයා සිංහලට පෙරලලා මෙහිම පළ කරන්න අනෙක් අයගේ දැනගැනීමට.
ReplyDeleteඉතාම වටිනා ලිපියක් ...ස්තුතියි අද වගේ දිනයක මේ ගැන සටහනක් තබලා අපව දැනුවත් කලාට
ReplyDeleteඉතාම වෑදගත් කාලෝචිත ලිපියක් අයියා අපි හෑමොම එකතු උනොත් අපිට් අපුලුවන් මේදෙවල් කරන්න.. මෙවාට රජවෙන්ම මෑදිහත් වෙනකම් ඉන්න බෑනේ අපිට..
ReplyDeleteජයවෙවා!!!
හ්ම්... දුර හිතන්නෙ නැති කමින් නොදැනුවත්කමින් වෙන වැරදි කොච්චරද අපි අතින්... ටික ටික හදාගන්න ඕනේ... ඇත්තටම පින් අයියා දැනුවත් කිරීමට...
ReplyDeleteමිනිසාට එරෙහිව ඉන්න ලොකුම සතුරා මිනිසාම බව අයිය අපිට ආයෙත් පෙන්නල දුන්නා. බොන වතුර ටික ගැනත් කොච්චර දේවල් හිතන්න තියද? ස්තූථියි ඩීන් අයියා ............
ReplyDeleteඑකපාරක් චම්පික රණවක ගොයියා අර දුම් බද්ද පනවන වෙලේ කිව්වේ ඔය ඉවතලන බැටරි එකතු කරීමක් සඳහා ඒ බදුමුදලින් වැඩ පිළිවෙලක් පටන් ගන්න කතාවක්නං තමැ..ඒත් ඒක මිනිහා කොලැද නැද්ද කියන එකනං මම තැමත් දන්නේ නැහැ.
ReplyDeleteහැබැයි දැනට මං දන්නා මට්ටමෙන් එකතැනක්නං තියෙනවා ඔය බැටරි එකතුකරන..ඒත් ඒවාට මොනවාද කරන්නේ කියලානං දන්නේ නැහැ.
ගම්පහ සොෆ්ට්ලොජික් ආයතනයේ පෙට්ටියක් තබා තිබෙනවා ඔය වැඩේට..සමහර විට ලංකාව පුරාම ඔවුන් මේ දේ කරනවා වෙන්න ඇති.
බොහොම වටිනා කරුණු හුඟක් දැනගත්තා ලිපියෙනුත්, සහෘදයන්ගෙ ප්‍රතිචාරවලිනුත්. බොහොම ස්තුතියි.
ReplyDelete@හරී - පිණිපළස:
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී වැඩ ගොඩාක් අතරත් ඇවිත් සටහනක් කරාට.
@Chandi:
ReplyDeleteබොහෝම ස්තුතියි අක්කේ සටහනට.
මිනිසුන්ගේ මුවින් පිටවෙන වචන සමඟ නික්මෙන ධ්වනි තරංග වල විශේෂ බලයක් ඇතිබව පත පොතින් කියවා ඇත්තෙමි. තවද විවිධ රටවල වෙනස් ජන කොටස් අතරත් ලෙඩරෝග වලට බෙහෙත් කිරීමේ ක්‍රමයක් ලෙස ආගමික වතිවතාන් කෙරෙන තැන්වලින් ගත් වතුර පාවිච්චිය ගැනත් අසා ඇත්තෙමි.
අක්කා සඳහන් කල ඊ-මෙල් එක ද එවැනි පසුබිමක් ගැන විද්‍යාත්මක පැත්තෙන් ගෙනහැර දක්වන්න උත්සාහයක් ගනී. එම විස්තර 2001 කාලයේදී කියවන්න ලැබුනා, ඉන්පසුව අන්තර්ජාලය තුල ඒ ගැන වෙනස් මත ගැටුම් කිහිපයක් ද ඇතිවුනා. කෙසේ වෙතත් ඒ විස්තරය දැක්වෙන සබැඳිය පහතින් දාන්නම්:
http://www.binscorner.com/pages/t/the-power-of-words-over-water.html
හැම දෙනෙකුටම වටින ලිපියක්. පරිසර සංරක්ෂණයට සියලුදෙනාම තම තමන්ගේ උපරිමයෙන් දායක විය දායක විය යුතුමයි.
ReplyDelete@වැප්:
ReplyDeleteබොහෝම ස්තුතියි ඇවිත් සටහනක් කර එකට.
@ඉලංදාරියා:
ReplyDeleteඔබේ සටහනින් මගේ මතකයට ආවේ කාලෙකට කලින් කියවූ ඔබේ පදපෙලක සඳහන් වූ -- එළවළුවක් එක්ක කැකුළු හාල් බතක් කාලා ඉතිරි කරගන්න සල්ලි වලින් නැති බැරි අයෙකුට කෑමක් අරන් දීමක් -- කරන්න පුලුවන් නම්...
ඔව් පුංචි මල්ලියේ අපි අත්වැල් බැඳ ගතහොත් බොහෝ දේ කරතෑකි. බොහෝම ස්තුතියි මලේ සටහනට.
@තනෝජා රාජපක්‍ෂ:
ReplyDeleteඅඩු වැඩියෙන් අපි අතරේ ඇති දැණුම බෙදාගෙන ඉදිරියට යමු. බොහෝම ස්තුතියි සටහනට.
@සොඳුරු සිත:
ReplyDeleteඅපේ පුංචි රට මොනතරම් නම් ස්වභාවික සම්පත් වලින් පොහොසත් ද කියලා දැනෙන්නේ ඒවා අපෙන් දුරස්වෙද්දී. නිකම් ලැබෙන දේවල් කොහොමත් අගයක් නැති තරම්. ගං වලින් අරන් සරළ පිරිසිදු කිරීමකට බඳුන් කර බෙදාහරින ජාතික සැපයුමෙන් ලැබෙන වතුරටත් බිල ගෙවාගන්න අපහසු අපේ වැසියන්ට වඩාත් සංකීර්ණ පිලිසකර ක්‍රමයකින් සපයන ජල බිලක බර උහුලන්න අමාරුවේවි, අපි පරිස්සම් නොවුනොත් ඒ තත්වය වැඩි ඈතක නෙවෙන්න පුලුවනි.
කාලවේලාව ලැබුනොත් ඒ ගැනත් ලිපි පෙලක් ලියන්න අදහසක් ඇත.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@මාරයාගේ හෝරාව:
ReplyDeleteපුංචි පියවරක් හරි අරන් ඇත්නම් එය පැසසුමට ලක් විය යුතුයි, දේශපාලක මහත්තැන්ලා කරන දේවල් කොහොම වුනත්.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට, ඉන් පාවිච්චි කල බැටරියක් නිසිලෙස ඉවතලන්න ක්‍රමයක් ගැන කියා දුන්නා.
ඒ විදියට එකතු කරන පරණ බැටරි වලින් ප්‍රයෝජන ගන්න ක්‍රමයක් ගැන විස්තරයක් මෙ සැබැඳියෙන්:
http://www.inmetco.com/services_battery.htm
@නලිනි චන්දිමා:
ReplyDeleteඒ අදහස් බෙදාගැනීමයි වටින්නේ.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@ඉෂ්:
ReplyDeleteඒ පණිවුඩය කට්ටිය අතරට ගෙනියන්න පුලුවන් නම් මේ කාර්යය අමාරු නැහැ. ඒ වෙනුවෙන් ඔබේ පරිසරයේ ජවයෙන් පිරි යොවුන් පිරිසට බොහෝ දේ කරත හැකි වේවි.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
ගල්මල් අඩවියට එක්වූ නව මුහුණු; Astro Boy, Ruwan සහ පාරභෞමිකයා/ET සාදරයෙන් පිලිගන්නෙමු.
ReplyDeleteතවත් සීන් එකක් තියෙනවා මචෝ. රීචාර්ජ් කරන බැටරියක් පාවිච්චි කරනව කියන්නේ බෝම්බයක් තියන් ඉන්නවා වගේ වැඩක්. ඕවර් චාර්ජ් උනොත් බඩුම තමා.
ReplyDelete@Phoenix (ගිනි කුරුල්ලා):
ReplyDeleteහ්ම් ඒකත් එහෙමයි. රිචාර්ජ් කරන්න පුලුවන් විදියට නිපදවපු නැති බැටරි රිචාර්ජ් කිරීම බොහෝ දුරට මේකී අනතුරට හේතුවෙන්න පුලුවන් නේද?
සටහනක් තැබීම ගැන බොහෝම ස්තුතියි.
මන් බ්ලොග් නොලියන කාලේ ලියු ලිපියක්. කාලෝචිත ලිපියක්. බැටරි සෙල්ලම් බඩු වැහි වැහැල . මන් හැකිතාක් උත්සාහ කරන්නේ බැටරි නැති සෙල්ලම් බඩු ගෙඅනත් දෙන්න , මේපාර බෝනිකි ගෙදරක් අරන් දුන්නේ . නිවාඩු කාලෙම එයින් සෙල්ලම් කරනවා අපුරුවට .
ReplyDeleteකුණු බැහැර කිරීම ගැන නම් තත්වය කණගාටුදායකයි මෙහෙත් . අපි කොච්චර වෙන්කරලා දුන්නත් ගෙනියන එක්කෙනා ආයේ සේරම එකට හලා ගන්නවා . හැබැයි ඒ කුණු වෙන් කිරීම තව කෙනෙක්ගේ රැකියාවක් . පැරිසියේදී දැක්ක හෝටල් කාමරේ කුණු වෙන් කරන්න තියෙන හැටි. සිංගප්පුරු ගුවන් තොටේ වේනම් රිසයිකල් බඳුන් තියා තියන හැටි.
නගර සභා වලට පුළුවන් අඩුගානේ පරධාන හන්දි වල මෙහෙම බඳුන් තියන්න . අපේ ගෙවල් පැත්තට ලඟදි ඉඳන් සතියකට වතාවක් එනව කුණු ලොරිය. අතුරු පාරට හරවන්න සලස්ස ගත්තේ ලොරි රියදුරාට සල්ලි දීල කියලයි තාත්ත කිවේ. ඒ එන වෙලාව දැන ගන්නත් අංජනමක් අරින්න ඕන . කමක් නැහැ එහෙමවත් එනවා කියමුකෝ. හුඟක් පැති වල එහෙමත් නැති කොට. කුණු ලොරියට දාගන්න කුණු ඔක්කොම එකට හලනවා මිසක් වෙන් කරිමක් නැහැ .
ඉඩකඩම් කුඩා වේගෙන යන පිළිවෙලට නිසි කුණු බැහැර ක්‍රමයක් වර්ධනය නොවීම බරපතල ප්‍රශ්නයක්