Tuesday, October 5, 2021

බර ද ලා දළු - Heavy Buds


රිකිලි අග්ගිසි පෙරදා
මල් මෙන් සැරසූ සියුමැලි
ළපටි අඹ දළු බැබලෙනවා
හිමිදිරි හිරු එළිය අරගෙන

නිල් අහසේ රඟ දෙන
දුහුල් සේල රටා වහන් කරගෙන
කළු වලාවක් හක්කලං කරනවා දෝ
දුර හිනිදුම් පත්තුවට...

ඈත හෝ හෝ හඬ දෙන
මූදු සුළඟ මෝරන
කඩා ඇද හැලෙනවා
කළු සේල බරවුන

වැස්ස මොර සූරන
අඹ දළු කොන්ද නවාගෙන
සොවින් බලා ඉන්නවා දෝ
ඉහිරුණු ලා දළු ගස පාමුල

කඳ ගැට පෑදී ඉලිප්පුණ
විහිදුන අතු ඉති රිකිලි කොළ දරන
සුවඳ සියුමැලි ලා දළු බරද
හැලුවේ ඇයි දැයි නොදනිමි...

1 comment:

  1. English version:
    http://amazingspring.blogspot.com/2021/10/heavy-buds.html

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts