කොරල්පර වඩාත් ආකර්ෂණීය වෙරළබඩ ජීවින්ගෙන් සැදුම්ලත් රළු රළට ඔරොත්තු දීමට සමත් නොයෙකුත් හැඩ හා පැහැයන් ගෙන් සැරසුණ කොරල් වලින් සැදුම් ලත් පරිසර පද්ධතියකි. එදිනෙදා ව්‍යවහාරයේ කොරල් ගල්මල් යැයි කියැවේ. ගල්මල් සමූහ ලෙස ජීවත්වෙන මුහුදු ජීවින්ගෙන් හා අජීවි කොටස් එකතුවකින් සැකසේ. මුහුදු ජීවියා මියගියද ගල්මල් සැකිල්ලට වූ දායකත්වය එසේම පැවතීම විශේෂත්වයකි, ඉන් කොරල් හි පැවැත්ම වගේම වර්ධනය සැකසේ.
සුනම්‍ය පෙති නැති, පරනොවෙන ගල්මල් සැකිල්ලේ කාලයාත් සමඟ තව තවත් එක්වේ. ඒ පරිද්දෙන්ම මෙම ගල්මල්-Coral බ්ලොග් අඩවිය පියවරෙන් පියවර සෙමින් ගමනක ඇදී ආවේය. ඒ ගමනේ සියවැන්න අද මෙසේ එක් කරන්නේ ගල්මල්-Coral අඩවියේ කුරුටු ගෑ පැදිපෙළක්, කෙටි කතාවක් හෝ ලිපියක් කියවූ ඔබෙන් ගොඩනැගුණ වීව්ස් කවුන්ටරය කැරකෙද්දි කොමන්ටුවක් සටහන් කරන සහෘද ඔබෙන් ලද සහයෝගයෙනි, දිරි දීමෙනි. ඔබට හෘදයාංගම ස්තුතිය මෙසේ පිරිනමමි.
තෙල්පිරිපහදු වල උස චිමිනි වලින් බුර බුරා නඟින ගිනිදැල් හා දුම් කවුළු වලින් නිදහස්වී කළු දුමින් පිරෙන මැදපෙරදිග පරිසරයක හිර වූ යව්වනය නිරතුරුවම භාෂා දෙකකින් කොපි පොත්වල කුරුටු ගෑවිණ. කොළ මත පන්හිඳෙන් අකුරු වූවා තියුණු වෙද්දී 90 දශකයේ මුල් භාගයේ දී තිත තියන්න වුවද සෑහෙන කාලයකට පසුව ලාංකීය ෆෝරමයක 2009 දෙසැම්බර් වලදී පළකළ නිල් සයුර අප මිතුර පදපෙළින් නැවත පටන් ගත්තෙමි. ඒ ෆෝරමයට සීමාවී කටයුතු කරන අවදියක හමුවූ දුකා සහෘදයාගේ උනන්දු කිරීම 2010 මාර්තුවේ ගල්මල්-Coral අඩවිය පටන් ගැනීමට හේතුවක් විය - ස්තුතියි සොයුර. රවා මල්ලියා පළමු ෆලෝවර් ලෙස එකතුවී මුල් කොමන්ටුව ද එක් කළේය. සොඳුරු මිනිසුන් බොහෝමයක් අඳුනා ගත්තෙමි, කාර්‍යබහුල ජීවිතයට බ්ලොග් කලාවෙන් ලැබෙන අස්වැසිල්ල විස්තර කරන්න අවැසි නැත. එහෙත් එදා මෙදා කවි ලිවිල්ල වෙනස්ය.
ගල්මල්-Coral අඩවියට අමතරව මැදපෙරදිග රැකියා සම්බන්ධව කරන විමසුමක් ගෙනෙන්න පතොක් යාය, පියවරෙන් පියවර ඔසවන ජීවන ගමනට දිරියක් දෙන්න අරුණලු|inspirational හා ඉංග්‍රීසි බසින් කරන්න නිර්මාණ සඳහා Amazing Spring නමින් වෙන බ්ලොග් අඩවි ද කරගෙන යන්නෙමි. දැනට තියෙන කාර්යබහුලතාවය නිසා ඒ බ්ලොග් අඩවි පොඩි විරාමයක් ගනී, ඉක්මනින් යථා තත්වයට ගෙනෙන්න බලාපොරොත්තුවෙමි.
ගල්මල්- අඩවියේ දිගහැරෙන සියවන නිර්මාණය:
පවන් සලයි මල් හිනැහෙයි
ගුමු ගුමුවයි සමනල තටු රඟන්නේ
සිහින් සුළං අහුරනු ඇයි
සිලි සිලියයි පවනට නුඹ පුදන්නේ
සුළං සැරයි සියොත් හඬයි
පත් සැලෙයි ගස් අතු ඇඹරෙන්නේ
වියරු සුළං අහුරනු බැහැ
නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ
සුනැමි නුඹ හැම විඳගෙන
අතු විහිඳා අහස උසට නඟින්නේ
උසිනුසට පිය නඟිනු බැරිවා
ලතවෙන උන් අබියස පුරුකක්වී පිදෙන්නේ
පිදුම: ඉහළට නඟින්න තැනෙන අට්ටාලයක උස සකසන්න නැතිනම් කොටසක් දරන්න ජීවිතය කැපකර උණ ගස් වලට වඩා උස, මිටි වූ මිනිසුනට
Image Credit: http://www.bamboo-plant.info/bambooplant.jpg
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Thursday, August 11, 2011
Monday, August 8, 2011
ඉඳිගස් තීරුව
රටඉඳි ගස ගැන තොරතුරු ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එකෙන් හා පිංතූර සහිතව වැඩි විස්තර ස්ලයිඩ් ෂෝ එකක් හැටියට කලින් ඉදිරිපත් කරා.
ගොවිපල වගාවට අමතර අලංකාරය (landscape) සඳහා ද රටඉඳි ගස් වවනු ලැබේ. අපි ජීවත් වෙන මැදපෙරදිග දේසයේ එවන් අලංකාරයට වවපු ඉඳිගස් තීරුවක මගේ හිත වඩාත් ඇදී ගිය ගස් කිහිපයක පිංතූර එකතුවක් 'ස්ලයිඩ්-ෂෝ' එකක් හැටියට මෙ මේ සමඟ ඉදිරිපත් කරනවා.
මෙහි දකුණත පැත්තේ පහළ කෙළෙවරේ දකින්නට ඇති හතර මුලුවලට දිස්වූ ඊතල මත ක්ලික් කර Full Screen view කරත හැකිය.
ප.ලි: මේ පින්තූර එකතුව සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ගත් ඡායාරූප වලින් සකසූ එකකි. කිසියම් අඩුපාඩුවක් ඇතොත් සමාකරනු මැනවි. හොඳ කැමරාවක් ගන්න තියෙන අදහසත් හරියට, ස්ලයිඩ්-ෂෝ එකේ දක්වා ඇති කුරු ඉඳිගස්වල පැහෙන රටඉඳි හරියට ඉදෙන්න කලින් නැතිවෙනවා වගේම; හැලී යනවා.
ගොවිපල වගාවට අමතර අලංකාරය (landscape) සඳහා ද රටඉඳි ගස් වවනු ලැබේ. අපි ජීවත් වෙන මැදපෙරදිග දේසයේ එවන් අලංකාරයට වවපු ඉඳිගස් තීරුවක මගේ හිත වඩාත් ඇදී ගිය ගස් කිහිපයක පිංතූර එකතුවක් 'ස්ලයිඩ්-ෂෝ' එකක් හැටියට මෙ මේ සමඟ ඉදිරිපත් කරනවා.
මෙහි දකුණත පැත්තේ පහළ කෙළෙවරේ දකින්නට ඇති හතර මුලුවලට දිස්වූ ඊතල මත ක්ලික් කර Full Screen view කරත හැකිය.
ප.ලි: මේ පින්තූර එකතුව සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ගත් ඡායාරූප වලින් සකසූ එකකි. කිසියම් අඩුපාඩුවක් ඇතොත් සමාකරනු මැනවි. හොඳ කැමරාවක් ගන්න තියෙන අදහසත් හරියට, ස්ලයිඩ්-ෂෝ එකේ දක්වා ඇති කුරු ඉඳිගස්වල පැහෙන රටඉඳි හරියට ඉදෙන්න කලින් නැතිවෙනවා වගේම; හැලී යනවා.
Thursday, July 28, 2011
නූතන වහලා ද නුඹ
කළු ගලින් ගල
කරමතින් ඇද ඔසවන්නැති
කළු ගලේ හැඩි
සුදු කිරිගරුඬ තහඩු වහන්නැති
කළු සිතින් හැඩ
සුසිනිඳු රටා මවන්නැති
කළු අතින් තව
සිහිවටන තැනෙයි හිතෙන්නැති
සුදු තාජ් මහල
සෙවණේ නුඹ අත සිඳින්නැති
කළු රටින් ගාල්කර
රුවල් නැවින් දුර ගෙනෙන්නැති
කළු දුමින් මුවාකර
එවැසි එවුන් පලවාහරින් කියන්නැති
කළු රළු ගෝරයින්
පුරවා ගැඹුරු අගලත් කපන්නැති
කළු ගලින් වටකර
රළත් ජයගෙන උසට බඳින්නැති
සුදු ඕලන්ද කොටුව
සෙමෙන් නුඹ පිටමං කරන්නැති
නිවහල් ලොව අද
ගාල් කරනු මොට ද ඇදවා ගනිතෑකි
නිදහස් ලොව අද
යදම් මොට ද බැඳ තබා ගතෑකි
අවිහිංසා ලොව අද
කස මොට ද හිරකර පෙලතෑකි
කාසිදිලෙන ලොව අද
නුඹ මොටද කහවණු ගෙනතෑකි
දියුණුයි ලොව අද
රුවල් මොට ද පිටමං කලතෑකි
සටහන:
අද ලෝකයේ රැකියා සඳහා සංක්‍රමණය අමුතු දෙයක් නොවෙන විදියට නූතන සමාජ ආර්ථික ක්‍රමය සැකසී ඇත. ඒ සඳහා මිනිස් ශ්‍රමය සැපයුමට ද වක්‍රව හෝ සෘජුව ක්‍රම යෙදී ඇත. අපේ රටටද එහි විශේෂත්වයක් නැත. විදේශ රැකියා සඳහා සංක්‍රමණය ගැන පතොක් යායේ පලකල ලිපියෙන් වැඩි විස්තර කියවන්න පුලුවනි.
මේ වන විට විදේශ රැකියාවල නිරත ලාංකිකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.5 කට අධිකය. ඉන් බහුතරයක් මැදපෙරදිග දේශවල රැකියාවේ නියුතු අය වෙති. මෑත කාලයේ මෙකලාපයේ ඇති වී ඇත්තාවූ නොසන්සුන්තාවයන් නිසා විදේශිකයිනට සපයන රැකියා සීමාකරන තත්වයක් උදාවෙන්න බොහෝ ඉඩ ඇත.
එදා කළු අප්‍රිකාණුවන් බුරුතු පිටින් අල්ලා ගාල්කර වහලුන් හැටියට රුවල් නැව් වලින් පිටමං කර බටහිර අප්‍රිකාවේ සුදු-මැදුර හා සම්බන්ඳ කුප්‍රකට වරාය ගැන ලිපියක් මෙතැනින්.
Wednesday, July 20, 2011
සීමාව
පට්ටම් හැඩකර හිස
පොට දිගේ කඳ
ඉහළ පහළ යායුතුය
හැඩ වුණත් මුරිච්චිය
රළුහකු හිරකර දෙපැත්තක
වෙරෙන් තදකරනා කල
සීරුවෙන් නොයා කෝමැයි
පොටපැන හිරවෙනු බෑමයි
යකඩ මෙවලම හැඬි පෙලුවද
සෙලවෙන්නට හිදැස් නැතිවා
පිපිරුණොත් සඩැස් මුරිච්චිය
දරාගනු බැරිවා තවත් තාඩන
කඩාවැටුන ද දෙපිළ යාකල
ගිලිහුණොත් රළුහකු මෙවලම
විසුනුව බල නැතිකර ගැම්ම
හිතාගනු බැහැ වෙන වින
පසුබිම: බොල්ට් ඇණයක් පයේ මහපට ඇඟිල්ලෙන් රඳවාගෙන ගොරහැඬි හකු ඇති ස්පැනර් දෙකක් එක්ක ඔට්ටු අල්ලන වයසක අයෙක්...
Image Credit:
http://image.tradevv.com/2010/09/01/suyurailroad3_1608075_600/stud-bolt-with-hexagonal-nuts.jpg
http://www.intelligentvending.co.uk/vending-machine-maintenance-service.htm
Saturday, July 2, 2011
හිතේ ඇඳි දියුණුවේ සිතුවමක්
ගඟබඬ වෙල්යායේ සිරිසිරිය
බරින් බරට පැහුණ රන්වන් වී කරල
තුන් කන්නෙම පල රැකදුන්න
අතු ගඟ ගමට එක් කළේ ආසිරිය
පිළිකන්නේ කොරටුවලින්
ලැබුණා ගමටම කිරි බිත්තර
ඇලබඬ කොටුවට සරු පොහොර
යසට වැඩුණා එළවළු පලා පලතුරු
නෙලා ගෙනා වට්ටි අම්මලා
කොස් පොලොස් ද එක්කර
සිනාමුවින් ගෙන් ගෙට යමින්
විකුණා ගත්තේ අත සරුවට
උඩුගම් ගංවතුරෙන් බේරන්න
හූරා ගං පතුලේ තාරවන් මඩ
පිරෙව්වා වෙල්යායන්
උස්සා උසට ජල තලයෙන්
යන්තර සමවිය කඩිසර චීන්නු
සිනාමුවින් අඳුරෙත් වැඩ කෙරුවෝ
යන්තරේ බර අඩුකළ අපේ ඇත්තෝ
එළිපිටම ඩීසල් ගැලුම් ගෙන බැස්සෝ
හිස සැලුණ ගං කොමලිය
පසුකරා ඉරිතැලුන වෙල්යායන්
ගොවි රජුන් උන්නා බලා
මතුවෙනතුරු මනි ඕඩර තැපෑලෙන්
සටහන: ළමා කාලයේ මතකය ඔස්සේ ආපස්සට යමින්.... 70 දශකයේ මැද දී දුටු සංවර්ධන වැඩපිළිවෙළක් ගැන හිතේ ඇඳුණ චිත්‍රයක් මෙම පදපෙළට හේතුවිය.
Image Credit: http://www.jillstanek.com/
Friday, June 10, 2011
සුවඳ දුම්
ජයගෙන රළු සුළඟ
නිවුන ගිනි සිළුව
අළු යට සැඟව
රත අඟුරු
දවා අගිල් සඳුන්
විහිදන මුදු සුවඳ
Image Credit: http://incensemaking.com/
සටහන:
මුදු සුවඳක් සුළඟේ ඇවිත් නාස්පුඩුවල ගැටෙද්දී මොනතරම් නම් සිහිල් සුවයක් දැනෙනවද... සොබාදහම විසින් පරිසරය අලංකාර කරන ගස් වැල්, මල්, ආදී අනේක සුවඳ උපදවන දේ දායාදය කරලා තියෙන්නේ ඒ ප්‍රියජනක දැනීම ලෝක වාසීන්ට හිමිකර දෙන්න වෙන්න ඕනේ. ඉන් විඩාබර ජීවිත සනහාලන්න, සුවපත් කරන්න වෙන්නෙ ඕනේ.ඒ වගේම මේ ලෝකය සුවඳවත් කරන්න දැවෙන, ක්ෂයවෙන දේ ද බොහෝමයි. ඒ කැපවීම මුල් කරගෙන කල පොඩි පදපෙළක් සුවඳ දුම්. කබලක දැවෙන අඟුරු කෑල්ලක්, ඉන් නැගෙන සුවඳ දුමකින් වටාපිටාව සුවඳවත් කෙරෙන අන්දම... ඉන් කියැවෙන ගැඹුරු අදහස් කිහිපයක් මේ නිර්මණයට මුල් වුණා.
දුම් කබලක් කියද්දී ලාංකික අපේ සිතට එන්නේ පොල්කටු අඟුරු දැවෙන කබලක් වුණත් පහසුවෙන් සුවඳ දුම් ඇතිකරන්න පුළුවන් පරිදි සකස් කරන ලද අඟුරු වර්ග ද ඒවා දැවිය හැකි අනේක මොස්තරවල කබල වර්ග ද වෙළෙඳ පොලින් ලබාගන්නට තියෙනවා. ලොව පෙරදිග සිට අපරදිගටත් නොයෙකුත් සමාජ සංස්කෘතීන් තුළත් අනේක විදි සුවඳ දුම් භාවිතය දකින්න පුළුවනි.
ගල් අඟුරු, පොල්කටු අඟුරු, වියළි අතු කෑල්ලක් වැනි මොනවා වුනත් ගින්නට හසු වූ විට බුර බුරා නගින ගින්නේ දැවෙනවා. වටා පිටාවේ හමන සුලඟ ඒ ගින්න වැඩි කරන්න පුලුවන් වගේම සුළඟ සැර පරුස වෙද්දී නිමෙන්නත් පුලුවනි. ගිනි දලු ජය ගන්නේ නම් අලු ගොඩක් බවට පත්වේවි ඉක්මනටම, ඒ හටනේ දී ගිනි සිළුව නිවුනාම ඇතිවෙන්නේ ගිනියම් වූ අඟුරු කෑල්ලක්...
ගිනි ගත් අඟුර පවනේ ගැටී දැවෙද්දී ඇතිවෙන්නේ අළු, තම නැතිවීම පමා කරන්න පුලුවන් ක්‍රමයක් හැටියට අඟුරු කෑල්ල අළුයට ආවරණය ලබනවා. ඒ ගිනියම් වූ අඟුර මත ගිනිගන්නා සුළු දෙයක් වැටුනාම ගිනි ජාලයක් ඇතිවෙන්න පුලුවන්. සුවඳ උපදවන දෙයක් වැටුනාම කෙමෙන් කෙමෙන් දැවී සුවඳ විහිඳුවන්නත් පුලුවන්. නැතිනම් ඔහේ දැවී යන්නත් පුලුවන් නේද?
අගිල් හා සඳුන් (පහත කොමන්ටුවක මේ ගැන විස්තර කර ඇත) කියන්නේ දැවෙද්දී ප්‍රියජනක මුදු සුවඳක් නිකුත් කරන ගස් වලින් ලබාගන්නා, වියලාගත් පතුරු විශේෂයක්. ඒ වගේම මිල අධික ද්‍රව්‍යයක්. ඒ නිස ම ඒ සුවඳ විඳින්න පුළුවන් වෙන්නේ අතමිට සරුසාර හා වරප්‍රසාද හිමි අයටයි.
තවද, තම පවුලේ උදවියගේ සුබසිද්ධිය උදෙසා අනේක කම්කටොලු වලට මුහුණ දෙමින්, හැම විඳ දරාගෙන සුවඳ විතරක්ම විහිඳන අයත් අරකී දැවෙන අඟුරු හා සම නොවේද?
පදපෙළින් තවත් අදහස් මතුවෙන්නත් බැරි නැහැ...
Thursday, June 2, 2011
ප්‍රතාපවත් රටඉඳිගස - ස්ලයිඩ් ෂෝ
මේ තියෙන්නේ රටඉඳිගස ගැන පිංතූර හා තොරතුරු එක්තුවකින් සැකසූ ස්ලයිඩ් ෂෝ එකක්. මෙහි දකුණත පැත්තේ පහළ කෙළෙවරේ දකින්නට ඇති හතර මුලුවලට දිස්වූ ඊතල මත ක්ලික් කර Full Screen view කරත හැකිය.
මෙය ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එක හා සම්බන්ධ ස්ලයිඩ් ෂෝ එකයි. Embed කරවිට Comment කිරීමේ ප්‍රශ්ණයක් මතුවෙන නිසා පොස්ට් එකෙන් ඉවත්කරන්න සිදුවුනා. ඒත් බලන්න පහසු ලෙස මෙසේ වෙනම පොස්ට් කරනවා. කොමන්ට් කිරීමට ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එකම යොදාගන්න පුලුවන්.
මෙය ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එක හා සම්බන්ධ ස්ලයිඩ් ෂෝ එකයි. Embed කරවිට Comment කිරීමේ ප්‍රශ්ණයක් මතුවෙන නිසා පොස්ට් එකෙන් ඉවත්කරන්න සිදුවුනා. ඒත් බලන්න පහසු ලෙස මෙසේ වෙනම පොස්ට් කරනවා. කොමන්ට් කිරීමට ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එකම යොදාගන්න පුලුවන්.
Subscribe to:
Posts (Atom)
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
අදත් බැරිලු කරන්න අන්තිම තෙරපිය. කීවතාවක් නම් කල්ගියා ද? ඉන්නෙපයි වරුවක් එනකම් ගමේ යන බස්සෙක ඔන්න ඔහේ ඉන්නවා මෙතැනම. මහා දානපති ගමේ මුදලාල...
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්‍රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...
-
උදේ පාන්දර ඔබට උනුම උණු කෝපි කෝප්පයක් පිළිගන්වනවා, ලස්සන සිනාවක් එක්ක. පදමට රෝස්ට් කර කෝපියේ ඇරෝමාව (Aroma, සුවඳ) ඔබේ නාස් පුඩු අතරින් රිංගන...



