නෙක උයන් වතු පුරා
පාට මලින් පිරිලා හැඩයි,
හෙට දවසේ පල බරින්
අතු ඉති පුරවන වහසි බසින්
සුරඟන රැඟුම්...
ගුමු ගුමුවෙ ඇදී
මුලා නොවන්,
ඉටි මලින් සරසලා
අහස උස තුඹස්
යසසින් වැජඹෙන වේයන්...
කලබලෙන් උන් ඇදෙන්නේ
රැකෙන්නට උනුන්,
රකිමින් උන්ගේ රජුන්
මිස නිමාකරන්නට ද
උන් පැටවූ අපේ කරුමයන්...
පුංචි පුංචි බිඟුවන් ලෙසින්
පෙළින් පෙළට යමන්,
හෙට පලබර වෙන්න නම්
පරිස්සමෙන් නියම මල තෝරාගනිව්
මුලා නොවෙව්!