මගේ අහස ගිලගෙන අඳුර
පහර පිට පහර දෙමින්
පිරික්සයි ඉවසුමේ සිතිජය
නිදි නැති රැය දිගුය
රිදුම් දෙන උරහිස්
විඩා බර දෙනෙත්
පෙළන්නේ නොනිමිව
කඳුළු නැත මුතු හැඩව ගලන්නට…
අයදිමි මා,
මගෙ පුංචි හදවත;
හිරු පහස නොඅඩුව ලබන කල
නුඹ සුවිසල්ය පුන් සඳක් විලස,
එනමුදු අද මා අඳුරේ...
නුඹේ යහ රිද්මය මට අවැසිය
මං පාදා එතෙර කරයුතු දයාබරයන් අසරණව...
නෙතු අයා හිඳිමි මා බලාපොරොත්තුවෙන්
පායන තුරු නවසඳ
තවත් වරක්...
අපූරුයි
ReplyDeleteජයවේවා!!!
බොහෝම ස්තුතියි.
Deleteදුමී - රසබර කවි පිරි කවි පිටුවක්, තව කියවන්න බොහෝ ඇත.
නියමයි.
ReplyDeleteබොහෝම ස්තුතියි!
Deleteකාලෙකින් මේ පැත්තෙ ආවෙ..
ReplyDeleteබොහෝම සන්තෝසයි, ස්තුතියි!
Deleteඅපූරුයි
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteදුක හිතෙනවා :(
ReplyDelete:)
Delete