Tuesday, October 1, 2019

පායන තුරු නවසඳ - Waiting for New Moon


මගේ අහස ගිලගෙන අඳුර
පහර පිට පහර දෙමින්
පිරික්සයි ඉවසුමේ සිතිජය
නිදි නැති රැය දිගුය
රිදුම් දෙන උරහිස්
විඩා බර දෙනෙත්
පෙළන්නේ නොනිමිව
කඳුළු නැත මුතු හැඩව ගලන්නට…

අයදිමි මා,
මගෙ පුංචි හදවත;
හිරු පහස නොඅඩුව ලබන කල
නුඹ සුවිසල්ය පුන් සඳක් විලස,
එනමුදු අද මා අඳුරේ...
නුඹේ යහ රිද්මය මට අවැසිය
මං පාදා එතෙර කරයුතු දයාබරයන් අසරණව...
නෙතු අයා හිඳිමි මා බලාපොරොත්තුවෙන් 
පායන තුරු නවසඳ
තවත් වරක්...

මාගේ Waiting for New Moon නිර්මාණයේ අනුවාදයකි

10 comments:

  1. අපූරුයි
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.
      දුමී - රසබර කවි පිරි කවි පිටුවක්, තව කියවන්න බොහෝ ඇත.

      Delete
  2. කාලෙකින් මේ පැත්තෙ ආවෙ..

    ReplyDelete
    Replies
    1. බොහෝම සන්තෝසයි, ස්තුතියි!

      Delete
  3. දුක හිතෙනවා :(

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts