ගඟබඬ වෙල්යායේ සිරිසිරිය
බරින් බරට පැහුණ රන්වන් වී කරල
තුන් කන්නෙම පල රැකදුන්න
අතු ගඟ ගමට එක් කළේ ආසිරිය
පිළිකන්නේ කොරටුවලින්
ලැබුණා ගමටම කිරි බිත්තර
ඇලබඬ කොටුවට සරු පොහොර
යසට වැඩුණා එළවළු පලා පලතුරු
නෙලා ගෙනා වට්ටි අම්මලා
කොස් පොලොස් ද එක්කර
සිනාමුවින් ගෙන් ගෙට යමින්
විකුණා ගත්තේ අත සරුවට
උඩුගම් ගංවතුරෙන් බේරන්න
හූරා ගං පතුලේ තාරවන් මඩ
පිරෙව්වා වෙල්යායන්
උස්සා උසට ජල තලයෙන්
යන්තර සමවිය කඩිසර චීන්නු
සිනාමුවින් අඳුරෙත් වැඩ කෙරුවෝ
යන්තරේ බර අඩුකළ අපේ ඇත්තෝ
එළිපිටම ඩීසල් ගැලුම් ගෙන බැස්සෝ
හිස සැලුණ ගං කොමලිය
පසුකරා ඉරිතැලුන වෙල්යායන්
ගොවි රජුන් උන්නා බලා
මතුවෙනතුරු මනි ඕඩර තැපෑලෙන්
සටහන: ළමා කාලයේ මතකය ඔස්සේ ආපස්සට යමින්.... 70 දශකයේ මැද දී දුටු සංවර්ධන වැඩපිළිවෙළක් ගැන හිතේ ඇඳුණ චිත්‍රයක් මෙම පදපෙළට හේතුවිය.
Image Credit: http://www.jillstanek.com/
සිතුවමක් වගේ සිතෙහි ඇඳුණා මේ කවිවලින් කියවෙන ගමෙහි විස්තරය. සශ්‍රීකත්වයෙන් මෙන්ම සුන්දරත්වයෙන් අනූන ගමක් වගයි හැඟෙන්නෙ.
ReplyDeleteඒත් මට අපැහැදිලියි අර අවසන් පදවල අරුත. "යන්තරේ බර අඩු කළ අපේ ඇත්තෝ, එළිපිටම ඩීසල් ගැලුම් ගෙන බැස්සෝ" සොරකමක් ගැනද මේ?
"ගොවි රජුන් උන්නා බලා, මතුවෙනතුරු මනි ඕඩර තැපෑලෙන්" සංවර්ධන වැඩපිළිවෙලට සම්බන්ධ සිද්ධියක්ද?
@නලිනි චන්දිමා:
ReplyDeleteමතකයේ හැටියට 1975-76 කාලයේ වැඩකටයුතු සිදුවූ ගිංගඟ යෝජනා ක්‍රමයයි පසුබිම. වැඩකලේ වීන ජාතිකයින්, බොහෝ ලාංකික පිරිසක් ද ඒ වැඩවල යෙදී හිටියා. චීනුන් වැඩට මොනතරම් දක්ෂ ද කියලා දෑසින් දැක්කේ ඒ කාලේ. එහි වැඩ කර ලාංකික අය හවස හතර වෙද්දි දැතට ඔසවා ගන්න බැරි තරම් ලොකු ගැලුම් උස්සාගෙන බැහැලා ගියා.
ගොවිතැන් හා කොරටු වගාව නැතිවී යද්දී ඇතිවූ රැකියා හිඟය ග්‍රාමීය කෘෂීකර්මාන්තායේ යෙදුන අය නගරයට තල්ලු කරනවා. 77වසරෙන් පසුව ඇතිවූ විවෘත ආර්ථිකය ඔවුන්ව තවත් අගාධයට ගෙනගියා කියන්න පුලුවනි.
මින් කියවෙන මගේ උපන් ගම ගාලු නගරයේ සිට සැතපුම් 2-3ක් තරම් ඇතුලත් ප්‍රදේශයක්. මේ පදපෙල ලියුවේ 2010 මුලදී වුනත් පල නොකල ගොඩට වැටුනා.
පදපෙලේ අඩුපාඩුකම් පෙන්වාදීම ගොඩාක් අගේ කරනවා නංගී. බොහෝම ස්තුතියි අදහස් බෙදා ගත්තාට.
