Thursday, August 11, 2011

සියයෙන් බැඳී සැරසෙන ගල්මල්: උණ ගසේ

කොරල්පර වඩාත් ආකර්ෂණීය වෙරළබඩ ජීවින්ගෙන් සැදුම්ලත් රළු රළට ඔරොත්තු දීමට සමත් නොයෙකුත් හැඩ හා පැහැයන් ගෙන් සැරසුණ කොරල් වලින් සැදුම් ලත් පරිසර පද්ධතියකි. එදිනෙදා ව්‍යවහාරයේ කොරල් ගල්මල් යැයි කියැවේ. ගල්මල් සමූහ ලෙස ජීවත්වෙන මුහුදු ජීවින්ගෙන් හා අජීවි කොටස් එකතුවකින් සැකසේ. මුහුදු ජීවියා මියගියද ගල්මල් සැකිල්ලට වූ දායකත්වය එසේම පැවතීම විශේෂත්වයකි, ඉන් කොරල් හි පැවැත්ම වගේම වර්ධනය සැකසේ.


සුනම්‍ය පෙති නැති, පරනොවෙන ගල්මල් සැකිල්ලේ කාලයාත් සමඟ තව තවත් එක්වේ. ඒ පරිද්දෙන්ම මෙම ගල්මල්-Coral බ්ලොග් අඩවිය පියවරෙන් පියවර සෙමින් ගමනක ඇදී ආවේය. ඒ ගමනේ සියවැන්න අද මෙසේ එක් කරන්නේ ගල්මල්-Coral අඩවියේ කුරුටු ගෑ පැදිපෙළක්, කෙටි කතාවක් හෝ ලිපියක් කියවූ ඔබෙන් ගොඩනැගුණ වීව්ස් කවුන්ටරය කැරකෙද්දි කොමන්ටුවක් සටහන් කරන සහෘද ඔබෙන් ලද සහයෝගයෙනි, දිරි දීමෙනි. ඔබට හෘදයාංගම ස්තුතිය මෙසේ පිරිනමමි.


තෙල්පිරිපහදු වල උස චිමිනි වලින් බුර බුරා නඟින ගිනිදැල් හා දුම් කවුළු වලින් නිදහස්වී කළු දුමින් පිරෙන මැදපෙරදිග පරිසරයක හිර වූ යව්වනය නිරතුරුවම භාෂා දෙකකින් කොපි පොත්වල කුරුටු ගෑවිණ. කොළ මත පන්හිඳෙන් අකුරු වූවා තියුණු වෙද්දී 90 දශකයේ මුල් භාගයේ දී තිත තියන්න වුවද සෑහෙන කාලයකට පසුව ලාංකීය ෆෝරමයක 2009 දෙසැම්බර් වලදී පළකළ නිල් සයුර අප මිතුර පදපෙළින් නැවත පටන් ගත්තෙමි. ඒ ෆෝරමයට සීමාවී කටයුතු කරන අවදියක හමුවූ දුකා සහෘදයාගේ උනන්දු කිරීම 2010 මාර්තුවේ ගල්මල්-Coral අඩවිය පටන් ගැනීමට හේතුවක් විය - ස්තුතියි සොයුර. රවා මල්ලියා පළමු ෆලෝවර් ලෙස එකතුවී මුල් කොමන්ටුව ද එක් කළේය. සොඳුරු මිනිසුන් බොහෝමයක් අඳුනා ගත්තෙමි, කාර්‍යබහුල ජීවිතයට බ්ලොග් කලාවෙන් ලැබෙන අස්වැසිල්ල විස්තර කරන්න අවැසි නැත. එහෙත් එදා මෙදා කවි ලිවිල්ල වෙනස්ය.


ගල්මල්-Coral අඩවියට අමතරව මැදපෙරදිග රැකියා සම්බන්ධව කරන විමසුමක් ගෙනෙන්න පතොක් යාය, පියවරෙන් පියවර ඔසවන ජීවන ගමනට දිරියක් දෙන්න අරුණලු|inspirational හා ඉංග්‍රීසි බසින් කරන්න නිර්මාණ සඳහා Amazing Spring නමින් වෙන බ්ලොග් අඩවි ද කරගෙන යන්නෙමි. දැනට තියෙන කාර්යබහුලතාවය නිසා ඒ බ්ලොග් අඩවි පොඩි විරාමයක් ගනී, ඉක්මනින් යථා තත්වයට ගෙනෙන්න බලාපොරොත්තුවෙමි.

ගල්මල්- අඩවියේ දිගහැරෙන සියවන නිර්මාණය:

පවන් සලයි මල් හිනැහෙයි
ගුමු ගුමුවයි සමනල තටු රඟන්නේ
සිහින් සුළං අහුරනු ඇයි
සිලි සිලියයි පවනට නුඹ පුදන්නේ


සුළං සැරයි සියොත් හඬයි
පත් සැලෙයි ගස් අතු ඇඹරෙන්නේ
වියරු සුළං අහුරනු බැහැ
නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ


සුනැමි නුඹ හැම විඳගෙන
අතු විහිඳා අහස උසට නඟින්නේ
උසිනුසට පිය නඟිනු බැරිවා
ලතවෙන උන් අබියස පුරුකක්වී පිදෙන්නේ

පිදුම: ඉහළට නඟින්න තැනෙන අට්ටාලයක උස සකසන්න නැතිනම් කොටසක් දරන්න ජීවිතය කැපකර උණ ගස් වලට වඩා උස, මිටි වූ මිනිසුනට
 
Image Credit: http://www.bamboo-plant.info/bambooplant.jpg

50 comments:

  1. 100 ට සුබ පැතුම්. තව දිගු කලක් ලිපි ලිවීමට හැකියාව ලැබේවා !

    ReplyDelete
  2. කෙදිනක හෝ 1000 වැනි එකත් පල කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්..

    ReplyDelete
  3. මා ඔබට හිස නමමි ..
    මට වඩා ජිවිතේ අත්විඳ ඇති හෙයින්..
    මට වඩා දේ දන්නා හෙයින් ..
    මට වඩා සංයමයෙන් ලියනා හෙයින් ..
    පසේ බුදු කෙනෙකුන් නොවී ..
    දත් දේ නොමසුරුව කියා දෙන හෙයින් ..
    සියක් නොව අතේ වාරු ඇති තෙක් ලියන්නට දහක්..දස දහසක් ..පතමි සියලු දිරි ඩින් අය්යා

    downloaded power point via slide share . how to embed in the blog post.??

    ReplyDelete
  4. Bindi ලියපු තරං ලස්සනට ලියන්න බෑ මට ඒක...
    ඒත් මට කියන්න තියෙන්නෙත් ඒකමයි...

    මා ඔබට හිස නමමි ..
    මට වඩා ජිවිතේ අත්විඳ ඇති හෙයින්..
    මට වඩා දේ දන්නා හෙයින් ..
    මට වඩා සංයමයෙන් ලියනා හෙයින් ..
    පසේ බුදු කෙනෙකුන් නොවී ..
    දත් දේ නොමසුරුව කියා දෙන හෙයින් ..

    සියක් නොව අතේ වාරු ඇති තෙක් ලියන්නට දහක්..දස දහසක් ..පතමි සියලු දිරි

    ReplyDelete
  5. bindi ගෙ කමෙන්ට් එකම කොපි කරලමයි දැම්මෙ. මට කියනන් ඕනෙ දේවල් ඒකෙ මට කියනන් පුළුවන්වට වඩා සාර්ථකව ලියවිලා නිසා

    ReplyDelete
  6. මයි හාටියස් කොන්ග්‍රැට්ස්....!!!

    ReplyDelete
  7. ජීවී අජීවී ඔනෙම දේක තියෙන සැඟවුනු අපූර්වත්වයක් දකින ලස්සන අදහස් ඇති කෙනෙක් ඩීන් අයියා...

    මම හික්කඩුවෙ, උනවටුනෙ , රූමස්සල පැය ගනන් වරු ගනන් snorkeling කරල තියෙනව... ඒ කොරල් පර වල සුන්දරත්වය උපරිමයෙන් විඳල තියෙනව... ඒත් ඔයාගෙ බ්ලොග් එක දකිනකම් " පර නොවෙන මල " කියන අදහස හිතට ආවෙ නෑ... ඒක දැක්ක දවසෙ ඉඳන් හිතෙනව කොයි තරම් අපූරු අදහසක්ද කොරල් ගැන කියල...

