නුඹේ අළුත් කමිසය මදින
ගැලවී ආවේ බොත්තම අකුරු බොඳවුන
මතකයක් නැත දිනකුදු කී වග නුඹ ලෙඩින
අටකට නැමී හැංගිලා පොකට්ටුවෙ හිඳින
තුණ්ඩුව කියයි පෙත්ත සිව් වසරක් ගිලින
ලොක්කා නුඹයි හැමදා මුදුන් ලීයට උරදුන
ලැබුනද නිදහස දුව පැන ඇවිදින
කොටුවනා මායිම් වැට හරියට තනමින
රැක්කා දිය යුතු ඔවදන පළමුව යහමින
කුප්පි ලාම්පු එළියෙන් දුටුවේ දුර ඈත
ජයගෙන පැන වටකර මිටියාවත් ගෙන මෑත
තඩි රූස්ස ගස් පරයා නගින්නට පෑ දෑත
වැටෙන හැම වරෙක ලංවූයේ ඈතත් කර මෑත
බිඟුවෙකි පියාපත් නැතත් දැනුමට ඇදුන
කඩියෙකි දෙපයට වෙහෙසක් නොදැනුන
කුඹලෙකි මැටි බිදුගෙන පවුරුන් මැවුන
කූරෙකි පොඩි සමුදුර ජයගෙන ඈතක් ඉඟිලුන
හිසට නිවහනක් ඇති කර දුන්
නැතුවා අඩුවක් හැම සරි කර දුන්
නුඹට උරුම දුක් අපට නො දුන්
ඉහළට යන්න මඟ පාදා දුන්
කිම කලේ නුඹ නුඹව කොන්
මග පෙන්වූ වන ට පින් දෙන නුඹ
මග ඇසිරු වන ට මෙත් කල නුඹ
වාරු නැති උන ට අත දෙන නුඹ
සිත නැති ද සිතන්න ට ගැන නුඹ
අඳුරට එළිය දෙමින් වෙහෙසුන
මහ බල උස ප්‍රදීපාගාර කුළුන
එක්ටැම් ගෙයක් ලෙසින
තනිකලේ කවුරු ද මහ රජුන
කිම වෙහෙසන්නෙද වියපත් තටුන
මිදියන් සැරිසරන්නට ගස් මල් පිරි උයන
පිඹිඳෙන් ලොක්කයියේ බේරාගෙන
මහත් සිත නුඹ උගස් කල
වසර ගනනාවක් මැදපෙරදිග දේශවල රැකියාව කරමින් ඉන්න මට නොයෙක් පුද්ගලයින් හමුවී ඇත. තම පවුල්ව බර කරපිට පටවාගෙන තම යව්වනය උගසට තබා මේ කර්කෂ පරිසරය සමඟ ඔට්ටු අල්ලන ඔවුන් අයියලා, අක්කලා, නංගිලා හෝ මල්ලිලා කියා වෙනසක් නැත. උත්සාහයෙන් ජීවිත සටන තරණය කර පවුල් නවුකාව එතර කරන්න සටන් වදින ඔවුන් සැබෑ විරයන්ය. එහෙත් ඒ වන විට ඔවුන්ගේ ජීවිත හෙම්බත්වී අසරණ වෙලා...
එවන් සොයුරන්, සොයුරියන් ගැන විමසන නිර්මාණ කිරීමට ම සිත බලපෑම් කරද කතාවස්තුව හා ඔවුන්ගේ අනන්‍යතවය තුළනය කරගෙන එවැන්නක් කිරීමෙ අභියෝගය සුළු පටු නොවේ.
ලොක්කයියේ නිර්මාණය එවන් යෝධ චරිතයක් ඇති සරළ මිනිසෙකු වටා ගෙතුන සත්‍ය කථාවකි. මාස ගනනාවකට පෙර පටන් ගත් මෙ නිර්මාණයේ කටයුතු විවිධ හේතූන් නිසා පමාවට බඳුන් විය. එහෙත්, චේජනා නංගී පියගුණ විදහා පාන පදවැලක් (
මෙතැනින් බලන්න) ගෙනෙමින් කල ආයාචනය "පෙම් කවි ලියනා කිවිවරුනේ සුපසන්... සොයුරු පෙම ගැන නව කව් ගී පවසන්" ලොක්කයියේ නිර්මාණයට නැවත ප්‍රමුඛත්වයක් දෙන්න හේතු විය.
මෙ පිදුම සෙනෙහසින් සෙනෙහස අකුරු කරන චේජනා නංගීට.