ලස්සනයි ඩීන් අයිය.හිතේ චිත්‍රයක් ඇඳුන.
ReplyDeleteස්තුතියි ඩීන් අය්යා විස්තරයට. පදපෙළෙහි අඩුපාඩුවක් නැහැ; රටතොට ගැන මගේ දැණුමේ අඩුපාඩුවක් තියෙන්නෙ.
ReplyDeleteගොවි රජුන් සහ කුමාරවරුන් තවමත් මනි ඕඩර එනතුරු බලා ඉන්නවා මම හිතන්නෙ. ඒ වෙනුවට වෙන ඕඩරනෙ එන්නෙ.
මේව දැක්කම අපේ සංකර ජීවිත ගැන පුදුම දුකක් දැනෙනවා අයියේ. ඇත්තට මනි ඕඩර ආවෙම නැතිලුද?
ReplyDeleteඅනේ අපේ ගමට ගිය කල කියල හිතුන මේ පැදි පෙල කියවත්දි. මල්ලී අපේ ගමටත් මේ සංහිදියම වෙලා කියල මට හිතෙන්නෙ. ඉස්සර බොරලැස්ගමුව හරිම සුන්දර වෙල්යායක්, වැවක් හා පැත්තකින් වේරැස් ගඟ ගලා බැස්ස ලස්සන ගමක්. අනේ දැන්නම් හැම දේම වෙනස් වෙලා. කුණු ගොඩගහන්නේ ගඟේ පැත්තකට වෙන්න. වෙල්යායවල් ගොඩවෙලා, ගෙවල් හැදිල. වැව යන්තම් ඉතිරිවෙලා තියෙනවා ධර්මායතනය ළග. ඒ ඇරෙන්න පරිසරයම නාගරීකරනය වෙලා. හරිම ලස්සනට හිතට වැදුන මේ වෙනස්වීම ගැන ලියවුන කවි පන්තියක්. ගොවියන්ට ලැබෙන්නට තිබූ වන්දියවත් ලැබිල නෑ නේද? මොනව උනත් පරිසරය ආරක්ශාකරගත්තේ නැත්නම් අපි අනාත වෙන බව නම් ස්තීරයි.
ReplyDeleteසති අන්තේ ඇවිදින්න ගිහින් මට මේ ලිපිය මග ඇරිලා . ඔන්න අපේ අව්‍යාජ ගම ඔයා හොඳට මවල තියෙන්නේ. චීන නම් ඉතින් හපන තමයි. අපේ අය හොරකමට බර එකත් ඇත්ත. අපිට ඉතින් ඒ ලස්සන ගම දැන් අතීත මතක විතරයි. හොඳයි අපිත් කැමතිද කුඹුරක් කොටාගෙන කිකිලියෙක් හදාගෙන ආපහු අතීත ජිවිතයට යන්න . කාසියක දෙපැත්ත වගේ .
ReplyDeleteඅපිට නිදහසක් ලැබුණය කියන හතලිස් අටේ ඉඳලම හිටපු අපේ පාලකයො කියන ඇත්තො දියුණුවය කියල කෙරුවෙ විකාර නොවැ.... හතලිස් පහේ පොලවටම සමතලා වෙලත් රටට ගැලපෙන සැලසුමක් ඇතුව වැඩ කරපු ජපානය අද ඉන්න තැන කොහොමද....
ReplyDeleteඅපි වගේ විදේශ ගතවෙලා ඉන්න කොයි තරම් ඒ ඒ පැතිවලින් හැකියාවන් තියෙන අය ඉන්නවද... රට හරි තැනක තිබුනනම් අපි ඔක්කොමලගෙ සේවය අපේ රටට ගන්න තිබුණ නේද... ආසාවටවත් දැකල තියෙනවද ජපනෙක් මැද පෙරදිග වැඩ කරනව.... ( කලාතුරකින් ජපන් කොම්පැනියක ඇර )...
පදපෙල ගැන අදහස් දැක්වූ හැමට බොහෝම ස්තුතියි.
ReplyDeleteටිකක් කාර්යබහුල වූ නිසා පිලිතුරු ලියාගන්න බැරි වූ නිසා මෙ සටහන තබන්නෙමි. පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.
@කස්සා:
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලී සටහනට, රටින් ඈත ඉන්න අපිට ඒ චිත්‍රය ගොඩාක් අගේ නේද?
@නලිනි චන්දිමා:
ReplyDeleteඔව් නංගී අද ලොව පුරා, විශේෂයෙන් දියුණුවන හා තුන්වන ලොව රටවල ගොවියෝ හරිම අසරණයි. නවීන තාක්ෂණය හා විද්‍යාවත්, රජයන් ලබා දෙන අනේක පහසුකම් (ප්‍රධාන වශයෙන් subsidy) ද ඇතිව දියුණු රටවල මහා පරිමාණ ගොවිපලවල ලෝක වෙළෙඳ පොළට සැපයෙන්නේ අඩුමිලකට. ඒ පහසුකම් නැති කෘෂී නිෂ්පාදන හා තරඟ කරන්න බැරි අසරණ ගොවියා අනේක දුක්ඛිත තත්වයනට තල්ලු වෙනවා - ඔවුන් ලබන්නේ වෙනත් ඕඩර. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ක්‍රියාදමයන් ඒ අවාසනාවන්ත තත්වයටත් බොහෝ අනුබල දෙනවා නේද?
@හරී - පිණිපළස:
ReplyDeleteපසුගිය වසර කිහිපයක සිට උද්ගත වූ අහාර හිඟය පිළිබඳව තත්වයේ දී එක්සත් ජාතීන් වැනි ජාත්‍යන්තර සංවිධාන නිතර නිතර දෙසාබෑවේ ග්‍රාමීය කෘෂීකර්මාන්තය නඟා සිටිවීම ගැන. ඒත් 60 දශකයේ මැද සිට ජාත්‍යන්තර මූල්‍ය ආයතන දියුණුවෙන රටවලට ආධාර සපයද්දී සෘජුවම හෝ වක්‍රව කලේ ග්‍රාමීය ග්‍රාමීය කෘෂීකර්මාන්තය නැතිකරපු එක. මේ ගමේ සිද්ධියත් එච්චරයි. එදා ගඟෙන් හූරාගත් මඩෙන් වෙල් යටකරන්නේ නැතිව ඈතකට ගෙනගොස් පහත්බිමක් පිරෙව්වා නම්... අදත් ඒ වෙල්යායන් නිල්ගොයමින් දිලෙන්න ඉඩ තිබුණා.
යට වූ වෙල්යායන්ට වන්දි ගෙව්වා ලු. ඒත් අඳ ගොවීන්ට?
@Chandi:
ReplyDeleteහැම දෙයම වෙනස් වෙන ලොව පරිසරය විතරක් රැකෙන්නේ කොහොමද කෙනෙක් අහන්න පුලුවනි. ඒත් වෙනසට වඩා වැනසීම නිසා සිදුවෙන පරිහාණිය ඉමහත්. අක්කා සඳහන් කල කාරනය නේද අද ලංකාව පුරා සිද්ධ වෙන්නේ.
@Bindi:
ReplyDeleteපමාවෙලා හරි ඇවිත් සටහනක් එකතු කර එකට බොහෝම ස්තුතියි. ඒත් මෙදා පිළිතුරු ලියන්න මා ගොඩාක් ප්‍රමාදයි. සමාවෙන්න.
මෙතැන හොරකම සිදුවෙන්නේ වැඩපලට ආ පිරිසගෙන්, ගමේ අයගෙන් නෙවෙයි. අද කාලයේ ග්‍රාමීය කෘෂීකර්මාන්තයට යොමුකරන්න අමාරු ඇති, ඒත් ස්වකැමැත්තෙන් ඒ ගෙවතු වගාව, ගොයම් කටයුතු කරගෙන හිටි අය අසරණකිරීමක් වුනා නේද? ඔවුන් විකල්ප කර්මාන්තයකට යොමු නොකිරීමයි බරපතල ප්‍රශ්ණය.
මෑතක දී ඇති වූ ආහර හිඟය නිසා විශේෂයෙන් තෙවන ලෝකයේ රටවල ගොවිපලවල් විදේශ සමාගම හා මැදපෙරදිග පොහොසත් රටවල ග්‍රහණයට නතුවෙමින් පවතිනවා.
@සපතේරු උන්නැහේ:
ReplyDeleteබොහෝම ස්තුතියි ඇවිත් සටහනක් එක් කරාට, මේ දිනවල වැඩ වැඩිකම නිසා පිළිතුරු ලියන්න ප්‍රමාද වුනා, සමාවෙන්නෙ ඕනේ.
