Monday, July 31, 2023

රාත්‍රියට ඇස් දහසකි | The Night Has a Thousand Eyes

රාත්‍රියට ඇස් දහසකි,
දිවා කල එකම එකකි;
එනමුත් ලොව ප්‍රභාවත් කරන ආලෝකය
මියැදෙයි හිරු බැස යත්ම.

සිතේ ඇස් දහසකි,
හදවතට එකම එකකි;
එනමුත් ජීවිතය එළිය කරන ආලෝකය
මියැදෙයි පෙමක කම්මුතු.

“The night has a thousand eyes,
And the day but one;
Yet the light of the bright world dies
With the dying sun.

The mind has a thousand eyes,
And the heart but one:
Yet the light of a whole life dies
When love is done.”

― Francis William Bourdillon
* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.


Francis William Bourdillon [1852-1921, British poet] කවියාගේ The Night Has a Thousand Eyes කවියේ පරිවර්තනයකි.

පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral, 2023/07/26

Saturday, July 22, 2023

කැටයම් - The Carving

 


තරු හෝටල සාලාවෙ
පාට පාට ආලෝකය
පීරන සුවිසල් මේස
දිලෙනවා
එළවළු ගෙඩි පලතුරු
නෙක විසිතුරු කැටයම්
පෑ දස්කම්

එපිට රථ ගාලේ
මැඩ ගෙන හිරු රස්මිය
බඩ පිට ඇලි නෑ'ලි
පොඩි එවුන් දෙදෙනෙකු
දුව දුව යදිනවා
සෝදන්න ද දිලිසෙන රිය
ඉපැයුමට
කාසි සියයක් දෙකක්

පිවිසුම් දොරටුව
රකින ලා නිල ඇඳුම්
බැන බැන එලවනවා
හිස් බඩට පුසුඹ බුදිමින්
කාසි යදින එවුන්,
කානුව දිගේ ගලා බසී
රූප කැටයමට ඉඩ දී
පතුරුව විසිවුන
රස ගුණ පිරි
ඉඳුල්

Saturday, July 15, 2023

පතොක | The Cactus

 


කතරක,
ඉඩෝරය
නොයදිමි දිය...
එනමුදු,
බෙදන්නම්
සිසිලකාරක,
පුංචි මලක්
මටසුමට හැඩ නැති
කටු අතු අග...
- පතොක


සටහන:
සිසිලකාරක = Coolants, සිසිල ගෙනදියහැකි, සිසිල් කරතෑකි
කෝමාරිකා (aloe vera) ද පතොකකි

Wednesday, July 5, 2023

කවිය නොලියූ | Unwritten

 


කළු මිනිරන් තුඩ මොට
සුවඳ දෙන රබරය
ගිලගන්න
බලා ඉඳී දිලිසෙන මුදුව
පැන්සල් කොට කෙළවර,
ලියමින් මකන
මකමින් ලියන
හම ගිය
හිස් කොළය
අවපැහැ...