    ලබන අවුරුද්දෙ රාමදාන් මාසයෙදි අපට 200 සමරන්න ලැබේවා.. !! ජය .. !!

    ReplyDelete
  8. නොගැඹුරු මුහුදේ සුපිපි මුත් ගැඹුරක්ම හඟවන,
    වෛවර්ණ නිර්මාණයෙන් සැදි,
    සුනම්‍ය නොවූ සියල්ල අරභයා මුදු සුමුදු භාෂිතයෙන් කව් පබඳින,
    බරක් ඇති අදහසක්ම හැම වදනකින් ගෙන එන,
    ගල්මල්- Coral අඩවිය නම් පුෂ්පය
    කිසිදා පරව නොයේවා.

    අය්යා දන්නවද
    අය්යා නිසා කොයි තරමක් දෙනා සිතන පතන විදිහ වෙනස්ව තියෙනවද යන වග?
    ජීවිතයේ යස අයස, දුක සැප හමුවේ නොසැළී ඔබ දෙන ආදර්ශය අප කොතරම් අගය කරනවාද යන වග?
    තමන්ගෙම කෙනෙක් වගේ හැම විටම අප පසුපසින් සිට ඔබ දෙන දිරියට කෙලෙස ස්තුති කරන්නදැයි අපට නොතේරෙන වග?

    ගල්මල් අඩවිය සහ අනෙකුත් සහෝදර අඩවියනුත් දිගටම පවත්වාගෙන යන්නට සුභාසිරි.

    ReplyDelete
  9. සුබ පතනවා අයියා.. තමුන් ගැන විතරක් හිතන මිනිස්සු දාහක් මැද. අනුන් ගැන හිතන මනුස්සයෙක් අදුරගන්ඩ ලැබුන එක ගොඩක් ලොකු වාසනාවක්. ගල් මල් අඩ්වියට සුබ පතනවා ජය වේවා අයියා..

    ReplyDelete
  10. ගල් මල් අඩවියට දිගාසිරි!
    සිංහල බ්ලොග් ලෝකයේ ගෞරවයට පාත්‍රවී සිටින ඔබ බෙහෙවින්ම නිහතමානී සහෘදයකු ලෙස මා හඳුනාගෙන තිබෙනව. ඔබේ සිය වැනි ලිපියට තෝරාගත් මාතෘකාව ඔබටම ගැලපෙනව. උණ ගස කෙතරම් උස ගියත් බොහොම නිහතමානී ලෙස සුළඟත් සමග බිමට නැමෙනව. ඔබත් හරියට ඒ වගේ. ලිපි කිහිපයක් පමණක් පළ කල මා වැනි ආධුනිකයකුට දැනටමත් ඔබ කෙතරම් දේ කියාදී තිබේද?
    ගල් මල් අඩවිය දනන් තුඩ තුඩ රැව්දේවා!
    ලිපි සහසක් ලියවේවා!
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. පරක්කු උනා සමාවෙන්න ඕනෙ....දැන්තමා විවේකයක් ලැබුනෙ.

    ඩීන් අයියා ලියන දේ මොනතරම් නම්‍යශීලීද කියලා මම දැන ගත්තෙ මීට අවුරුදු 3කට විතර කලින්. අපි එක සමාජයක කවි කම් කලා. ඩීන් අයියාගෙත් රොන් අයියාගෙත් ලිවීමේ රටාවෙන් පන්නරයක් ගත්ත මගේ නංගි මිනූ ...අදටත් ඩීන් අයියාව සිහිපත් කරන්නෙ ගෞරවයෙන්...... මේ තරම් සංයමයකින් ලිවීමේ කලාව තුල සැරිසරන පුළුවන් වෙන්නේ.....ඒ තරම්ම සංයමයක් තියෙන හදවතකට විතරයි.

    බ්ලොග් කලාවේ මහ ගෙදර ලොකු අයියේ.....,

    ස්වභාවධර්මයට එතරම්ම ආදරයක්...කරුණාවක් දක්වන ඔබ.....යන මේ ගමනෙදී තබන පියවරක් පාසාම ජයෙන් ජයම වේවා....!!

    හැමදාම හැමෝවම දිරිමත් කරන ඔබට ජය වේවා !

    ReplyDelete
  13. සියයට මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  14. @Praසන්ன:
    බොහෝම ස්තුතියි සොයුර, ඔබේ කොමන්ටුව ඉහළින්ම දැකලා මගේ මතකයට ආවේ මුල්ම පොස්ට්. ලොකු සතුටක් ඇතිවුනේ.

    අදයි දැනගත්තේ ඔබ බ්ලොග් අත්තිවාරම දමා ඇති බව. ඔබේ වචන පේලියකින් සමන්විත කොමන්ටුවකින් ලැබුනේ ලොකු ශක්තියක්, මට මෙන්ම නිතර ලියන බොහෝ අයටත් එය එහෙම වෙන්න ඕනේ. මැරතනය දුවන්න අපිට වතුර ගැසූ ඔබට අනිවාර්යයෙන් ඊටත් එහා දුවන්න බැරිකමක් නැහැ, මුල්ගල් තැබීම දිණුමක්, ජය!

    ReplyDelete
  15. @``` Outsider```:
    බොහෝම ස්තුතියි සුබ පැතුමට.
    (ලොකු ඉලක්කයක් නොවැ)

    ReplyDelete
  16. ඩීන්, මගේ උණුසුම් සුභ පැතුම් සියක් පෝස්ටුව වෙනුවෙන්. සමාජයේ සාමාන්‍යයෙන් අප නොදකින පැති සුන්දරව දකින්න පුළුවන් සුවිශේශී හදවතක් උඹට තියෙනවා. උඹේ සමහර රචනා කොච්චර සුවිශේෂීද කියනවනම් මම ගොඩක් පුදුම උනා මේ වගේ අදහස් ඇති වෙන්නෙ කොහොමද කියලා.....! තව චිරාත් කාලයක් සුවිශේෂී නිර්මාණ කරණයෙන් සිංහල බ්ලොග් අවකාශය වර්ණවත් කරන්න ශක්තිය ලැබේවා...!

    ReplyDelete
  17. හිතවත් ඩීන් අයියා...

    මේක හරියන්නේ නැහැ බං..දැන් දෙපාරක්ම ලියාගෙන ගිහින් ආයේ මැකුවා..තවත්නං මට බැහැ ලියන්න..තව පාරක් ලිව්වත් මේ සන්තෑසියම තමා මට වෙන්නේ..

    ඒ හින්දා කෙටියෙන් කිව්වා ඕං...
    හදවතින්ම සුභ පතනවා උඹට..ඉස්සර ඉඳලම මටත් හයියක් වෙච්ච උඹ... මේ වගේ කඩඉමක් පසු කරනවා දකින කොට සුභ පතන්න එන්න පරක්කු උන එකට සමා වෙයං...

    මුල අමතක වෙලා නෙවෙයි...
    මග වැරදී ගියා නොවෙයි..
    නුඹ ගැන මතකය සැම විට..
    මා හදවත රැඳී තියෙයි...

    පෙර දින මතකය සිහි වෙයි..
    නුඹගේ ගුණ නිති සිහි වෙයි..
    දවසින් දවසට අපහට
    දුන් දිරියට සිත සැනසෙයි..

    ලිපි එක එක අමුනාලා..
    ගල් මල් නිති සරසාලා..
    මෙතුවක් කල් ආ මාවත
    අද ඇත සියයක් සපුරා..

    තව තව ලිපි ලිය වෙන්ටයි..
    නිති දෙවියන් රැක දෙන්ටයි..
    දුරු කතරට ඔබ ඉන්නා
    දුක් දුරු වීලා යන්ටයි...

    ReplyDelete
  18. සීයක්...........
    ටක් ගාල තව සීයක් ලියන්න. ඉතුරු එක එතකොට කියන්නම්.

    සුබපැතුම් !!!

    ReplyDelete
  19. මෙන්න මගෙනුත් ......ආනන්තයක් නෙපෙනෙන මේ සාගරයේ අපෙත් ආයු ගෙන තවත් ගල් මල් කොරල් පතුරවන්නට වාසනාව ලැබේවා...........

    ReplyDelete
  20. මේ සංසාර සාගරේ සෙනෙහසේ මහා පවුරක් තනා අපිට එතෙර වෙන්නට මග හසර පෙන්වන ඩීන් මල්ලී නම් වූ සොදුරු සොහොයුරාට හද පත්ලෙන්ම පිදෙනා උනුසුම් සුබ පැතුම්! චාන්දි අක්කා ගෙන්. මල්ලියේ වෙබ් අවකාසයෙන් හදුනාගත් අපි සැමදා එකට දුක සැප බෙදා ගන්නට මග පෙන්වූයේ ඔබයි. ඒ හරහා මට හමුවූ සොයුරු සොයුරියන් ද බොහොමයි. ඒ සතුට සදාකල් අපි අතර තිබේවා! ඔබේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා! ගල්මල් කෝරල් නම් වූ සුපිපි පුෂ්පය සදා කල්හිම සුවඳ දේවා!

    ReplyDelete
  21. @Bindi:
    ලොකු වර්ණනාවක් නොවැ, දන්න දේ පුලුවන් විදියට උවමනා තැන දී බෙදා දෙනවා වගේ පොඩි දෙයක් විතරයි කරලා තියෙන්නේ.

    බොහෝම ස්තුතියි පැතුම් ගොන්නට.

    නෙළුම් විලෙන් ලස්සන ස්ලයිඩ්-ෂෝ එකක් ඉදිරිපත් වෙනතුරු බලා ඉන්නවා.

    ReplyDelete
  22. @චේජනා:
    මොන රාජකාරිය තිබුණත් එදා ඉඳන් අදවෙන තුරුම නොවරදවා මේ පැත්තට ඇවිත් චවන කිහිපයක් ලියන එකම ලොකු දෙයක් නංගී. ඔබේ ලෙන්ගතු සුබ පැතුම් වලට බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  23. @මාතලන්:
    තෑන්ක්ස් අ ලොට් පෑල්

    ReplyDelete
  24. @සපතේරු උන්නැහේ:
    ජීවි අජීවි දෙවගයම වස්තූන්, හැම වස්තුවකම කතාවක් තියෙනවා ද කෙහේද කතා-වස්තුව සපයනවා. ඒකම ප්‍රශ්ණයක් වෙන වෙලාවලුත් තියෙනවා.

    ඉස්සරට වඩා දැන් දැන් කාලය හරස් වෙනවා, එච්චර ඉක්මනට එක, දෙක කරන්න පුලුවන් වේවිද කියන්න බැහැ. ඒත් ලියනවා.

    බොහෝම ස්තුතියි විස්තරයට හා සුබ පැතුමට.

    ReplyDelete
  25. @නලිනි චන්දිමා:
    නංගී ඔබේ සටහන ඇස් තෙත් කලා. තාක්ෂණික පහසුකම් මාවත තැනුවද ලොව නන්දෙස සිටින සහෘද කැලක් අතර ඇති බැඳීම හා අවබෝධය විස්තර කරන්න විදියක් නැහැ. ඒ නිසාම වෙන්න ඇති කෙනෙකුට ප්‍රශ්ණයක් මතුවෙද්දි මුවින් නොකීවත් ඔවුනට ඉවෙන් වගේ දැනෙන්නේ, හොයා බලන්නේ. ඉන් ලබන පන්නරය අනුපමේයයි. ඒ පුංචි එළිය කදම්බ අනිවාර්යයෙන් පරාවර්තනය වෙනවා.

    අපිට අහිමි සම්පත් බොහෝ ඇති. ඒත් තොග ගනනය කිරීමේදී ඇති දේවල් ගනිනවා වගේ අපි ලද දේවල් - විශේෂයෙන් අපේ සමාජයෙන් ලද දේවල්; කිහිපයක් හරි අපි සතුව ඇති. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් පෝෂණය වී ඔපවත් වූ දැණුම ඉන් ප්‍රධාන එකක්. ඒ දැණුමින් මාත්‍රයක් හරි පෙරලා අපේ සමාජයට පුදන්න පුලුවන් නම් එය සතුටක්.

