Saturday, September 30, 2023

කවිය වෑහෙන්න | Unfurl Your Words

 



ඔබේ වදන් මුදාලන්න
අහස් කුස සිසාරන්න
ඔබේ කවිය වෑහෙන්න
අත්තටු දෙන්න සැරිසරන්න


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Darrielle Cresswell)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral



Friday, September 29, 2023

හද සයුරකි | The Heart of Man

 


මිනිස් හදවත
බොහෝ විට
සාගරය බඳුය,

එහි
කුණාටු ඇතිවේ
රළ නැගේ,

එය
ගැඹුරුය
එපතුලේ
මුතු ද වෙති.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Vincent Van Gogh)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral




Thursday, September 28, 2023

වෙළෙන්නට ඔබ හා | Intertwine with You

 


මසිත කොඳුරයි
පතන්නේ
වෙළෙන්නට ඔබ හා
රළු රළ පෙරළමින් එනවිට
ජීවිතයේ
අපි එකෙකුම වෙනු ඇත
දුරස්කළ නොහැකි...

නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Mustafa Tattan)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Wednesday, September 27, 2023

එකා මෙන් | As One



නුඹේ දෙඩවිල්ල,
මට ඇසෙන.
නුඹේ පහස,
මං විඳින.
නුඹේ සිතුවිල්ල,
මට හැඟෙන.
නුඹේ හැඟීම,
මට දැනෙන;
ආදරය,
ආත්මය හා බැඳුන,
ගැඹුරු,
සදාකල්...


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Tuesday, September 26, 2023

මුනිවත | Scilence



නුඹේ වදනින් මට රිදෙතැයි
බියපත්ව
මුනිවතින් මා රිදවන්නේ
ඇයි නුඹ


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Pink Sky)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral


Monday, September 25, 2023

මහද, නුඹ | Is there a Difference

 


මහද
එතැන
නුඹ,
නිච්චියක් නැහැ මට
වෙනස ඇද්ද
එතැන.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: A.R. Asher)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Sunday, September 24, 2023

ජීවිතය කළු සුදු | Shades of Colors

 


ගෙවන 'මුත්
කළු සුදු ජීවිතයක්
ඔබ
නිරතුරුව
අනේක පැහැයන්ගේ
එකතුවක්...


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Matthew Spenser)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Saturday, September 23, 2023

සිනාවක් | Save Me a Smile

 




ඔබේ සිහිනය
මට කියන්න,
ඔබේ හද
සනසන්නම්,
එකම එක සිනාවක්
තියාගන්න
මා වෙනුවෙන්,
මා හැමදා
ඔබේම වෙන්නම්...


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Matthew Spenser)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral


Friday, September 22, 2023

නික්ම යන්නට පෙර | Before You Go

 

පුළුවනිද දෙන්න මොහොතක්?
ඔබ දිහා බලන්න
යම් විදියකින් හමු නොවුනොත් අපි ආයෙත්
මතක තියාගන්න
හිරු එළියෙන් නැහැවුන ඔබේ මුහුණ
ඔබේ දෑසේ ඇඳුන මාව...


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Sharyn Marsh)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Thursday, September 21, 2023

සාගරයෙන් අයදින | Crave the Ocean

 


සාගරයෙන් මා අයදිනවා.
ලවණ රස. සාටෝප සුළඟ.
හඬන නල. සුදු රළ.
පීරන රැල්ල
දයාන්විත වෙරළ ඉම
පෙලන
අහස් කුස යට
රඟන මුදු
කැටපත.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Victoria Erickson)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral



Wednesday, September 20, 2023

කවිය ඇතැම්විට | Poetry is

 


ඇතැම් දවසවල කවිය මැහුමක්, යාකරන. විටෙක එයයි තුවාලය පාරන.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Blake Auden)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Tuesday, September 19, 2023

කැඩුණු පියානෝවන් | Broken Pianos

 


කැඩුණු පියානෝ වාදනය කරයි ද කැඩි, කැඩී ගීත? ඉරිතැලුණ හදවතට බිඳුන තාල? එතුල වෙත්ද ගීතයක් වැයෙන්නට බලා සිටින? ඇයගේ හද යතුරුපෙල සිඳිබිඳි ස්වර නිහඬ වෙලා එනමුත් තවම රැව්දේ ඇයගේ මියුරු නද සවන් දෙන්න, සවන් දෙන්න...


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Tyler Knott Gregson)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral


Monday, September 18, 2023

නුඹ කවියකි | You are a Poem

 


නුඹ කවියකි
ඇට මස් ලේ නහර වලින් ගෙතූ
දිදුලන තරු අනු
හා ලාලිතයෙන් සැරසූ
මට හිමි දායාදයකි, පෙමින් වෙලෙන්නට.



නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.

උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Anita Krizzan)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Sunday, September 17, 2023

නුඹ නොව අඳුර | You are not the darkness


නුඹ නොව
අඳුර
නිමක් නැතැයි සිතන.

නුඹය
ආලෝකය
යටත් වීම
ප්‍රතික්ෂේප කරන.


* කවි සිතුවිල්ල John Mark Green පදපෙලක් ඇසුරිනි.

Monday, September 11, 2023

කටු | Thorns

 


අසන්නේ ද කවුරු හෝ
ඇයි ඔබ මෙතරම් පරිස්සම්
ඔබේම අවකාශයේ,
කියන්න ඔවුනට
රෝසමලක් ලස්සන වෙන්නට
උල්කටු වැඩුවේ නැහැ කිසිවිට.

එනමුදු,
සොබාදහම බලකරන
පරිස්සමට,
රුදුරු විලෝපිකයින් ගෙන්.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Monday, September 4, 2023

ඊරිසියාව | Envy



දුටුවෙමි
වැස්සේ තෙමි තෙමි
ඉන්න ඔබ
ඊරිසියා හිතුනා
ඒ වැහි පොද එක්ක
ස්පර්ෂ කරන
ඔබේ වත
සිපගන්න නාදළු දෙතොල
අහස වුනත්
ඉවසුම් නැතිව
ඇද වැටෙනවා 
ඔබ ළඟ...


* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Christie L. Starkweather)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Friday, September 1, 2023

මී පැණි රස ද මී මැස්සෝ - Bee Honey


වෙහෙසා පුංචි පියාපත්
ගෙවා ගව් ගනන්
බිඳු බිඳු පැණි එකතුකරන
මී මැස්සොනේ
ලැබෙනවා ද නුඹටත්
රස බලන්නට
මී පැණි බිඳක්, දෙකක්...

සටහන:
ලොවපුරා අනේක බවබෝග වගාවන්, කර්මාන්ත, නිෂ්පාදන වල යෙදෙන මිනිස්සු බොහෝ වෙති, අනර්ගතම දේ දෙන්න ඔවුන් වෙහෙසෙති. එහෙත් ඒවා භුක්තිවිඳීමට, රස බැලීමට ඔවුන් කීදෙනාගෙන් කෙනෙකුට ද ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ? එයයි නිර්මාණයට නිමිත්ත වුනේ. මී මැස්සන් ඒ අතින් වාසනාවන්තයි, උන්ගේ කෙටි ජීවිත කාලය තුළ දී මී පැණි බිඳක් රසකරන්න ලැබෙන බව කියයි. ඒ වෙනෙකකට නොව තවත් දුර පියාඹා මල්පැණි එකතු කරන්න ශක්තිය ජනනය කරන්නයිලු.