පට්ටම් හැඩකර හිස
පොට දිගේ කඳ
ඉහළ පහළ යායුතුය
හැඩ වුණත් මුරිච්චිය
රළුහකු හිරකර දෙපැත්තක
වෙරෙන් තදකරනා කල
සීරුවෙන් නොයා කෝමැයි
පොටපැන හිරවෙනු බෑමයි
යකඩ මෙවලම හැඬි පෙලුවද
සෙලවෙන්නට හිදැස් නැතිවා
පිපිරුණොත් සඩැස් මුරිච්චිය
දරාගනු බැරිවා තවත් තාඩන
කඩාවැටුන ද දෙපිළ යාකල
ගිලිහුණොත් රළුහකු මෙවලම
විසුනුව බල නැතිකර ගැම්ම
හිතාගනු බැහැ වෙන වින
පසුබිම: බොල්ට් ඇණයක් පයේ මහපට ඇඟිල්ලෙන් රඳවාගෙන ගොරහැඬි හකු ඇති ස්පැනර් දෙකක් එක්ක ඔට්ටු අල්ලන වයසක අයෙක්...
Image Credit:
http://image.tradevv.com/2010/09/01/suyurailroad3_1608075_600/stud-bolt-with-hexagonal-nuts.jpg
http://www.intelligentvending.co.uk/vending-machine-maintenance-service.htm
මම් දවසක් ගම්පහ සිටේශන් එකේ දි දැක්කා ඔහොම එක්කෙනෙක්. ඒ මනුස්සයා හිගා කන්න කරන්නේ ඔහොම ඩෝල්ට් ඇනයක් කකුලකින් තද කරන එක. පව් කියලා හිතුනා.
ReplyDeleteඒ වයසක මනුස්සයගෙ ගත සවිමත්ද කියලා හිතුනා ස්පැනර් දෙක ඔට්ටුවෙන්න. මොකද යොදවන්න ඕනෑ ශක්තිය නිසා...
ReplyDeleteපද ටික එක්ක ලොකු චිත්‍රයක් මැවුනා ඩීන් අයියේ
අපිට ඉතාම සුළුයි කියලා හිතෙන දේකින් අයියා පද පෙළක් මවන පූරුව මම කල්පනා කෙරේ.....
ReplyDeleteස්පෑනර් එකයි හිතේ හය්යයි දෙකෙන්ම වෙන්නැති ඔහු ඒ කාරිය කරන්නෙ.
ReplyDeleteඩීන් අයියා..හුඟ දවසකින්...
ReplyDeleteමිනිස්සු ජීවත් වෙන්න කොයිතරම් දේවල් කරනවද...
හිතේ හයියට...ජීවත් වෙන්න ඔනෙ නිසා කෙරුවට ඒ වියපත් මනුස්සයට ජීවිතේ මොනතරම් වෙහෙසකර ඇතිද...
ඔබ ඔහුගෙ ජීවිතය දිහා ඒ ඇන මුරිච්චි තුලින්ම දකින අන්දමත් අපූරුයි..........
ඩීන් අයියා , හිතක් පපුවක් නැති අජීවී දෙයක් පදනම් කරගෙන සජීවි දෙයක් කෙරේ අනුකම්පාවක් උපදින්න ලියන හැටි හරි කදිමයි.
ReplyDeleteඇත්තටම මෙන්න ලියනව නම් කවි... මේ කවිය කියවල ඉවර වුනාම මට හිතුනේ “ ඇයි මට මේ දේ මේ විදිහට හිතන්න බැරි වුනේ “ කියලා.....
සිතත් ගතත් ශක්තියෙ ගෙන දුන් හීනේ
ReplyDeleteමහත් බල මහිම කෝ අහලක නෑනේ
ගෙනත් උක්දඩුත් ගිණි තපිනා මානේ
අපිත් මුරිච්චියකට අහුවුන ගානේ
උපරිමයි අය්යන්ඩි පසුබිමේ විස්තරේට වඩා බරකතාවක් උබ කියනවා නෙවැ
ReplyDeleteNo words!
ReplyDelete@මධුරංග:
ReplyDeleteමිනිස්සු ජීවත් වෙන්න බොහෝ දේ කරනවා. ඒ මනුස්සයා උපයන්නේ යම් හැකියාවක් පෙන්නලා කියන්න පුලුවන් නේද?
බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් එක් කරාට.
@දිල්:
ReplyDeleteදිල් නංගි කතාව තේරුම් ගත්තා වගේ නේද?
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@හරී - පිණිපළස:
ReplyDeleteඔව් නංගී හැම සුළු දෙයකම වුණත් කතාවක් තියෙනවා, හැම කතාවකම වටිනා වස්තුවක් තියෙනවා. මේ පොඩි දෙය තුළින් පිළිඹිබු වෙන කතාව නම් ලොකුයි...
බොහෝම ස්තුතියි නංගී ඔබේ ඇගයීමට.
ඩීන් මල්ලි, මට මගෙ මහත්තයාගෙ තාත්තාව මතක් උනා. තාත්තා වරලත් ඉංජිනේරුවෙක්. අපි සමග අපේ වර්ක් ෂොප් එකේ වයස හැත්තෑපහ පනින කල් වැඩ කලා. වැඩට එන්න එපා කියලා අපි කීවම බොහොම මානසිකව ඇද වැටුනා. පසුව අක්කා වෛද්‍යවරියක් ලෙස තාත්තාගේ තත්වය තේරුම් ගෙන සතියකට දෙපාරක් එන්න අවසර දුන්නා. අන්තිම කාලෙ බොහොම ආසාවෙන් ඉගෙන ගන්නා ලමයින්ට (කර්මාන්ත පුහුණුවට එන ) දේවල් කියාදුන්නේ හිතේ හයියටමයි. පුදුම දැනුමක් තිබුනා මේ ක්ෂේත්‍රය ගැන. ගතින් දුබල උනත් හිතේ හයිය මියයන තුරුම තිබුනා.
ReplyDeleteමේ හිතක් පපුවක් නැති දේ එකතු කරලා කරන නිර්මාණ අපිව ගෙනියන දුර........... බොහොම ස්තූතියි.
@නලිනි චන්දිමා:
ReplyDeleteකෙනෙකුගේ හිතේ දහිරිය නවීන මෙවලම් උපකරණ වලට වඩා වැදගත් වෙනවා ඇති කියලා හිතෙන්නේ පලපුරුද්ද්ට වැඩකරන වයසක උදවිය දැක්කාම.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@සපතේරු උන්නැහේ:
ReplyDelete/මිනිස්සු ජීවත් වෙන්න කොයිතරම් දේවල් කරනවද.../
මේ ප්‍රශ්ණය අනේකවර හිතට එන එකක් නේද? විශේෂයෙන් මෙහේ ඉන්න අපිට. ඒ ප්‍රශ්ණයත් ඊට සාපෙක්ෂව තමුන් දිහා බැලීමට හැකිවීමත් තුලින් ලොකු පන්නරයක් ලැබෙනවා කියලා හිතෙනවා.
ඇණ-මුරිච්චි තුලින් දුටු කතාව ගැන විස්තර එකතු කරන්නම් පසුව.
බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට.
මේ ටිකේම වැඩ ගොඩක හිරවෙලා, විවේකයක් නැති තරම්.
@සොඳුරු සිත:
ReplyDeleteඉහළ සටහනක ලියුවා වගේ අපි වටා ඇති බොහෝ දේවල නිර්මාණයකට අවස්ථාවක් ලබා දෙනවා. ඒත් ඉන් අදහසක් අපේ හිතට ඇතිවෙන්නේ ඉඳහිට වීමයි වෙනස. මෙතැනදී මං දුටු අදහස පසුව ලියා එකතු කරන්නම්.
බොහෝම ස්තුතියි නංගි ඇගයීම හා සටහනට.
@විහඟ ගීතය:
ReplyDeleteවිද්දා යා කරන තහඩුව
වද්දා කඳ දිගේ පොට
මන්දා පරතරය මෙ දිග
බන්දා මල දිරන යකඩ
රන්දා සමනල මුරිච්චිය
@Ano:
ReplyDeleteකතාව තේරුම් අරං ඇති හැඩයි, ස්තුතියි මලණුවනේ
@චේජනා:
ReplyDeleteඒ වචන දෙක ගොඩාක් අගේය, බොහෝම ස්තුතියි නංගී.
