Monday, March 25, 2013

රජෙකි අරුමෝසම්



කිරුලෙන්
හිස නොවැසුණ
කල
රජෙකි
නෙක අකුරු හැඩ කර 
අපමණ දෑ
කරතෑකි...
පළඳා කිරුළ
ඇස අඳ කර
කල
අරුමෝසමකි
සාක්කුවේ සොඳින්
වැජඹෙතෑකි...


පියවරින් පියවර යන බ්ලොග් ගමනේ ගල්මල්-Coral අඩවිය තුන්වන වසර සනිටුහන් කරයි. මග මලින් සැරසූ සහෘදයින්ට වගේම ගලින් ශක්තිමත් කර අයට බොහෝ තුති.
  
Amazing Spring හි King when Uncrowned  කියවා බලන්න.  

Thursday, March 14, 2013

රිද්මය දුවවන බර



රළු රළ පෙන කැටි
එකසේ අර ගන්නා
මුදු වෙරළ සේ
සවන් යොමා...
දවන තද හිරු රැස
මුවාකර එලා වියන
අහස් කුස සේ
නෙතු අයා...
සිතිජ ඉම මෙන්
තෙරක් නැති
හැම තතු
හිතේ පුරවා...
අවැසි විට අනවැසි දෑ
මුදාහල හැකිනම්
දැනෙතෑකි සැහැල්ලුව...
තරම් වේවි දෝ
රිද්මය දුවවන්න
සිතුණා...