Friday, June 10, 2022

බාලගිරි - Not Today, Tomorrow

 


නුබ ගැබ බරව
හෝ ග ගා කඳුළු සලනවා
කෙසඟ කුරුදු දර පතුර
බෑ කිය කියා දැවෙනවා 
අතනෑර නුඹ
හති ද දා ගිනි පිඹිනවා
සිලින්ඩරය දොරකඩ
හැඩ ද දා මකුළුවා වියනවා...

මුළුතැන්ගෙයි රාක්කේ
බෝතල් විනිවිද පේනවා
පිළිකන්නේ පලා පාත්තිය
අහස බලාගෙන
නව දල්ලක් යදිනවා
ඇහැපියවෙද්දි හඹා එන
ගෑස් ලොරිය පේනවා
හතරට නැවුන ලොකු කොළය 
බාලගිරිය සොයනවා...

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts