ජයගෙන රළු සුළඟ
නිවුන ගිනි සිළුව
අළු යට සැඟව
රත අඟුරු
දවා අගිල් සඳුන්
විහිදන මුදු සුවඳ
Image Credit: http://incensemaking.com/
සටහන:
මුදු සුවඳක් සුළඟේ ඇවිත් නාස්පුඩුවල ගැටෙද්දී මොනතරම් නම් සිහිල් සුවයක් දැනෙනවද... සොබාදහම විසින් පරිසරය අලංකාර කරන ගස් වැල්, මල්, ආදී අනේක සුවඳ උපදවන දේ දායාදය කරලා තියෙන්නේ ඒ ප්‍රියජනක දැනීම ලෝක වාසීන්ට හිමිකර දෙන්න වෙන්න ඕනේ. ඉන් විඩාබර ජීවිත සනහාලන්න, සුවපත් කරන්න වෙන්නෙ ඕනේ.ඒ වගේම මේ ලෝකය සුවඳවත් කරන්න දැවෙන, ක්ෂයවෙන දේ ද බොහෝමයි. ඒ කැපවීම මුල් කරගෙන කල පොඩි පදපෙළක් සුවඳ දුම්. කබලක දැවෙන අඟුරු කෑල්ලක්, ඉන් නැගෙන සුවඳ දුමකින් වටාපිටාව සුවඳවත් කෙරෙන අන්දම... ඉන් කියැවෙන ගැඹුරු අදහස් කිහිපයක් මේ නිර්මණයට මුල් වුණා.
දුම් කබලක් කියද්දී ලාංකික අපේ සිතට එන්නේ පොල්කටු අඟුරු දැවෙන කබලක් වුණත් පහසුවෙන් සුවඳ දුම් ඇතිකරන්න පුළුවන් පරිදි සකස් කරන ලද අඟුරු වර්ග ද ඒවා දැවිය හැකි අනේක මොස්තරවල කබල වර්ග ද වෙළෙඳ පොලින් ලබාගන්නට තියෙනවා. ලොව පෙරදිග සිට අපරදිගටත් නොයෙකුත් සමාජ සංස්කෘතීන් තුළත් අනේක විදි සුවඳ දුම් භාවිතය දකින්න පුළුවනි.
ගල් අඟුරු, පොල්කටු අඟුරු, වියළි අතු කෑල්ලක් වැනි මොනවා වුනත් ගින්නට හසු වූ විට බුර බුරා නගින ගින්නේ දැවෙනවා. වටා පිටාවේ හමන සුලඟ ඒ ගින්න වැඩි කරන්න පුලුවන් වගේම සුළඟ සැර පරුස වෙද්දී නිමෙන්නත් පුලුවනි. ගිනි දලු ජය ගන්නේ නම් අලු ගොඩක් බවට පත්වේවි ඉක්මනටම, ඒ හටනේ දී ගිනි සිළුව නිවුනාම ඇතිවෙන්නේ ගිනියම් වූ අඟුරු කෑල්ලක්...
ගිනි ගත් අඟුර පවනේ ගැටී දැවෙද්දී ඇතිවෙන්නේ අළු, තම නැතිවීම පමා කරන්න පුලුවන් ක්‍රමයක් හැටියට අඟුරු කෑල්ල අළුයට ආවරණය ලබනවා. ඒ ගිනියම් වූ අඟුර මත ගිනිගන්නා සුළු දෙයක් වැටුනාම ගිනි ජාලයක් ඇතිවෙන්න පුලුවන්. සුවඳ උපදවන දෙයක් වැටුනාම කෙමෙන් කෙමෙන් දැවී සුවඳ විහිඳුවන්නත් පුලුවන්. නැතිනම් ඔහේ දැවී යන්නත් පුලුවන් නේද?
අගිල් හා සඳුන් (පහත කොමන්ටුවක මේ ගැන විස්තර කර ඇත) කියන්නේ දැවෙද්දී ප්‍රියජනක මුදු සුවඳක් නිකුත් කරන ගස් වලින් ලබාගන්නා, වියලාගත් පතුරු විශේෂයක්. ඒ වගේම මිල අධික ද්‍රව්‍යයක්. ඒ නිස ම ඒ සුවඳ විඳින්න පුළුවන් වෙන්නේ අතමිට සරුසාර හා වරප්‍රසාද හිමි අයටයි.
තවද, තම පවුලේ උදවියගේ සුබසිද්ධිය උදෙසා අනේක කම්කටොලු වලට මුහුණ දෙමින්, හැම විඳ දරාගෙන සුවඳ විතරක්ම විහිඳන අයත් අරකී දැවෙන අඟුරු හා සම නොවේද?
පදපෙළින් තවත් අදහස් මතුවෙන්නත් බැරි නැහැ...
පොඩි උනාට ගොඩක් ගැබුරට ලියවුන කවියක්
ReplyDeleteනිවු ගිනි සීල
ReplyDeleteනපුරු සුළඟම
සුවඳ අරගෙන
යනෙන ලස්සන
අළු යට සැඟව
ReplyDeleteසුවඳක්ව නැග එන අපූරුව..
අළුයට සැඟව ඇති ගිනි පුපුරු වලින් සැමදා සුවඳම විහිදේවා! පුංචි උනත් ගැඹුරු අර්ථයක් දෙන අපූරු නිර්මාණයක් ඩීන් මල්ලී.
ReplyDeleteග්‍රේට්... මාර ලස්සනයි....
ReplyDeleteපදපෙල ගැන සටහනක් කර හැමටම බොහෝම ස්තුතියි, පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.
ReplyDeleteමැක්සා......
ReplyDeleteහීනෙන් හිත දැනෙන ~ සඳුන් සිහිල.......(කවියන්ගෙ හොඳ උපමාවක් නේද? )
ReplyDeleteලස්සන අදහසක් ඩීන්.... වෙලාවකට පුදුමත් හිතෙනවා ඩීන්ගේ වගේ සුන්දරව හැමදේම දකින ඇසුත් තියෙනවද කියලා. මොකද මට නම් ඔය සුවඳ දුම් කබල කොච්චර දැක්කත් ඩීන්ට දැනුනු සොඳුරු සිතිවිල්ල හිතෙන්නෙ නැති බව නම් සහතිකයි....! මීට පස්සෙ ඒක දකින කොට මේ වදන් පෙල සිහිවේවි...!
ReplyDelete@කස්සා:
ReplyDeleteඔව් මල්ලී කාලෙකින් කොම්පැක්ට් එකක් ලියවුනේ, බොහෝම ස්තුතියි සටහනක් තැබුවාට.
@Bindi:
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබේ පදපෙලට.
සැර පරුස වී ගිනි තියන
පාට සිළුවට ලොබ බඳින
ගින්න යට වී අළු බැඳෙන
දැවෙන තුරු සුවඳ විඳින
මට මේක කියෙව්ව මුල වතාවෙ ඉඳන්ම මතක් වෙන්නෙ අර සින්දුව...
ReplyDeleteසඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
පැතුම් පඳුරු දෝත දරා දේව යාතිකා
යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස් වෙලා
සුළඟ විත් නිව්වාට ගිණි සිලුව
ReplyDeleteඅමනාප නැ වගේ
සුවඳ හුළඟට මුසු කරන අපූරුව...
-----------------
මේ අගිල් කියන්නෙ මොනවද මචන්? මට ඒ පේළියම තේරුණේ නෑනේ...
@නලිනි චන්දිමා:
ReplyDeleteලෝකය සුවඳවත් කරන්න දැවෙන, ක්ෂයවෙන දේවල් බොහෝමයි. මේ නිර්මාණය තුලින් දකින්න උත්සාහ කලේ ඒ කැපවීම. බොහෝම ස්තුතියි නංගී සටහනට.
@Chandi:
ReplyDeleteඅඟුර නපුරුයි කියන පිළිගැනීම නිසා වෙන්න ඇති සාහිත්‍ය කෘතීන් බහුලව අළු යට අඟුරු කියලා අනතුරු හැඟවීමක් වශයෙන් යොදාගන්නේ. ගිනිගත් අඟුර දැල්ලෙන් මිදී පවනේ දැවෙද්දී ඇතිවෙන අළු ආවරණයේ ගිලී කරන්නේ පැවැත්මට කරන සටනක්. ඒ මත සඳුන්, අගිල් වගේ දේවල් වැටුනාම සුවඳ විහිඳෙනවා. ඒ වගේම ගිනිගන්න සුලු දේවල් වැටුනාම ගිනිජාලාවක් ඇතිවෙන්න පුලුවන්. කොහොම නමුත් වාසිය ලබන්නේ රත අඟුරු හසුරුවන අය නේද?
බොහෝම ස්තුතියි අක්කේ සටහනට.
