Phoenix Dactylifera කියන උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන ඉඳිගස උතුරු ඇමෙරිකානු කලාපය, මැදපෙරදිග දේශය, ඉන්දියාවෙන් පටන් පාකිස්තානය බටහිර ආසියාතික කලාපය පුරාද මහා පරිමාණ වගාවක් සේ පැතිර ඇත.
පරිණත ඉඳිගසේ කඳ සාමාන්යයෙන් සෙන්ටිමීටර 90ක් විතර විශ්කම්බයක් ඇතිව මීටර 15-30ක උසක් දක්වා වැඩෙන අතර කඳ වටා සර්පිලාකාරව සැකසුන වියළී හැලුන අතුවල කොටස් දකින්න පුලුවන්. පොල් ගහක අතු පිහිටන ආකාරයට කඳ මුදුනේ අතු සියයක් විතර විසිරී පිහිටන ඉඳි අත්ත ද පිහාටුවක හැඩය එහෙමත් නැතිනම් පොල් අත්තක හැඩය ගනී. මීටර් 3-5ක් පමණ දික් වෙන ඉඳි අත්තේ පිත්ත දිගේ ඉරටුව දරන පොල් කොළ වලට සමාන සෙන්ටිමීටර් දෙකක් පමණ පලලින් ද 30ක් පමණ දිග ඉඳිකොළ සැකසෙනවා. වැඩෙන පරිසරයට ඔරොත්තු දෙන්න පුලුවන් අන්දමට වෙන්න ඇති ඉඳි කොළ ඝණකමින් වැඩියි, පොල් ඉරටු තරම් ශක්තිමත් මැද නාරටියක් නැතත් කොළයේ අග්ගිස්ස තියුණු උලක් වගේය.
රටඉඳි පලතුරක් හැටියට ගැනෙන අතර ඉංග්රීසියෙන් ඩේට්ස් (Dates), අරාබියෙන් තමූර් (Tamoor) හැටියටත් හින්දි හා උර්දු බසින් කජූර් (Khajoor) හැටියටත් හඳුන්වයි. රටඉඳි ඇටයෙන් පැලවෙන ගස ගැහැණු හා පිරිමි ගස් ලෙස ඒකලිංගික මල් දරණ ගස් වේ. පමණක් පත පොතේ සඳහන් වෙන්නේ ගැහැණු මල් කහ පැහැ වෙන අතර පිරිමි මල් සුදු පැහැ බව වුනත් අනෙකක ඒ පැහැ වෙනස දැකිය නොහැකි බව කියයි. ඉඳිමල් ද පොල්, පුවක් වගේම රෑන් ලෙස හටගනී. ගැහැණු ගස ඉඳි පල දරන අතර පිරිමි ගස පරාගනයට උවමනා මල් සඳහාම පමණක් වේ.
ස්වභාවිකව සුලඟ මගින් පරාගනය සිදුවෙන නමුත් ගොවිපල වගාවන්හි දී කෘතීම ක්රමයන් උපයෝගී කරගනී. ඒ සඳහා යන්ත්රාණුසාරයෙන් ඇතිකරන සුළං, පිරිමි මල් කපා ගහ මුදුනේ පරාග ඉසීම හෝ මල් රෑන ගහ මුදුනේ ගැට ගැසීම වගේ දේවල් කරන බව කියයි. මහා පරිමාණ වගාවන් හිදී පලදරන ගැහැණු ගස පමණක් වවන්න උනන්දුවෙන බව ද, ඔවුන් වෙලෙඳ පොලින් ලබාගත හැකි පිරිමි ඉඳිමල් යොදා ගන්නා බව ද කියැවේ.
ගොවිපල වගාවේ දී ඉඳිපැල; ඇට පැල කිරීමෙන් වගේම පරිණත ගස්වලින් ඇතිවන පැල යොදා ගෙන ද ඇතිකරයි. ඊට අමතරව නවීන කෘෂීතාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන නොයෙකුත් විශේෂ නිපදවයි. ඉඳිඇට වලින් තොරව වැවෙන ගස්වලින් ඉක්මන්නින් හා වැඩි පලදාවක් වගේම උසස් තත්වයේ පල ලැබෙන බව මතයක් ද ඇත.
දිගින් සෙන්ටිමීටර් 3-7ක් පමණ ද ඝණකමින් සෙන්ටිමීටර් 2-3ක් ඔවල් හැඩයෙන් වෙන ඉඳි අමු අවදියේ දී කොළ පැහැය (අමු වෙරළු වගේ), මෝරන ගෙඩි ක්‍රමයෙන් කහ, රතු හෝ ඒ පැහැ දෙකම සම්මිශ්‍ර ලස්සන පාටක් ගනී. කහට ගතිය පිරුණ ගෙඩි ක්‍රමයෙන් ඒ රතු, දම් පාට ගැහී ඉදෙන්න මාස 6ක් විතර ගත වෙනවා.
මැදපෙරදිග උශ්ණාධික පරිසරය හා ඉඳිගස දේශගුණික තත්වය ඉතා සමීපව පිලිබිඹු කරනවා කිව්වාම හරි. උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 26-29 අතර ඇති සීතකාලය ගෙවෙද්දී ඉඳිගස් වලත් පොල් පැලවල වගේම මල් මතුවී සුදු, කහ මල් රෑනින් කඩා හැලෙන්න පටන් ගන්නවා, ගස් වල වර්ගය අනුව වෙරළු ගෙඩි වගේ වටකුරු, දිගැටි අමු ගෙඩි පිරෙන්නේ හරිම ලස්සනට. ඒවා මෝරනවා බලන්න උඩට යනවා වගේ රසදිය කඳ උඩට යමින් පරිසරයේ උශ්ණත්වය ඉහළ යනවා. කහ, රතු ඉඳිගෙඩි තව තවත් ලස්සන පාට ගන්නේ උශ්ණත්වය ඉහළ යන තරමට. ඒ ගෙඩි හොඳට මෝරා දිලිසෙද්දී වසරේ ඉහළම ඌශ්ණත්වය සටහන් වෙලා දවා සති ගානක් පවතින්නේ රටඉඳි පොකුරු දම්පාට වෙලා පැණි පිරෙන්න. පරිසරය හා බැඳි මිනිසුන් ඉඳි ගහ දිහා බලලා දේශගුණික තත්වය කියන්න පුරුදු වෙන්නේ එහෙමයි.
රටඉඳි වර්ග අනුව පලය වෙනස් නම් වලින් හඳුන්වයි. තවද ඒ ඒ වර්ග අනුව හැඩය, පාට ද මදුලේ ප්‍රමාණය හා ගණකම වෙනස් වේ. රටඉඳි වර්ග ගැන පිංතූර හා වැඩි විස්තර මෙතැනින් දැනගත හැකියි. තවත් එවැනි විස්තර සපයන තැනක් විකිපීඩියාව.
ලාංකික ජන ජීවිතයේ පොල් අතු පාවිච්චිකරීම වගේ වහල සෙවිලිකීරීමේ සිට නොයෙකුත් ආවරණය කිරීමේ කාර්යයන් සඳහා ද ඉඳිඅතු යොදාගෙනී.
මේ තියෙන්නේ රටඉඳිගස ගැන පිංතූර හා තොරතුරු එකතුවකින් සැකසූ ස්ලයිඩ් ෂෝ එකක්. එය embed කරවිට කොමන්ට් ෆොර්ම් හි ඇතිවූ ප්‍රශ්ණයක් නිසා ස්ලයිඩ් ෂෝ එක මෙතැනින් ඉවත් කරන්න වුනා. මේ ලින්ක් එක මගිනුත් ස්ලයිඩ් ෂෝ එකට යත හැකිය: රටඉඳිගස - Date Palm - Slide Show.
හරිම ලස්සනයි...
ReplyDeleteඇතිවෙන්න විවිධ වර්ගවල රටඉඳි කන්න තිබුණත් මෙච්චර විස්තර දැනන් හිටියේ නෑ. ඒත් අර ගැහැණු ගස් පිරිමි ගස් කතාව අහලා තිබුණා, ඒකත් විහිළුවක් කියල හිතන් හිටියේ.. ;)
ReplyDeleteබොහොමත්ම ස්තූතියි විස්තරවලට.
අයියා රට ඉදි මතක් කලාම කටට කෙළත් ඉනුවා... නොදැන හුන් දෙයක් ගැන හුඟාක් දේවල් දැනගත්තා අයියෙ..ඩීන් අයියට මතකද මන්දා මම කාලෙකට කලින් කියලා තියෙනවනෙ පවුලේ ඇත්තන් එක්ක මම කල මැද පෙරදිග සංචාරය ගැන...ගහේම ඉදිලා තිබුණ පැනි පිරිච්ච රට ඉදි කන්න මට නම් එහිදී වාසනාවක් තිබ්බා. රතු පැහැති රට ඉදි සහ කහ පැහැති රට ඉදි දෙවර්ගයම....
ReplyDeleteකාන්තාර රටක හිටියත් මමත් මේ තරම් විස්තර දැනගෙන උන්නේ නෑ ඩීන් . .
ReplyDeleteහරිම වටිනවා.
බොහෝම ස්තූතියි මේ අපූරු විස්තරයට
මේ ලිපිය සිංහල විකිපීඩියා එකට යොමු කලොත් මොකද??
බොහොම කරුණු රැගත් සාරගර්භ ලිපියක්. ඒ වගේම හුඟක් රසවත්ව ලියවිලා තියෙනවා කියවන්න ආස හිතෙන විදිහට. මම කැමතිම අර දේශගුණික තත්ත්වය එක්ක ඉඳි ගෙඩියේ වැඩීම විස්තර කෙරෙන කොටසට- හරියට ගෙඩි මෝරන හැටි බලන්න වගේ උෂ්ණත්වය ඉහළ යන කතාව. :D සොබාදහම සමග බැඳි මිනිසුන්ට එහි වෙනස්කම් අනුව දේශගුණික තත්ත්වය කියන්න පුළුවන් ඇති.
ReplyDeleteමම හිතුවෙ නැහැ ඉඳිගෙඩි ඉදෙන්න මාස හයක් විතර දිගු කාලයක් ගත වෙනවා කියලා. අහන්නත් පුදුමයි. එච්චර කාලයක් ගෙඩි පරිස්සම් කරන්නෙ කොහොමද? මෙහෙ වගේ ඔහෙ කුරුල්ලො එන්නෙ නැද්ද ගස්වල ගෙඩි කන්න?
@චේජනා:
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී සටහනට. රටඉඳි ගස් ගැන දැන ගන්න ගොඩාක් උනන්දු වුන කෙනෙක් ඔයා, මීට වෙනස් පිංතූර එකතුවක් සමඟ පොස්ට් එකක් ඉදිරි පොස්ට් එකකින් ගේන්නම්. සයිඩ් ෂෝ එකෙන් මතුවුන ප්‍රශ්ණය නිසා බලාපොරොත්තු වූ විදියට පොස්ට් එක සැකසුනේ නැහැ.
@සමන්ත රූපසිරි:
ReplyDeleteමදීනා නගරයේ රටඉඳි වලට වෙන් වූ වෙළෙඳ සංකීර්ණයක් තියෙනවා, එතැන බොහෝ වර්ගයන් ටේස්ට් කරන්න ලැබෙනවා බෑ නොකියා. ඒත් මදීනා ආශ්‍රිතව වැඩෙන "අජ්වා" කියන රටඉඳි වර්ගය නම් කවුරුවත් දෙන්නේ එහෙම නැහැ, එය ඉතා දුර්ලබ ගණයේ වගේම මිල අධික (90 ගනන් වල කිලෝව රියල් 1000ට වැඩි)විශේෂයක්.
රටඉඳි ගස්වල ලිංග බේදය බොහෝ අය විහිළුවක් හැටියට ඉවතලන දෙයක්. ඒ ගැන කාලෙකට කලින් ලියපු කවියක් ආයෙත් මතක් කරන්න ඔබේ සටහන හේතුවුනා.
කාන්තාරයේ මහා මාර්ග දිගේ වවා ඇති රටඉඳි ගස් නොවෙන්න පාරේ හෙවනකට වෙන මොනවද, එවිටයි සෙ.මි. 30 ක විතර රටඉඳි අතුවල පලල කොච්චරද ලොකුද තේරෙන්නේ.
බොහෝම ස්තුතියි මල්ලී ඔබේ සටහනට.
dates!
ReplyDeletemeka balanakota hoda katkawak matak una.mama wadakarana thana mage hodama yaluwata etanama wadakarana Ozi kellek dawasak katha kara kara iddi "I love dates" kiyala.me yaka hitala tiyenne anith dates(dating) gana.masa ganak giyata passe tama hari seen eka meter une.
hoda post eka Deen aiya.
@දිල් :
ReplyDeleteඔව් ඒ කතාව මේ පොස්ට් එක කරන අතර තුර මට මතක් වුනා. ඒ "ඉඳි ගසේ මල් පීදිලා" නිර්මාණයට දිල් නංගි කල සටහනක්.
මෝරපු ඉඳිගෙඩි කන්න පුලුවන්, ඒවා ඉදෙන තුරු එක එක අවධි වල දී එකිනෙකට වෙනස් රස දෙන්නේ ගෙඩියේ ඇති කහට ගතිය වෙනස් වෙන නිසා.
බොහෝම ස්තුතියි නංගී සටහනක් එක්කරාට.
@දුකා:
ReplyDeleteසොබාදහම ඒ ඒ දේශවලට අනුව ගස්කොළන් බෙදලා දීලා තියෙන්නේ මහා පුදුම විදියට. මෝරන ඉඳිගෙඩි වලට මෙහේ වගේ ඉහළ ඌශ්ණත්වය ලැබුනේ නැතිනම් ඉඳිමදුලු වල සිදුවෙන විපර්යාසය පැසවීමක් හැටියට හැරෙන්න පුලුවන් ලු. ලංකාවේ ඉඳිගහක් වැවුනත් පල හට ගන්නේ නැහැ.
බොහෝම ස්තුතියි සටහනට, විකිපීඩියාව වගේ තැනකට දාන්න මේ විස්තර තවත් සකසන්න වෙනවා. මං හොයලා බලන්නම්.
කොමන්ට් කිරීමේ දී ඇතිවෙන ප්‍රශ්ණයක් නිසා පිලිතුරු ලියන්න පමා විය. සෑම කොමන්ටුවට වෙන වෙනම පිලිතුරු ලියනවා.
ReplyDelete@නලිනි චන්දිමා:
ReplyDeleteඉඳි ගැට ක්‍රමයෙන් ලොකු වෙනකම් එතරම් ප්‍රශ්ණයක් නැතිව ඇති, ඒත් මෝරපු ගෙඩිවල පාටට කුරුල්ලන් ඇදෙනවා ඇති. ගොවිපල වාගාවේ දී කෙසේ වෙතත් වටාපිටාව ලස්සන කරන ගස්වල පලදාව රැකගැනීම නම් ලොකු අභියෝගයක්. ස්ලයිඩ් ෂෝ එකේ 26 වන ස්ලයිඩ් එකේ දකින්න පුලුවන් ආවරණ වගේම කොළපාට දැල්වගේ වියපු බෑග විශේෂයකින් ඉඳිවලු ආවරණය කරනවා -- ලංකාවේ ගෙවතු කෙසෙල් වගාවේ දී පොල් අතු ආවරණයක් (පිරිවැස්ස කියලා කියන) යොදනවා වගේ. ඒ ආවරණයෙන් ඉදිලා වැටෙන ගෙඩි නිසා ගස් අවට හැඩිවීමත් වලකිනවා.