ඔබ ගෙනහැර දක්වා තියෙන්නේ බොහෝ වටිනා කාරණයක්. අපිට වැරදුනේ කොතැනින්ද?
අප රට ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලබන කාලයේ රටේ දළ ජාතික නිශ්පාදන (GDP) ඒකකය ඇමෙරිකානු ඩොලර් 49ක් විය, එකල එය දෙවැනි වූයේ ජපානයේ අගය වූ 50ට පමණි... මෙය පතොක් යාය පටන් ගනිද්දී කළ සටහනක් -- විදේශ රැකියා සඳහා සංක්‍රමණය http://cactus-sl.blogspot.com/2010/10/blog-post_20.html
විවේකයේ පතොක් යාය පැත්තට ඇවිත් බලන්න.
අද ආසියාවේ ආර්ථික වශයෙන් බලවත් සිංගප්පූරුව, මැලේසියාව හෝ අනෙක් කවුරුවත් එදා ලංකාවේ අහලකවත් නොවිය. ඔවුන් හා අපේ දියුණුවේ වෙනස ගැන ඒ කොටස කියාපානවා නේද?
මේ දිනවල වැඩ ගොඩක හිරවෙලා ඉන්න නිසා පිළිතුරු ලියන්න ප්‍රමාද වුනේ. අනෙක විස්තර සහිතව ලියන්න ඕන තැන් වලදී කෙටියෙන් ලියන්නත් බැහැනේ. පිළිතුරු ලියන්න පමාවුනාට සමාවෙන්න.
ReplyDeleteගල්මල් අඩවියට අළුතින් එක්වූ kkasika, කඩේ හාමිනේ හා විසිතුරු සාදරයෙන් පිලිගන්නෙමු.
ReplyDeleteඔබේ පදවැල් වලින් තාක්ෂණය ඈත් කරන්න හරිම අමාරුයි නොවැ. අඩුම තරමේ වක්‍රාකාරයෙන් හරි තාක්ෂණය සම්බන්ධ වෙනවා. යථා ලෝකය ගැන කතා කරද්දී තාක්ෂණයේ වටිනාකම අයියා හොඳින්ම ග්‍රහණය කරගෙන තියෙනවා. මෙහිදී කතා කරන්නේ එක්තරා යුගයක මතු වූ තාක්ෂණයත් එක්ක අපේ සමාජ රටාවන් කොහොමද පෙළගැහුනේ කියන එක.
ReplyDelete@Chathura Wijekoon|චතුර විජේකෝන්:
ReplyDeleteලංකාව වගේ රටවල සංවර්ධන සැලැසුම් වලදී පූර්ණ නිදහසක් ලැබෙන්නේ නැහැ, සමහරවිට ඒ අනුග්‍රාහක ආයතන වල මග පෙන්වීම හෝ ක්‍රියාදාමය ඊටත් ඔබ්බට දිවූ අදිසි හස්තයක්... මෙය කාසියේ පැත්තක්.
බොහෝම ස්තුතියි චතුර මල්ලි ඇවිත් ඇගයීමක් කර සටහනක් එක් කරාට.
'පොත් ගුල්ලා' තුමන් ද ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු.
ReplyDeleteගොඩක් හොදයි ඔන්න මමත් කොරල් බලන්න ආවා ...
ReplyDeleteමට තාම මතකයි ඒ කාලේ චීන්නු ගිං ගඟ පිටාර ගිහින් වෙන හානිය වලක්වන්න කරපු සංවර්ධනේ. එතකොට මට අවුරුදු 4/5ක් විතර ඇති. කොහොමහරි ඒ කාලෙ පොඩි බාප්ප මාව එක්කන් යනව බයිසිකලේ තියාගෙන ඩෝසර් එහෙම පෙන්නන්න දොඩංගොඩ, තෙලිකඩ, මැදවල පැත්තේ. මට ඉතින් ඒව විශ්ව කර්ම වැඩ වගේ.
ReplyDeleteපද පෙළ කියවගෙන යනකොට නිරායාසයෙන්ම ආයෙමත් ඒ සුන්දර අතීතයට ගියා. ඒක හරිම සංවේදියි.
@readmyeye:
ReplyDeleteබොහෝම සතුටුයි පදපෙල සුන්දර මතක ඔස්සේ අරන් ගියා කියන එක දැනගන්න.