@මාතලන්:
ReplyDeleteසෑහෙන්න කාලෙකට පස්සෙ වුනත් දකින්න ලැබීම ගොඩාක් සතුටුයි ලොක්කා. බොහෝම ස්තුතියි සටහනට.
@Sabith:
ReplyDeleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා, බොහෝම ස්තුතියි සටහනට.
@හරී - පිණිපළස:
ReplyDeleteඒ යෙදුම පවා සිසිලයි නේද? බොහෝම ස්තුතියි නංගී සටහනට.
පිණි පලසේ අලුත් පොස්ට් එකක් දකින්න ආසයි.
@දුමී:
ReplyDeleteඅනේ මන්දා දුමී... පසුගිය දවස්වල ලියන්න තරම් වෙලාවක් වුනේ නැහැ. සෑහෙන කාලෙකට පස්සේ කොම්පැක්ට් පදපෙලක් කලේ, ඒකෙ පැති කීපයක් තියෙනවා. මං විස්තර කරලා ලියන්න බලන්නම්.
බොහෝම ස්තුතියි දුමී සටහනට.
@චේජනා:
ReplyDeleteඒ අදහසත් හරි, පදපෙලේ අදහස් කිහිපයක් ගැන පසුව ලියන්නම්.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@hare :-)
ReplyDeleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
ගින්න එක්ක අමනාප වෙලා බැහැ. මෙතැන දී අඟුර ජයගන්නේ, නැතිනම් සුළඟේ සැරට දැවිලා ඉවරවෙන්න තිබුනා. ඉන්පසුව මද සුළඟේ දැවටී දැවීම පමා කරන්නේ තමාම දැවී ඇතිකරගත් අළු යට සැඟවිලා. ඒ මත සඳුන්, අගිල් වගේ ඉස්තරම් සුවඳ වර්ග වැටෙද්දී දැවි දැවී ඇති කරන සුගන්දය මද පවනේ (තැන්පත්ව) බෙදන්නේ.
අගිල් කියන්නේ සඳුන් වගේම ගසක කඳෙන් ගන්න කොටසක්. අගිල් කළු පාටට හුරු දුබුරු පාට තද ලීයක්. මේ දෙවගයම දැවෙද්දී හරිම සුවඳයි, ආයූර්වේද හා රූපලාවන්‍ය බෙහෙත් සැකසීමට පාවිච්චි කරන දෙයක්. අගිල් දකුණු ආසියතික කලාපයේ හැදෙන ගහක්. ඒ වගේම අගිල් තෙල් යොදාගෙන සුවඳ විලවුන්, පර්ෆියුම්, ආදියද නිපදවනවා. අගිල් තෙල් බිඳක් ඇඳුමකට ගෑවාම සති ගනනාවක් පවතී. අගිල් ගැන වැඩි විස්තර පහත ලින්ක් වලින් දැන ගන්න පුලුවනි:
http://en.wikipedia.org/wiki/Agarwood
http://www.aloeswood-agarwood-oud.com/index.html
මේ නිර්මාණයේ දී අගිල් සඳුන් වචනයෙන් කියවෙන්නේ අඟුර දැවී, නැති වුවද ඒ මත වැටෙන අරකී ඉහල ගනයේ දෑ දවා සුවඳින් වැජඹෙන... අරුත.
මේ නිර්මාණය ගැන විස්තරයක් ඉඩලද විට එකතු කරන්න බලාපොරොත්තුවෙමි.
ReplyDeleteබොහෝ දේ කියවෙන පුංචි කවියක් නොවැ ඩීන් අය්යා.
ReplyDelete@Chathura Wijekoon|චතුර විජේකෝන් :
ReplyDeleteචතුර මල්ලී ඔබේ සටහනට බොහෝම ස්තුතියි
ගල්මල් අඩවියට අලුතින් එක්වූ 'ලාංකීය බ්ලොග් කියවනය' හා Nadun Ranaweera සාදරයෙන් පිලිගන්නෙමු.
ReplyDeleteගල්මල් කොරල් බලන්න එක්වූ aloka සාදරයෙන් පිලිගන්නෙමු.
ReplyDeleteපදපෙළට මුල් වූ අදහස් කිහිපය සටහනක් හැටියට එක් කරා. ඉන් තවත් අදහස් මතුවෙන්න පුළුවනි, ඒවා කොමන්ට් හැටියට එකතු කරමු.
ReplyDeleteඅපුරු නිර්මාණයක් අයියා.. හැමදාමත් වගෙ ... හරව්ත්
ReplyDelete@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලී ඔබේ ඇගයීම හා සටහනට.