Tuesday, May 24, 2022

නිවටන (හල්කිරීම, පාපිල්ල නැති)

 



වාඩිවී උන්න
ගහ යට
කම්මැලිකමේ
ගහ සෙලෙව්වේ
එකමුතුවෙ බලේ
කූඩේ පුරවා ගත්තට
අහුලා ගෙඩි ඇපල් ගහේ
තොපි 
ලියනවා ද නියමයන්
වැළකුමට උඩුකුරු තෙරපුම
නොවළකා කාරණේ
පෙළන,
බලේ…

Thursday, May 19, 2022

දුරලන්නට අඳුර

 


අඳුර තීව්‍රය
වේදනාව නිම් නැත
රාත්‍රිය දිගුය
අරුණෝදය උදාවෙනතුරු
නොනිමී 
දැල්වේවා
විලක්කු,
ඉටි පහන්…

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts