Monday, July 26, 2021

ජීවිතය හීයකි - Arrow

 


ජීවිතය හීයකි
බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත 
ඇදී යන හී හිසට
ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු

ජීවිතය හීයකි
ඈත මෑත  ඉලක්කය ගෙන
සීරුවෙන් විදින,
ඉලක්කය කාගෙදැයි නොදනිමි

ජීවිතය හීයකි
නෙක බලාපොරොත්තු ගැබ් කර
වෙරගෙන දුන්නෙන් විදින,
විදින්නේ කවුදැයි නොදනිමි

ජීවිතය හීයකි
බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත
ඇදී යායුතු
ජවය රුකුල, විනය නැණ සිප් එක්ව දියයුතු

ජීවිතය හීයකි
ආපසු ගමන් නැති
ඉලක්කයෙන් ඉලක්කයට
පෙරටම ඇදි යායුතු

5 comments:

  1. Godak lassana wachana ekathuwak.hithanna dewal godak thiyei. Congratulations 🙏

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඒ අගේ කිරීමට

      Delete
  2. ඉලක්කයකට ඇදී ගියෙ නැක්තං ඉතිං ජීවිතය නන්නත්තාර් වෙන එක තමයි වෙන්නෙ. නියමයි.

    ReplyDelete
    Replies
    1. අන්නේකයි, ස්තුතියි Praසා

      Delete
    2. ජීවිතේ තියෙන්නෙ ජීවත් වෙන්න නෙහ්?
      ඉලක්ක මොකටද?
      නන්නත්තාර උනත් අපි හොඳට ජීවත් වුණා නම් අවුලක් නෑ නේද?

      Delete