Sunday, May 12, 2024

අම්මේ නුඹ Architect


අම්මේ නුඹව
පාගපු හැම එකාම දුන්නේ
වෙනම ගැම්මක්
කෙලවරක් නැතුව රිදවපු හැම
වාරෙම රටාවක්
ජීවිතය ජයගන්න
වාරුවක්...

Mother's Day 2024

Sunday, May 5, 2024

ඇට‍යක වෙත් ද


සවිමත් කඳ, අතු ඉති රිකිලි
මුදු ලාදළු, බෝ රළු පත්
සුමුදු, සුවඳැති මධු බිඳු පිරි මල්
නෙක කටු, පරිස්සමට වකුටුව
කෝම ඇසුරුවා ද චූටි ඇටයක?
සම අසමව,
පුදුමයකි!
සන්තකේ මොනා දැයි බලනු රිසි නම්
ඉතිං, පැල කලයුතු.
වැඩෙන්නට, දුවා සවි ඇති මුල්
වැළඳගෙන මහපොළොව,
සිව් සම ගෙවා
සිප අහස් කුස විහිදා අතු ඉති,
කාලයක් අවැසි වුවද
බෙදන්නට රස ඵල...
විහිදා පුංචි හරිත පත් බෙදනවා ඇති
ලොබ නැතිව හුස්ම පොද, පොද
සෙනෙහසින් දෑත් විහිඳු දා සිට
ජීව වායුව අමිල.


English Version: What’s Packed in a Seed?