කොට බංකු පොඩ්ඩක සවිකල
මෙත්ත පුංචකින් සැපවත් කල
කැරකෙන බණ්ඩි බැරලය බොබිම
එල්ලා ලී හැඩකර බීරළු මැෂිම
මොස්තරය හිතේ සිත්තම් කර
ගැට ක්‍රම විදි තෝරා ගෙන
නිමවුමට ඔබිනා නූල් පට ගැන
රූපරේඛාවන් එස්බිසලය කර
සවිකර මොස්තරය බොබිමේ
ඇල්පෙනිතෙන් සටහන් කර
ඔබින පහලොස් තිස් නූල් පට මැන
බීරලු පොඩි සකාසා ගෙන
කඩිසර දෑතින්නේ
බීරළු පොඩි සීරුවට ගෙනෙමින්නේ
අතිනතට විසිවෙන්නේ
සියුම් ගැටයක් ඇතිවන්නේ
රේන්ද මොස්තරයක් මතුවන්නේ
පෘතුගීසි කාලේ සිට පැවතෙනා
බීරළු ගෙතුමත් හරි අගනා
ගාලු ලේස් ලෙසිනා
පිටරැටියන් මන බදිනා...
සීමාවී අද ගාලු පුරේ
මහළු අම්මලා ගොතනා
යල්පැන ගිය කලාවක්
පණ අදිනා...
බීරළු රේන්ද කර්මාන්තය ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරලාසන්න ප්‍රදේශවල දකින්නට ලැබෙන අත්කම් කර්මාන්තයකි. ගාළු ලේස්, බීරළු ලේස්, පෘතුගීසි ලේස් යන නම්වලින් ද ලොව ප්‍රසිද්ධ එම නිමැවුම ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. පෘතුගීසීන් විසින් මීට වසර 600 කට පෙර බීරළු කර්මානතය ගාල්ල අවට ප්‍රදේශයේ හදුන්වා දුන් බවත් ඈත ඉතිහාසයේ ගාළු වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන තිබූ බව සඳහන් වේ.
එහෙත් මෑත යුගයේ බෙහෝ දුරට සංචාරක කර්මාන්තය මත යැපෙන හස්ත කර්මාන්තයකි. පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය වැටී තිබුණාවූ අභාග්‍යමත් තත්වය හමුවේ දී ද මෙ කර්මාන්තය පණ අදිමින් හෝ රැකුනේ කුඩා පරිමාණයේ පුද්ගලික අංශයේ දායකත්වයෙනි. එය බොහෝ විට දශක ගනනාවක් කර්මාන්තය හා ඔවුන් අතර තිබූ බැඳීමේ සහජිවනය වෙන්න පුලුවනි.
විදේශ සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමක් දකින්නට ලැබීම අත්කම් කර්මාන්තයන්ට යහපතක් වෙනු ඇත. එහෙත් බීරළු රේන්ද ගෙතීම මෑත කාලයේ මහළු අම්මලාට සීමාවූ කර්මාන්තයක් බවට පත්ව ඇති නිසා එහි දිගුකල් පැවත්ම අනතුරක් අඟවයි. තරුණ උදවිය මෙවන් කර්මාන්ත වල නියැලීමට මැලිකමක් දක්වන්නේ විවිධ සමාජීය-ආර්ථික හේතූන් නිසා වෙන්න පුලුවනි.
බීරළු ගෙතීම පාරම්පාරික කර්මාන්තයක් සේ බැලූ බැල්මට දිස්වුවද එය උසස් නිර්මාණ ක්‍රම යොදාගන්නා කලාවකි. රේන්ද මොස්තරය ප්‍රස්ථාර කොලයක ඇඳ (මෙය රූපරේඛාවන් - graph යන යෙදුමෙන් නිර්මාණයේ සඳහන් කර ඇත), කාඩ්බෝඩ් පටියක සලකුනු කර වියුම හැසිරවිය යුතු ආකාරය අධ්‍යයනය කර එසදහා ඇල්පෙනෙති යොදා සකසන එස්බිසලය (අච්චුව හෙවත් ස්ටෙන්සිලය) බීරළු කලාවේ උසස් නිර්මාණත්මක තත්වය මොනවට පැහැදිලි කරයිද?
නව තාක්ෂණය, නව අදහස්, කාලීන නිර්මාණ හා වෙළඳපොලේ නැඹුරුතා ආදිය සැලකිල්ලට ගෙන මෙ වටිනා කලාව වැඩි දියුණු කරන්නේ නම් මීට වඩා ආර්ථික ප්‍රථිලාභ ගෙනෙන, යොවුන් උදවිය ඇද බැද තබගැනීමට සමත් හස්ත කර්මාන්තයක් වෙනු නොඅනුමානයි.
එය සියවස් ගනනාවක් නම රැන්දු ගාළු රේන්ද (Galle lace) කලාව සුරකිනු ඇති. නූතන ලෝකයේ පරිසරය-රකින මත ප්‍රවණතා වලින් මෙවන් පරිසර-හිතකාරී (eco-friendly) කර්මාන්ත ආර්ථික වාසි අත්පත් කරගෙන ඉදිරියට පියමනිනු ඇත.
ලන්ඩන් නුවර මූලිකව Powre of Hands Foundation ආයතනය අපේ බීරළු රේන්ද කර්මාන්තය උදෙසා කාර්ය භාරයක් ඉටුකරන ආයතනයකි.
මෙය ශ්‍රී ලංකාවේ අත්කම් කලාවන් අළලා කල කොටස් දෙකකින් සමන්විත විමසුමක පලමුවැන්නයි. දෙවැන්න "අපේ අත්කම් කලාව" ඉදිරි දිනකදී කියවමු.
පලමු පල කිරීම: 10-02-2010
වැදගත් ලිපියක්.
ReplyDeleteඅත් රේන්ද දන්නවද මගේ අම්මට මාර විදියට පුලුවන්
ReplyDeleteහ්හ්ම්.. වටින ලිපියක්.
ReplyDelete@Praසන්ன:
ReplyDeleteපලමුව ගල්මල් අඩවියට හරසරින් පිලිගන්නෙමු.
බොහෝම ස්තුතියි ඔබේ වටිනා ඇගයීමට.
@admin - www.AnuradhapuraZone.info/:
ReplyDeleteගල්මල් අඩවියට හරසරින් පිලිගන්නෙමු.
අත් රේන්ද ගෙතීමත් තවත් ලස්සන කලාවක්, කලකට පෙරනම් මෙවැනි කලාවන් හුරුවුනේ විනෝදාංශ හැටියට නේ. ඒත් පොත්මිටියට යටවූ අද කාලයේ ලමා ජීවිත... (දිග කතාවක් නොවැ)
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
@Ansh Lucky Sri Jay:
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී නිර්මාණය අගයමින් එක් කල සටහනට.
අය්යෙ, මට මේක කියෙව්වම ඉස්සෙල්ලම මතක් වෙන්නෙ ගාල්ලෙ තැන තැන තියෙන 'pillow lace' කියන බෝඩ්.. ඒත් ඉතින් මේක දැන් ඔයා කියනව වගෙ සංචාරකයන් උදෙසා පමනක් කරගෙන යන නැතිවී යන කලාවක් ... අපෙ කාර්ය බහුල ජීවන රටාව අතරෙ..
ReplyDeleteඋඹ ගැන ආඩම්බරයි මගේ යාළුවේ....රට ගැන මෙච්චර ආදරයක්...!
ReplyDeleteඇත්තටම මෙම කලාවන් අපේ පැරැන්නෝ කලේ හුදෙක් මුදල් අපේක්ෂාවෙන්ම නම් නෙවි....මානසික සුවය ,නිරෝගීභාවය ඇතිකරගැනීමට....ඉතින් උන්දැලා අපිට වඩා කෙතරම් ඉදිරියෙන්ද හිටියෙ.....මේ ලිපිය උන්ට උපහාරයක් ලෙසයි මා සලකන්නේ....
උඹට ජය....
සුලා...
බීරළු මෙන්ම හැඩකර
ReplyDeleteඅඳී... ඔබ බීරළු සිත්තම
ඇත්තෙන්ම මා නොදත්
බොහෝදෑ වීය එය තුල.
දැනේවිද..? කිසි කෙනෙකුට
අපේ යැයි කිව හැකි..
සියුම් කලාවනට
අත්වන නියත ඉරනම..
ගාල්ලේ පමනක් නොව
මුලු රටම එය ගිලගෙන
දුටිමි.. මම දොර දොර...
සුසුම්ලන.. විශ්කර්ම
පරපුර...
තම නිර්මාණ කරගේන
හෝ
කරගන්න පිළිවෙලක් නොමැතිව
ඉද.....
විඳවන
@චේජනා:
ReplyDeleteඔයා හරි නංගී, කලකට කලින් නම් වැලිගම ගාල්ල-මාතර පාර දිගේ මුහුද දෙසට මුහුණලා ඉඳගෙන බීරළු වියන කඩ පිරිලා තිබුනා. ඒත් ඉතිං බොහෝ දේවල් වගේ නැතිවී යන අපේ දෙයක්.
බොහෝම ස්තුතියි නංගී සටහනක් එක් කල ඔබේ ඇගයීමට.
@සුලා:
ReplyDeleteසොයුරේ, නුඹ හරි අපේ පැරැන්නෝ එහෙමයි. ඒත් අද මෙවා නැති බංග වෙලා යන්නේ කාගේවත් නොවන විදියට. නිසි පිලිවෙතක් නැති එකේ කරුමෙ. මොනතරම් රස්සා මාර්ග හදන්න පුලුවන් දේවල් ද මෙවා.
බොහෝම ස්තුතියි නුඹේ සටහනට.
@විහඟ ගීතය:
ReplyDeleteඔබතුමා සාදරයෙන් පිලිගන්නවා මෙ අඩවියට.
මෙවන් හස්ත කර්මාන්තවල අගය දැනුනත් අපි අසරණවෙලා... මා ඔබ සමඟයි සොයුරේ.
බොහෝම ස්තුතියි ඔබේ ලස්සන පදවැල එක් කර නිර්මාණය ඇගයීම.
2001 වසරේ ඉන්දියාවෙදී මට හමුවුනා ජර්මන් ජාතික මනෝවෛද්‍යවරියක්. ඇගේ අදහස අනුව බීරළු ගෙතීම මානසික හා කායීක සෞඛ්‍යය (mental and physical health) සම්බන්දව ඉතා අගේ සේවයක් ඉටු කරන්න සමත්. මෙ වියුමෙ සූක්ෂමතාවය හා නිර්මාණ හැකියාව යොදාගෙන තරුණ අය හැඩගැස්සීමෙ හැකියාව ඇය ලස්සනට ගෙනහැර දැක්වූවා. අගේ මතය අනුව මුදල් උපයන මාර්ගයක් ලෙස නෙවුවත් විනෝදාංශයක් (pass time) සේ මෙ කලාව ඉගෙනීම තරුණියන්ට ජීවිත ජයගන්න උපකාරි වෙන්න පුලුවනි.
ReplyDelete