@Chandi:
ReplyDeleteකෙනෙකුගේ දැණුම හා හිතේ දහිරිය එකතු වුනාම ඇතිවෙන ශක්තිය මොනතරම් ද කියන්න අක්කාගේ සටහන හොඳටම ඇති. බොහෝ කාර්‍යශූර, සෞඛ්‍ය සම්පන්න අය පවා විශ්‍රාම ගියාම ලෙඩ වෙනවා කියන අදහසක් තියෙනවානේ. ඒ ඔවුන්ගේ පුරුදු ජීවන රටාව කෙරෙහි ඇතිවන බලපෑම හා තවදුරටත් යමක් කරන්න බැරිය මානසිකව තත්වය නිසා ඇද වැටීම වෙන්න ඇති.
ඔබේ සටහන වගේම ඇගයීම මට ගොඩාක් වටිනවා අක්කණ්ඩි, බොහෝම ස්තුතියි.
මේ නිර්මාණයට මුල් වූ ලෝහයෙන් තැනුන පොට ඇණය හා මුරුච්චිය (bolt and nut) හරිම සරළ එදිනෙදා ජීවිතයේ අනේක වාරයක් දකින්න ලැබෙන සුළු දෙයක්.
ReplyDeleteකාරිය අනුව තෝරාගන්නා වූ ඇණයේ දිග වෙනස්, එහි කෙළෙවරක හය පට්ටම් හිස, ඇණයේ කඳ දිගේ උවමනාව පරිදි ලංව හෝ දුරස්ව සර්පිලාකාරව කැපුන පොට (thread) ඒ දිගේ කැරකී උඩ යන්න හෝ බැස යන්න හැදූ මුරුච්චිය වේ. ඇණයේ හිස වගේම මුරුච්චියත් පෙනුමින් එකම හැඩය ගනී. පොට ඇණය රැඳෙන්නට සැකසුන විදමන අරක්ගන්න ඇණය යමෙක සවිවෙන්න, රැඳෙන්න නම් මුරුච්චිය කඳ දිගේ පොට ඔස්සේ හිර කර යුතුය. දෑඟිල්ලෙන් කරකවා හසුරුවන මුරුච්චිය අත්වාරුවෙන් තදකරන්න පටන් ගැනුන ද අරකී තල වලින් ඉහලින් ඇති පට්ටම් හිස එහාමෙහා වෙන්න පුලුවනි. , තිරව සවි නොවුනා වෙන්න පුලුවනි. යකඩ හැඩ-යතුරක්, ස්පැනරයක වැනි රළු හකු මෙවලමකින් මුරුච්චිය කරකවා තව තවත් හිර කරන්න පටන් ගන්නේ ඇණයේ පට්ටම් හිස තිර ලෙස සවි කරන්නත්; ඇණය, මුරුච්චිය හා යාකල ව්‍යුහය/සැකිල්ලේ පැවැත්ම ඇති කරන්නත් වෙන්න පුලුවනි. ඒ තැත ද ප්‍රමාණවත් නොවූ කල පට්ටම් හිස ද මෙවලමක ග්‍රහණයට හසුවේ.
සම්පූර්ණ ව්‍යූහය තව දුරටත් තද කිරීමට ලක් වෙන අතර ස්පැනර් දෙකක් දෙපැත්තට කරකවන ශක්තියේ තුලනය රැඳී තියෙන්නේ එහා මෙහා (adjust) වී හැම පීඩාවම විඳිය යුතු මුරුච්චිය මතය. ග්‍රහණයේ හා පෙළීමේ සීමාව ඉක්මවා බිඳ වැටෙන මුරුච්චිය පිපිරීමට ලක්වී බිඳ වැටුණහොත්, ස්පැනරයේ තුලනය නැතිවී ශක්තිමත් කම්මල්කරුවා සැකිල්ල මත ඇද වැටෙන්න පුලුවන්. ඒ සැකිල්ල තියුණු තහඩු කිහිපයක් තල ආකාරව පිහිටි යමක් නම්...
නිර්මාණයෙන් විමසුවේ එයයි. පසුබිම ගැන කළ සටහන පාඨක ඔබ එක් පැත්තකට විතරක් හැරෙව්වා නම්, සමාකරන්න.