මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් යොදවා, කණ්ඩායමක බුද්ධිය-ශ්‍රමය හා තාක්ෂණය කියන එකතුවකින් හැඩගැන්වෙන IT system එකක ඵලදායීතාවය කියන්නේ එය බාවිතා කර වැඩගන්න කණ්ඩායමේ සාර්ථක බව මතයි. Usersලා කියන ජනේල කවුළුව තමයි අරකී සිස්ටම් එකහා එම සිස්ටම් එකෙන් සේවාව ලබන ප්‍රජාව අතර යාකරන ස්මාර්ට් පාලම. උදාහරණයක් හැටියට එම ප්‍රජාව සමාජයේ විවිධ මට්ටමේ පුද්ගලයින්ගෙන් සැදුම්ලත් ජනයා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ආයතනයක සේවක මඩුල්ල වෙන්න පුළුවන්. යූසර්ස්ලා කියන අය; අරකී ප්‍රජාව, IT system සීමාවන්, ඒ ගැන දැනුම/අවබෝධය හා පුද්ගල කැපවීම/රුචිය ආදී පරාමිතීන් ගනනාවකින් වට වූ බොක්ෂින් වළල්ලක තරඟ වදින උදවිය. ඒවගේම ඔවුනුත් සොබාවයෙන්ම සංවේදී මිනිස්සු. සිස්ටම් එකක ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය හා සාර්ථකත්වය කෙරෙහි usersලා කියන ස්තරය (layer) බොහෝම වැදගත්, ඔවුන් අර කවුළුවෙන් එපිට සමඟ කරන ගනුදෙනුව බොහෝම වැදගත්. ඉතිං අපි IT system building, කණ්ඩායම් ගොඩනැඟීමේ (team building) දී මෙන්ම යූසර් ට්‍රේනිංවල දී තරහ පාලනය (anger management) කියන කොටස ගැන ලොකු උනන්දුවක් දක්වන්න සිදුවෙනවා.
තරහ පාලනය උගැන්වීම සඳහා මා උපයෝගී කර ගත්තේ ගෞතම බුදුන්වනසේගේ බොහෝ වටිනා දේශනයක් පාදක කරගත් කතාවක්:
“If someone offers you a gift and you decline to accept it, to whom does it belong?”
යමෙකු ඔබට තෑග්ගක් පිළිගන්වයි, ඔබ එය බාරගන්නේ නැහැ, එය අයිති කාට ද?
එක හඬින් ඇහෙන්නේ:
“Then it belongs to the person who offered it.”
එහෙමනම් එය තවමත් අයිති ලබා දුන් එම පුද්ගලයාටම නොවෙ ද?
වැඩමුළුවේ ස්වභාවය හා පරිසරය අනුව පාදක කතාව පැහැදිලි කරන අවස්ථා ද විය, එය සැකැවින් මෙසේය:
මිනිසෙකු බුදුන් වහන්සේ වෙත ගොස් බුදුන්ට අපහාස කරයි. බුදුන් වහන්සේ සන්සුන්ව සිටියි. මිනිසා කෝපයෙන් කෑගැසීම අවසන් කල පසුව, බුදුන් වහන්සේ ඔහුගෙන් මෙසේ විමසීය, "ඔබ යමෙකුට තෑග්ගක් මිලදී ගෙන පිළිගන්වනවා, එය ඔහු බාර ගත්තේ නැත්නම්, එම තෑග්ග අයිති කටද?" මිනිසාගේ පිළිතුර වූයේ "තෑග්ග මිලදීගත් දා සිට තවමත් ඔහුට අයිති" බවයි. බුදුන් වහන්සේ පිලිතුරු දෙමින්, "නිවැරදියි. ඔබේ කෝපයත් එසේමයි. ඔබේ අවලාදය මම පිළිගන්නේ නැති නිසා, එම කෝපය, අවලාදය ද ඔබ තුලමය."
ඔබේ මනසේ සාමය, යහපැවැත්ම සම්පූර්ණයෙන්ම ඔබේ පාලනය යටතේ පවතී. අන් අයගේ නිෂේධාත්මක බව හෝ "කෑගැසීම" පිළිගැනීමට හෝ ප්‍රතිචාර දැක්වීමට ඔබට අවශ්‍ය නැත; ඔබ එය ලබා නොගැනීමට තෝරා ගන්නේ නම්, නිෂේධාත්මක බව එය ගෙනා පුද්ගලයා සමඟ පවතින බැවින් ඔහුම රැගෙන යාවි. ඔබ සැනසිල්ලෙන්...
Your peace of mind is entirely within your control. You do not have to accept or react to the negativity or "shouting" of others; if you choose not to receive it, the negativity remains with the person who brought it.
Let them take the apple back.
Image credit to Gemini AI
ප.ලි: මෙම අගනා කරුණ මගේ ජීවිතයට එක් කළේ මම බුදු දහම ගැන ඉගෙන ගන්න කාලයේ. පාසැල් කාලයේ සිට මෙම කරුණ එදිනෙදා ජීවිතයේ මෙන්ම වෘත්තීය ජීවිතයේ ලොකු අස්වැසිල්ලකි, අදටත් එහෙමයි.

No comments:
Post a Comment