මහා පරිමාණ පලතුරු වගාවන් හි පලදාව රැක ගන්න ක්‍රමයක් හැටියට කුරුල්ලන් හා සතුන් පලවාහරින්න නොයෙකුත් උපයෝගී කරගන්නවා. ඒ අතර ගුවන් තොටුපලවල් ආසන්නයේ ගැවසෙන කුරුල්ලන් පලවා හරින සියුම් තරංග (buzz) නිකුත් කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ද ඇත. ඉඳි ගොවිපලවල් කොහොමද කරන්නේ කියලා හොයා බලන්න ඕනේ.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@කස්සා :
ReplyDeleteඒකත් නියම කතාවක් නේ? මැදැයි ඔයින් බේරුනා.
බොහෝම ස්තුතියි මල්ලී සටහනට.
බොහොම ස්තුතියි ඩීන් අය්යා පැහැදිලි කිරීමට.
ReplyDeleteඔය රටවල ඉන්න කුරුල්ලො සත්තු ගැනත් ලිපියක් දාන්නකො.
@නලිනි චන්දිමා:
ReplyDeleteහොඳ අදහසක්, උත්සාහ කරමු.
දැන් ලංකාවෙත් රට ඉදි තියෙනවා. ඔය මඩකලපුව පැත්තේ කාත්තන්කුඩි පාර මැද්දෙත් රට ඉදි හිටෝලා තියෙනවා. ඒවායේ පලදාවත් තියෙනවා.
ReplyDeleteමේ පරණ පොස්ට් එකක් නැවත පළකිරීමක් ද? ලියපු දිනේ ජුනි මාසේ. එයින් පසු ඔබ තුමා තව පෝස්ට් ලිව්වා නේද? කොහොම උනත් මම කියෙව්වේ අද. බොහෝ තොරතුරු දැනගත්ත. මට ඔබ තුමා මතක් උනා කොළඹ වැවුණු රට ඉඳි ගහක් දැකල. ජයන්ත වීරසේකර මාවතේ මරදාන පැත්තට වෙන්න ලොකු රට ඉඳි ගහක් තියෙනවා. ගෙඩිත් තිබුන. හොඳ පින්තුරයක් අරගෙන එවන්නන්.
ReplyDelete@මධුරංග:
ReplyDeleteබොහෝම ස්තුතියි මධුරංග විස්තරයට, ලංකාවේ පමණක් ප්‍රදේශවල රටඉඳි ගස් වැවිලා තිබුණත් ගෙඩි හටගන්න වග දැනගෙන හිටියේ නැහැ.
මට රට ඉඳි කෑමේ ආසාවක් ආවා. :(
ReplyDelete@පොත් ගුල්ලා:
ReplyDeleteඉහතින් මධුරංගත් ඔබත් ලබා දුන් විස්තරය මට අලුත් දෙයක්.
ඔබේ සටහන අනුව මකරන්ද දිහා ගියාම දැක්කේ බ්ලොග් රෝලේ දිස්වෙන්නේ මේ පරණ පොස්ට් එක බව. මං හිතන්නේ ෆීඩ්ස් වල ප්‍රශ්ණයක් ද කොහේද.
නැවත් බොහෝම ස්තුතියි විස්තරයට.
@නලිනි චන්දිමා:
ReplyDeleteෆීඩ් බර්නර් දිගට හරහට කොලොප්පම් කරනවා වගේ...