    බොහෝම ස්තුතියි නංගියේ මේ සෙනෙහසින් පිරුණ පැතුම් සමුදායට.

    ReplyDelete
  26. @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
    ඉහතින් නලිනි නංගිට ලියූ පිලිතුරු සටහනමයි ආයේ ලියන්න වෙන්නේ.

    වටාපිටාව සානුකම්පිතව විමසන ඔබේ පන්හිඳටත් දිගාසිරි.

    අපි ඉන්න, ඉන්න හිටවමු. වැටකට නොවේ; රටාවට වැවී සෙවනක් හදන්න පුලුවන් වෙන්න.

    බොහෝම ස්තුතියි මල්ලියේ සුබ පැතුමට.

    ReplyDelete
  27. @පොත් ගුල්ලා:
    මේ සිංහල බ්ලොග් අවකාෂය නම් නදිය රැලි නගා ගලන්න, ඉවුරු දෙපස සරුසාර කරන්න නම් ඒ කරා ඇදෙන දියමං රැකෙන්න ඕනේ, උල්පත් බුබුලන්න ඕනේ. ඒ කාර්යයට සුළුවෙන් හෝ අත දෙන්න පුලුවන් වුනා නම් සතුටක්.

    බොහෝම ස්තුතියි ඔබේ සටහන හා සුබ පැතුමට.

    ReplyDelete
  28. @පොත් ගුල්ලා:
    උණ ගසේ නිර්මාණය සියවැන්නට පෙලගැසුනේ පරිශ්‍රමයකින් තොරව - incidental. ඔබ ඒ තුල දකින නම්‍යත්වයම -- ground to earth, කියන අදහස හරිම අලංකාරයි.

    මොන පරිසර තත්වයක් ජයගෙන වැඩුණත් උසට නඟින්න අවැසි වූ විට කපාගන්න බලන්නේ වැඩුණ, උසින් වඩාත් වැඩි උණ ගහ. එහෙමත් නැතිනම් දනක් වී කැපවෙන්නේ උසම ගහ, පාදයෙන්ම කැපිලා; තවත් ඉහළට යන්න පුලුවන් තැන නැති කරගෙන. පවුලක, සමාජයේ එවැනි කැප කිරීම කරන අය ගෙන් සිදුවෙන සමාජීයමය මෙහෙවර වෙනුවෙන් මේ උණගසේ නිර්මාණය පිදුවේ.

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීමට.

    ReplyDelete
  29. @දිල්:
    පරක්කුවක් නැහැ නංගී.

    එදා අවුරුදු ගනනාවකට පසුව ලියූ, පලමුව පලකල නිල් සයුර අප මිතුර මුල් පදපෙලේ පළමු කොමන්ටුව දිල් නංගි ගෙන් විය.

    එතැනදී වූ නිර්මාණ විමසුම්, සාකච්ඡා ආදිය නිර්මාණ වැඩි දියුණු කරගන්න ලොකු රුකුලක් වුනා. ඒ වෙනුවෙන් රොන් අයියා ලබා දුන් ආදර්ශය, මග පෙන්වීම අදටත් ඒ කවයේ හිටි අය අතර දකින්න ලැබීම ගැන ඈතක ඉඳන් වුනත් බලා සතුටු වෙනවා ඇති.

    ලොකු සටහනක් කරමින් එකතු කල සුබ පැතුමට බොහෝම ස්තුතියි.

    දිල් නංගීට සතුට, සොම්නසින් පිරි වාසනාවන්ත ජීවිතයක් පතනවා.

    මීනු නංගීව මතක් කරන්න, ඇයට ඉක්මන් සුවය පතනවා.

    අතීතයෙන් අහුලන මතකයන්.... බ්ලොගය ද ලස්සන මතකයන් ගෙන් පිරී බැබලේවා, දිගාසිරි.

    ReplyDelete
  30. සුභ පතන්න පමා වූයේ සති අන්තේ හින්දා,, කොහොමද පටන් ගන්නේ මේ බ්ලොග් ලෝකයෙන් මා හඳුනා ගත් දයාබර, සුන්දර මිනිසුන් කිහිපදෙනා අතුරින් අයියාත් එක්කෙනෙක් . කාගෙ හරි වැරැද්දක් දුටු තැන අහක බලාගෙන නොයා, තමන්ගෙ වටිනා කාලය කැපකරලා උදව් කරන්න අයියා නොපැකිලෙන බව කාටත් නොරහසක් නේ. දිරි මත් කලයුතු කෙනෙක් ඉන්නවා නම් අනිත් අයටත් පෙන්නලා උදව් ඉල්ලා දෙන අයියා වගේ මිනිසුන් නම් මට මෙතෙක් හමුවී නැහැ.
    තවත් සාරවත් ලිපි දහසක් ලියවේවා. එමෙන්ම මිතුරුකමින් බබළන්නට නුඹේ දෑත තව සවිමත් වේවා. !!!!!!

    ReplyDelete
  31. දයාබර ඩීන්,

    කතරේ තනිවූ විටෙක දැනෙනා පාළුව තනිකම මකා ගනුවස් දෙතොලට ලංකල දිය බිඳක් වන් ඔබේ හෘදයාංගම ලියැවිල්ල ශතකයක් සපුරන මේ මොහොතේ මගේ හද පත්ලෙන්ම නැඟෙනා සුබාසිරි!!!

    ReplyDelete
  32. නිර්මාණය කියවූයේ අද, හ්ම් ඇත්ත තමයි ඕන චණ්ඩ මාරුතයකට හිස නමලා මුහුණ දෙනවා. උණ පඳුරක් යට තියෙන්නෙත් හරි පුදුම සිහිලක් නේද?

    ReplyDelete
  33. @චමිදේවා:
    බොහෝම ස්තුතියි මල්ලී.

    ReplyDelete
  34. @දුමී:
    බොහෝ දේවල් ලියන්න මොනව හරි රුකලක් දෙන්වා කියන එක ඇත්ත, ඒකත් ප්‍රශ්ණයක් වෙන අවස්ථා ද ඇතිවෙනවා දුමී.

    බොහෝම ස්තුතියි නුඹේ දිරිගන්වන සටහනට හා සුබ පැතුමට.

    (සති ගානකින් අලුත් දෙයක් ලිව්වෙත් නැහැ නේද?)

    ReplyDelete
  35. @මාරයාගේ හෝරාව:
    කිසිම පරක්කුවක් නැහැ. කිසිම අමතක කිරීමක් නැහැ මලේ, එහෙම හිතන්න අවශ්‍යතාවයක් නැහැ. කාලයත් එක්ක බ්ලොග් ලිවිල්ල වැඩිවෙද්දි, පාඨකයින් වැඩිපුර ඉල්ලද්දි ඒවාට කාලය වැඩිපුර යොදවන්න වෙනවා. වෙලාවත් එක්ක සටන කරන්න වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔය යන විදියට ඇදගෙන යමු.

    නුඹේ පදපේලිය ලස්සනයි, බොහෝම ස්තුතියි සුබ පැතුම්වලට.

    ReplyDelete
  36. @Charmi:
    ඒක නම් ලොකු චැලෙන්ජ් එකක්. බලමු! කවදා හරි ඒ කඩඉමට ආපු දාටත් ටක් ගාල ඇවිල්ලා කොමන්ටුවක් දාල යන්න එහෙනම්.

    බොහෝම ස්තුතියි ඔබේ සුබ පැතුමට.

    ReplyDelete
  37. @රතු මුහුද:
    බොහෝම ස්තුතියි ලෙන්ගතු පැතුම් වලට.

    ReplyDelete
  38. @Chandi:
    අක්කණ්ඩි, ඔබේ රසබර කවි පදවැල් සිංහල බ්ලොග් අවකාෂයට පිරිනමන්න, රසවිඳින්න, ඒවයෙහි ගැබ්වී ඇති සමාජමය පණිවුඩය බෙදා දෙන්න පුංචි මගක් තනන්න ඉඩ ලැබීම භාග්‍යයකි. ඒ හැම එකටම වඩා පියුම් විලෙන බෙදන දහම් සිසිල වවන කරන්න අකුරු මදියි. ඒ හැම දිගට කරගෙන යන්න චාන්දි අක්කාට හැකියාව හා ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා පතනවා.

    බොහෝම ස්තුතියි අක්කේ ඔබේ හෘදයාංගම සුබ පැතුමට.

    ReplyDelete
  39. @හරී - පිණිපළස:
    මේ සිංහල බ්ලොග් අවකාෂය ලස්සන වෙන්නේ බ්ලොග් හරවත් වෙන තරමට. ඒ වෙනුවෙන් උවමනා තැනදී අත දෙන එක අපි කාගේත් යුතුකමනේ.

    සති අන්තයේ වැඩ ගොඩ අතරත් ඇවිත් ලෙන්ගතු සටහනක් එක් කර සුබ පැතුමට බොහෝම ස්තුතියි නංගී.

    නිර්මාණය ඇගයීම ගැන නැවතත් ස්තූතියි.

    ReplyDelete
  40. @Ravi:
    මහත්තයෝ ඒක බොහෝ ඉහළ සටහනක් නොවැ. මේ සටහන්, සුබ පැතුම් ගොඩාක් අගේ සහෘදයා. බොහෝම ස්තුතියි.

    ReplyDelete
  41. ගල්මල් අඩවියේ සිය වැනි නිර්මාණ දිගහැරීමත් සමඟ එක්වූ සියවැනි ෆලෝවර් Lalit Udawela සාදරයෙන් පිලිගන්නෙමු.

    ReplyDelete
  42. ඩීන් අයිය..තව ලියමු.ඔයා වගේ අය තව ලියන්න ඔනේ.මොකද කාසියේ පැති දෙක වගේ මූණු දෙකක් නැති ඔයා හොඳ මනුස්සයෙක්.ඒ වගේ මිනිස්සුන්ගෙ අදහස් තමා වටින්නේ.

    ReplyDelete
  43. @කස්සා:
    ඔව්, ඔව් මලේ පුලුවන් හැම වෙලාවෙම ලියනවා.

    බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  44. බ්ලොග් අවකාශයේ සොඳුරු දාර්ශණිකයාණෙනි,
    දිගු ගමනකට මගෙන් ආසිරි...

    සුලා..

    ReplyDelete
  45. @සුලා:
    බොහෝම ස්තුතියි මලේ, මේ අවස්තාවේ නුඹේ සටහන සුබ පැතුම මට ගොඩාක් වටිනවා.

    ඉඩ ලද වෙලාවට ඊමේල් එකක් දාන්න galmal.coral@gmail.com

    ReplyDelete
  46. ගල්මල් අඩවියට අලුතින් එක්වූ "සොඳුරු මිනිසා" සාදරයෙන් පිලිගන්නෙමු.

    ReplyDelete
  47. 100 ට සුබ පැතුම්. තව දිගු කලක් ලිපි ලිවීමට හැකියාව ලැබේවා ! නියමයි ,,,

    ReplyDelete
  48. @sanjaya සිතුවිලි:
    පළමුව ඔබව ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    ඔබේ බ්ලොගය වටිනා තොරතුරු රැසකින් සමන්විතයි. විවේකයේ කියවලා විස්තර ලියන්නම්.

    සුබපැතුමට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  49. උතුරා යන මානුෂික කමක්, අඬන්න උරහිස ලබාදෙන සහෝදර කමක් ඇති උඹ ගැන මතක් කරන මොහොතත් හිතට සිහිලක් ලබා දෙන බව උඹ දන්නවද සහෝ . . ?

    උඹ වගේ උදාර කලාකරුවෙක්, අව්‍යාජ මනුස්සයෙක් බ්ලොග් අවකාශේට රැගෙන එන ලැබුනු එක මට මගේ ජීවිතයේ ලැබූ භාග්‍යක් සහෝදරයා . . .

    උඹට ජය . . .

    දිගට ලියන්න . . .

    ReplyDelete
  50. @දුකා:
    නුඹේ සටහනත් එක්කයි ගල්මල් අඩවියේ සියවෙනි පොස්ට් එක සම්පූර්ණ වෙන්නේ. හැම වැඩ රාජකාරී අතරම ඇවිත් සටහනක් කිරීම ගැන බොහෝමත්ම ස්තුතියි; එය දිරියකි, ශක්තියකි සහෝ.

    ReplyDelete