Saturday, June 27, 2026

අහස - The Sky

 

නිල් පැහැති සිහිනයක් සේ,
අහස දිග හැරේ නිමක් නැතිව.
සුදු වලාකුළු නටන විට,
සිතත් පියාඹයි නිදහසේ.

උදෑසන රන් කිරණ වැටී,
බලාපොරොත්තුවේ නැවුම් මල් පිපෙයි.
සැන්ඳෑව දම් පැහැයෙන් සැරසී,
දවසේ කවිය නිමා කරයි.

රාත්‍රියේ තරු ඇස් දල්වාගෙන,
අහස කතා කියයි නිහඬව.
සඳ එළිය මඟ පෙන්වන විට,
ලෝකය නිදයි සැනසිල්ලෙන්.

අහස අසීමිත කැන්වසයක්,
ස්වභාවයේ සුන්දර චිත්‍රයක්.
බලන හැම මොහොතකම අලුත් වන,
අපගේ සිහිනවල සදා සගයා.


Saturday, June 20, 2026

මහද පිරිමැදි | Touched My Soul

 


මහද පිරිමැදි සෙනෙහස අතුරින්,
බොහෝ සේ දැනුන,
වඩාත් උත්කෘෂ්ට,
ඒ ඔබය.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Creig Crippen)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Wednesday, June 17, 2026

දැවී අළුවෙන

සුවඳ විහිදන දුම්
දැවී දියවෙන කුන්දිරික්කම්
දැවී අළුවෙන රතා'ඟුරු
නිවි නිවී  දිලෙයි
තාලේ අල්ලන් සුළං

Saturday, June 6, 2026

වරද මගේය - My Fault

 


ඈත අහසේ දිදුලන
පුංචි තරුකැට මුමුනන
සුමියුරු ගීයක් අරන් ආවා
සුමුදු මද නල

තනුව තාලය මන බැඳි
පදපෙල සොයමි කුමට ද
මිමිනුවා ඈත් කරමින්
දුහුල් රැලිපිලි

සඳ නෑගම් ගිහින්
හෙට අනිද්දා එන්නටවි අලුත්
ඈත, මුහුද රළ හඬ නඟයි
ගහ කොළ අතු අඹරමින්

පවන ඇයි නුඹ
රළු වුනේ මොහොතකින්
උදුරාගෙන ගියා
කුරුටු ගෑ කවි කොළයත්

සුළඟ නුඹට
දොස් කියන්නේ නැහැ
කවුළු දොර හැරියේ
මමයි රැවටී


Friday, June 5, 2026

සාලේ මැද

සාලේ මැද
මේසයේ
නාටක
පිටපත් බොහෝය

රතු මදටිය

රතු මදටිය ඇට
පැත්තට බරව
කිරුවොත්
තිත්ත කසාය?

කූඹි පෙරහැර

සමනල තටුවක්
ඉක්මන් ගමනේ
කූඹි පෙරහැරක
බඳ සොයන
නයි කූඹි
සහතිකේට

දිය ඇල්ල

හැඩ වැඩ ද දා
තාලෙට ගලන ගඟ
ඇද නොවැටුනා නම්
කොහෙන් ද
දිය ඇල්ලක්?

ඇහුනා ද

ඇස්බැඳි කඩුව අතගත් කුමාරියේ
විසිල් හඬට නොරැවටෙන්
ඇහුනා ද
ගැලරියේ බාසව
බැල්කනියේ?

Thursday, June 4, 2026

දෙවෙනි පන්තියේ මකුළු කුමාරිය

 


පද්දලා සොලවලා
රජ ගමනක
ගාලු කුමාරිය
පැද්දි පැද්දී
දැළ වියන්නේ
දෙවෙනි පන්තියේ
ටිකට් අරගෙනැයි
මකුළු කුමාරිය...

Tuesday, June 2, 2026

වෙනස

 


පීරා තෙලින් ඔප
පෙළින් පෙළ සීරුවට
ඉන්නා කළු සෙබළු
අතරින් පතර
එබී බලනා
සුදු,
ඇයි මුරණ්ඩු...


* 98-99 විභාගයකට සූදානම් වූ කාලයේ පරිහරණය කල පොතක් අස්සේ තිබී හමු වූ පොඩි පදපෙලක්


Saturday, May 9, 2026

හැලීම

යටහත්ව
කොටුවේ පරිමිතිය
බේරා ගල් බොරළු
හනි හනිකට හලන
රයිසිය

Friday, May 8, 2026

ඒයි AI

මොළ
මොට
කරයි ද
ඒ(අ)යි?


කොමන්ටුවේ දී ඇති ලින්ක් එකෙන් විස්තර සහිත ලිපියක් කියවන්න පුලුවනි.

Wednesday, May 6, 2026

ඉඩෝර වැහි

ඉඩෝරයේ ඉරිතැලී
කහ ගැහුණු තණපත්
වැහි පොදක් දෙකක්
මතුවෙලා තුත්තිරි

Tuesday, May 5, 2026

Monday, May 4, 2026

මුලාව

ගැහි ගැහී ඉලෑට කූඩුවේ
නුඹ කෝමද
මොලේ යටපත් කරන්නේ
හදවතේ

Friday, May 1, 2026

Comeකරු දිනය!

වැඩ කරන එවුන් කිහිලිකරු කර රන්දාලා
වේදිකාවෙ නැඟ මොර දෙයි උන්දෑලා

ගඳ-සුවඳ

දැවෙන අඟුරු
දැවි දැවී
විහිදන
ගඳ
සුවඳ

Thursday, April 30, 2026

හඳුන්කූරු

බැතියෙන් පිදුවත්
හඳුන්කූරු
දැවෙමින් බෙදන්නේ
ගැල්වූ සුවඳමය

Monday, April 27, 2026

බලය

බලය
සීසෝවකි
කිරි කිරිගාන
උඩපහල යනෙන
පොඩි එකාම
ග්‍රීස් ගහන