දුරු රටක කම්මලක
ලොකු රෙදි කෑලි
යාකරන විරිය දෙන
පොඩි නගේ
නුඹේ කඳුල දහදිය
යටකර විලවුන් මැද
නම දරන පංතියේ
බැබළෙන අඳුම්
සරසනා වීදුරු කුටිවල
මෝස්තර රඟනා බබුන්
වසීකර ගෙනෙනා කාසිය
දිනක දනටත් පිදෙයි
විලවුන් ඉසා සැරසී
කුලඟන පිරිවරන්
බලන් පුදන හැටි දිවි
දිනක දී බෙරිහන්
ආයෙත් උදාවන තුරු
නව කැලැන්ඩරේ දිනක්
සීතලේ ගුලිවෙන එවුන්
සරසන සළු පට මසන්
ඉරිතැලුණ කම්මල
රඳවන වීරිය දරන්
නාය යන පොලවක
ලොකු රෙදි කෑලි
යාකරන විරිය දෙන
පොඩි නගේ
නුඹේ කඳුල දහදිය
යටකර විලවුන් මැද
නම දරන පංතියේ
බැබළෙන අඳුම්
සරසනා වීදුරු කුටිවල
මෝස්තර රඟනා බබුන්
වසීකර ගෙනෙනා කාසිය
දිනක දනටත් පිදෙයි
විලවුන් ඉසා සැරසී
කුලඟන පිරිවරන්
බලන් පුදන හැටි දිවි
දිනක දී බෙරිහන්
ආයෙත් උදාවන තුරු
නව කැලැන්ඩරේ දිනක්
සීතලේ ගුලිවෙන එවුන්
සරසන සළු පට මසන්
ඉරිතැලුණ කම්මල
රඳවන වීරිය දරන්
නාය යන පොලවක
නුඹ දාඩිය හෙලන්
පිදුම:
අද ජාත්‍යන්තර කාන්තා දිනය. අනේක බර කරපින්නා ගෙන ඈත දේශවල කම්හල්වල දහඩිය හෙලන, පැසසුමට බඳුන් නොවෙන දිරිය සොයුරියන්ට.
ඔවුන් වේගයෙන් දිවෙන මැෂින් සමඟ පොරබදිති. දහසක් දුෂ්කරතාවයන් මැද කහවනු උපයා පවුල් බර අදිති, රටේ ආර්ථිකයට උරදෙති.
වත්මනයේ මැදපෙරදිග කලාපයේ ඇතිවී තියෙන සමාජ රැල්ල කලාපයේ රැකියාවේ නියුතු විදේශිකයින්ට බලපානවා මෙන්ම කම්හල් වලට ද දැනෙනු ඇති.
කාන්තා දිනය අර්ථවත් කරන්නෙ අදත් වැඩ කරන කාන්තාවම තමා, ඒක තවත් සැමරුම් දිනයක් කරගත්ත අනිත අය නෙවේ...
ReplyDeleteMarakkalayaa balapan ubalata wena dewal
ReplyDeleteubata lajja nada yako toe mewa liyanwa
@Anonymous:
ReplyDeleteආගන්තුකයාණෙනි කලින් පොස්ට් එකක ඔබේ සටහනකට පිලිතුරු ලියමින් මා පැහැදිලිව හා සරළව පැවසූවා ඔබ ගෙනෙන දෙය මා භාරගන්නේ නැතිබව.
ඔබේ හැම සටහනකම සඳහන් එක් වචනයක් (marakkalayaa) උරුමයෙන් මා සතුයි. ඉතිරිය ඔබ ඔබ ගැන කරන හැඳින්වීමක් වෙන්න ඇති.
ඒ වගේම ඔබේ ක්‍රියාකලාපයෙන් මගේ ගමන කිසිඳු වෙනසක් නොවෙන බවත් ඔබට දැනටමත් වැටහී ඇති.
ඔබ ගැන මගේ තියෙන්නේ අනුකම්පාවකි. මා හිතනවා ඔබ වැරදි වටහාගෙන කල හා කරන වැරදි නිවැරදි කරගෙන නුදුරු දිනකදී ගල්මල් අඩවියේ නිර්මාණ රසවිඳින්න එක්වේවි කියලා.
අපේ සමාජය යහපත් වෙනවා දකින්න පතන සහෘද බ්ලොග්කරුවන් අතරින් කෙනෙකු වෙන මා සමාජයේ එක් පුද්ගලයෙකු වෙන ඔබද යහපත් වෙනවා දැකීම මගේ පැතුමයි.
සියළු සිත් පහන් වේවා!
@Anonymous:
ReplyDeleteOba thumaata Sinhala akuru kiyaveemae dushkaratawayak athdai sakayaki.
Aaganthukayaaneni oba genena deval baara ganna maagei uvamanaawak nata. Ae nisaa obe utsaahaya harasun ekaki.
Oba gana mata tiyennei anukampaawaki. Karunaakara waradi mata hiten ivatalaa ID ekakin avit Galmal adaviye nirmaana rasavindhinna.
Ape samaajayei yahapata patana sahodara blog karuwan atara keneku hatiyata maa; obada yahapat wenawaa dakeema patumai.
Oya hite darana krodaya nasanne obava misa anekekuwa nove.
Obata yahapatak ma patannemi.
දේශපාලකයන් හා නොයෙකුත් සංවිධානවල සාමාජිකයන් හුදෙක් තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගැනීම සඳහා සැමරුම් දිනවලට එළියට බසිනමුත්, මෙවන් කාන්තාවන්ට එයින් දසමයකවත් යහපතක් වෙනවාද යන්න සැකයකි. ඔවුන්ගේම දෑතින් නිමවෙන ඇඳුම් ආයිත්තම් පැළඳීමට ඔවුනට වත්කමක් නැහැ. ඊට වත්කම ඇති අය "නුඹේ කඳුල දහදිය යටකර විලවුන් මැද" ඒ ඇඳුම් අඳින්නෙ. මොනතරම් සරදමක්ද? කම්කරු ශ්‍රේණියේ රැකියා කරන ඔවුන්ගේ ශ්‍රමයට, ඔවුන් රටට ගෙනෙන මුදලට නිසි අගැයීමක්වත් නැහැ. එහෙම සමාජයකට පැවැත්මක් තියෙයිද? "නාය යන පොළොවක නුඹ දාඩිය හෙළන්."
ReplyDeleteකවදත් වගේ හිතන්න යමක් ඉතිරි කරන නිර්මාණයක්.
අසුවේ අඟ දිනෙක
ReplyDeleteනොරට පැමිනෙන කලෙක
ගුවන් තොටුපලේ කොනෙක
ඉඳ ගෙතූ එක් කවෙක
කටුනායකදී.....කියා
ලියා තැබුවා මතක
ඒ වඟත් මේ ලෙසම
සටහනට තබන්නේ
කොහේ සිට හැලුවත්
දහදියයි ළඳුන්නේ
සංවේදි හිතක නැගි
කඳුළු බිඳි හඬන්නේ
දුක්විඳින අපේ උන්
ගේ දුකයි කියන්නේ
http://wihagageethaya.blogspot.com/2010/05/blog-post_05.html
තාම දෙමාපියන්ගෙන් යැපෙන ඉස්කෝලේ යනෙන දරුවනුත් රටේ දේශපාලනයට මැදිහත් වීමට, ඒවා විවේචනය කිරීමටත් උත්සාහ කරනවිට ජීවිතයේ කප්පරක් දුක්ගැහැට විඳි ඔබතුමන්ලා වැනි උදවිය, දුක් කරදරයකදී කුල මල ජාති නොසලකා මැදිහත් වූ ඔබතුමන්ලා වැනි උදවිය, මැදිහත් සිතින් විඳින ලෝකය අපේ සිත් පහන් කරවයි...
ReplyDeleteඔබේ හෘදයංගම මනුස්සකමට මගේ ආචාරය...!
minissunga duk walata sanwedi wimata jathi, aham bedayak nomatha... e bawa wataha ganna kawadda edinata api yai idiriyata sri lankikayan lesata !!!
ReplyDeleteගල් මල් අයියා මම ගොඩාක් කාලෙකින් මෙතනට ආවෙ..., කවිය බලන්න ආවෙ. එකට සංවෙදි වෙලා. එක කියෙව්වා. කියවලා පහලට සටහන් ටික කියවද්දි දැක්කා ඇනොගෙ කමෙන්ට් එක. බලාපොරොත්තු වුනෙ නැහැ මම මෙවගෙ දෙයක්. අපි දැන් අවුරුද්දකට වැඩියි, කතා බහ කරලා. තිස්ස අයියා මට කියලා තියනවා ඔයා ගැන. ඔයාගෙ මහන්සිය, ඔයාගෙ උත්සහායට ගරු කරනවා. මෙ වගෙ මානසික ලෙඩ්ඩු හින්දා අපෙ ඔලු පාත් වෙනවා. මමයි මෙ බ්ලොග් එකෙ පලවැනි ෆ්ලොවර්..... එ වෙලාවෙ ඔයා කිසිම නිර්මාණයක් දාලා තිබුනෙ නැහැ. නමුත් ඔයා කෙනෙක්ගෙ බ්ලොග් එකක දාලා තිබුන කමෙන්ට් එකක් දැකලා මම මෙ ගල්මල් කියන අනන්‍යතාවය වෙනුවෙන් පැහැදුනෙ. ඉතින් මෙ ඇනො මනුස්සයා මැරෙද්දි ගොඩක් විඳවලා මැරෙන්නෙ. මෙ ආගමක් ජාතියක් නැති මිනිස්සු.
ReplyDeleteමල්ලියේ, කාලයක් තිස්සේ කරන මේ සත්කාරයට මගේ හර්ද්‍යාංගම සුබපැතුම්. වැලිකතරේ දහදිය හෙලන අපේම රටේ නංගිලා ගැන ලියවුනු මේ නිර්මාණය දෑස තෙත්කලා. අපේ රටේ අය එක දවසකට කාන්තා දිනය මහ ඉහලින් සැමරුවාට ඔවුන් වෙනුවෙන් කරන දේ ඉතාම අල්ප බවයි මගේ හැගීම. මිනිසෙක් ලෙස උපදින කොට අපි ආගම ජාතිය රැගෙන එන්නේ නැහැ. අපි උපදින මවගේ සම්භවය අනුව තමයි අපේ වරිගය තීරණය වෙන්නේ. අපි අප්‍රිකාවේ උපන්නොත් අපි අප්‍රිකානු වෙයි. එහෙම නැතිනම් ඇමෙරිකාවෙ උපන්නොත් අපි ඇමෙරිකන් වෙයි. සමහර උදවිය මේ ගැන දන්නේ නැහැ. හිතලා තේරුම් ගන්නත් බැහැ. මේ ආත්මෙත් කර්ම සකස් කරනවා තිරිසන් අපායට. මහින්දේ අකුරුකල ඔබට මේ ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැහැනේ. නුඹ ධර්මය පිලිපදින කෙනෙක්. සංවේදී හදවතක් තියෙන කෙනෙක්. අපේ සිංහල ජාතියේ කෙනෙක්. සරලවම කීවොත් ශ්‍රී ලාංකීයෙක්. වැලිකතරේ දහදිය හෙලන ඔබටත් මේ නැගණි වරුන්ටත් අපේ ආචාරය!.
ReplyDeleteමගේ සහෝදරයගේ මනුස්සකමේ පරාසය මම මීට කලිනුත් නොයෙක් විට මෙහි සටහන් කලා මතකයි...ජීවිතේ ගැටගහගන්නට අනන්ත දුක්විඳින මිනිසුන් උදෙසා උඹ මේ ගොතන පදවැල් හැමදාමත් දෙ ඇස් තෙත්කරනවා සහෝදරයා..
ReplyDeleteසුලා..
@චේජනා:
ReplyDeleteවසරේ වැඩි දිනක් සේවයේ යෙදෙමින් (ගෘහණියන් ද ඇතුලුව ) හරවත් යමක් කරන ඔවුන් හැමදාම සනිටුහන් කරනවා, සමරනවා.
බොහෝම ස්තුතියි නංගී ඔබේ විමසුම් සටහනට.
@නලිනි චන්දිමා:
ReplyDeleteවසරේ දින දසුන ගත්තාම නොයෙකුත් දින වෙන් කෙරිලා තියෙන නමුත් ඒ අදාල මාතෘකාවට අවමයෙන්වත් දායක නොවූ අය එකී දින සැමරුමේදී මූලික වෙන්නේ හිත් ඇදගන්න, අවධානය ලබාගන්න ම විතරයි. එහෙමත් නැතිනම් ආර්ථික වාසි තකා.
බොහෝම ස්තුතියි නංගී විමසුමට.
@විහඟ ගීතය:
ReplyDeleteකටුනායකදී... අගනා පදපෙල ඔබේ අඩවියේ දී කියවා ඇත්තෙමි.
අපි ඉතිං වියළි පරිසරයක වෙච්චි, බොහෝ දේ දකින්නෙමු, බොහෝ දේ දැනෙන නිසාම වියලෙන්න පුලුවන් දෑස් සුරැකෙන්න බිඳු කිහිපයකින් දෝවනයවීමත් හොඳයි. ඒත් මහත්මයෝ අපිත් අසරණයි නේද?
ඔබ එක් කල කවි මුතුවැල තවත් එළියක් දුනි කාරණාවට. බොහෝම ස්තුතියි සහෘදයාණෙනී.
@තිස්ස දොඩන්ගොඩ:
ReplyDeleteමහත්මයෝ බොහෝ බර සටහනක් නොවැ.
අද අපි කර්කෂ පොලොවක දෙපයින් හිටගෙන ලොව නන්දෙසින් ආ වැඩකාරයෝ යැයි ලේබල් එල්ලාගත් අය එක්ක උරෙනුර හැප්පෙන්නේ අපේ මව්බිමෙන් අපිට දුන් අත්තිවාරමට, ලද පෝෂණයට, පන්නරයට පිං සිද්ධ වෙන්න. අපි සමජයෙන් අරගත් යහපත් දේවල් පෝෂණය කරලා ආපසු දෙන්න පුලුවන් නම්... දෑස් පියවෙන්න කලින්.
වැඩ රාජකාරි බොහෝමයක් මැද ඇවිත් සටහනක් තියා ගියාට ගොඩාක් ස්තුතියි.
@Anonymous (March 8, 2011 10:05 PM):
ReplyDeleteඔබේ උතුම් පැතුම ගොඩාක් සිතට දැණුනා. එදින නුදුරේදී ම අපිට උරුමවේවායි අපි පතමු. ඒ ගැන කල හැකි පුංචි දෙය වුනත් කරමු.
බොහෝම ස්තුතියි සටහනක් එක් කරාට.
@රවා:
ReplyDeleteමල්ලියේ ඔයාට දැන් වැඩ රාජකාරී වැඩිබව දන්නවා, ඒවා අතර ඇවිත් සටහනක් තැබීම ගැන ගොඩාක් සතුටුයි. ගල්මල් අඩවියේ පලමු ෆලෝවර්, එදා දුන් උපදේශයත් මතකයි.
පසුගිය පොස්ට් කිහිපයක සිට කාගේ හෝ කොමන්ට් ප්‍රහාරයකට ලක්වෙලා. මං ඕවා ගනන් ගන්නේ නැහැ. ඒත් ගල්මල් අඩවියේ හිතවතුන් ඉන් අපහසුතාවයට පත්වීම ගැන කණගටුයි. මේවාගේ ප්‍රශ්ණ තාවකාලිකයි, ඔන්න එව්වා අමතක කරලා අපි ඉදිරියට යමු.
@Chandi:
ReplyDeleteඅක්කේ ඔබේ සටහන ලොකු ශක්තියක්, හැමදෙයම කැටිකල කැප්සියුලයක්. බොහෝම ස්තුතියි කියන වචන විතරක් නොසෑහේ.
මගේ පාසැල ගාල්ලේ රිච්මන්ඩ්. ඒ මෑණියන් තුරුලේ අපි ලද අනුපමේය සෙනෙහස හා පෝෂණය ලොකු රුකුලක් වුණා.
සමාජයේ විවිධාකාර පුද්ගලයින් ඉන්නවා. සමාජ සංස්ථාව යහපත් වෙනවා දැකීම අපේ පැතුම. ඒ නිසා එම සංස්ථාවේ හැම ඒකකයක්ම, හැම පුද්ගලයෙක්ම යහපත් වෙන්න පතමු.
@සුලා:
ReplyDeleteමලේ, ජීවිතය ගැටගහගන්න එවුන් විඳින ගැහැට අපමණයි. විශේෂයෙන් මේ කාන්තාරයේ කට්ට කන අය අතරින් අපේ කාන්තාවන් සංඛ්‍යාවෙන් වැඩියි. ඔවුන් ගෙනෙන දිරාමය, ඩිනාරය, රියාලය අපේ රටේ ආර්ථිකයට ලොකු මුක්කු ගැහුවත් ඔවුන් දෙස හැරෙන ඇස වපරයි. ඇලවෙන ලේබලය අසාධාරනයි. අන්න ඒ තත්වය නිවැරදි කරන්න මේවා දකින අපි සමත් ද? නොදනිමි. එහෙත් මේ උත්සාහය ඒ සඳහාය.
බොහෝම ස්තුතියි මලේ සටහනට.
ඩීන් අයියා කවුද කියන එක අපි දැන් ටික කාලෙක ඉඳන් දන්න දෙයක් නොවැ. එහෙව් එකේ තමන්ගේ අනන්‍යතාවයවත් හෙලි කරන්න මෙව්වා එකක් නැති ඇනෝ කෙනෙක් එක්ක මොකට ඔට්ටු වෙනවද?
ReplyDeleteඑපිට මෙපිට වෙනසක් නැත
එහෙත් නැගණියන් මෙහෙත් නැගෙණියන්
කාසි වලට මහති ඇඳුම්
තොර තෝංචියක් නැතිව
හවුහරණයක් නැත
එහේට වඩා මෙහේ අසරණයි ද මංදා මෙහේ ඔවුන්...!
@Chathura Wijekoon|චතුර විජේකෝන්:
ReplyDeleteචතුර මල්ලී ඒක එච්චර ගනන් ගතයුතු ප්‍රශ්ණයක් නෙවේ.
නිමි ඇඳුම් කර්මාන්තයට සම්බන්ධ උදවිය කොතැනත් අසරණයි, ඒක ඇත්ත.
බොහෝම ස්තුතියි මල්ලී ඇවිත් සටහනක් කර එකට.