සුනාමි පස්වන වසර අනුස්මරණය නිමිත්තෙන් 26-12-2009 දින පලකරන ලදි
ඇවිදින් සිපගෙන වෙරළ
මොහොතකින් ගිලගෙන ගිය ඝණ නිල් සයුර
ආරධනා කර දැකුමට ඒ අමුතුම සිරිය
අමෝරා විත් ඇයි කලේ ඒ හදිය
නිල් සයුර රළ පෙළ
දුර සිතිජය අප මිතුර
වුනි නම් වරදක් අපෙන් සමාකර
සැමදා රකිනු මැන දුබල අප
වෙරළේ සිප්පි එකතු කළ
අප බාලේ
වැළි මාලිගා තැනුවා
පොඩි කාලේ
ඒත් අනේ පොඩි දූ පුතුන් මාගේ
පැකිලෙයි පියනගන්න රන්වන් මූදු වැල්ලේ
අනේ ස්වාමිනි බලගතු සයුරු තෙමේ
වින කරන්නේ නැහැ නොවෙද ආයේ
මට මතක විදිහට ඔයාගෙ මේ කවිය මම මීට පෙර වතාවක් කියෙවුවා ඔබ විසින් වෙනත් අඩවියක පල කර තිබියදී.
ReplyDeleteපදපෙල අගෙයි. දිගටම ලියන්න. ජය.
පද පෙළ අපුරුයි... දිගටම ලියන්න..
ReplyDeleteහොඳ නිර්මාණ කියවන වගේම අගය කරන අයත් ගොඩක් මේ සයිබර් අවකාශයේ ඉන්නවා...
ඔබට ජය !
@Raven
ReplyDeleteඔව් සොයුර මේක එල්කිරි හි මා පලමුවෙන්ම පලකර නිර්මාණය, ඒකම බ්ලොග් එකෙත් පලමුවැන්න ලෙසම පලකලා.
බොහොම ස්තුතියි ඔබේ සටහනට.
@sansarasidu
ReplyDeleteමා කලින් පලකල නිර්මාණ වගේම අලුත්වා දා දිගටම මෙහි පලකරන්න අදහස.
බොහොම ස්තුතියි ඔබේ සටහනට.
සොබා දහම කොයි තරම් සුන්දර වගේම අසුන්දර මතක සටහන් අපේ ජීවිත වලට එක් කරනවාද නේ. . .
ReplyDeleteමේ එවන් අසුන්දර මතක සටහනක් කවදාවත් අමතක කල නොහැකි . ..
අගේ ඇති නිර්මානයක් මචෝ
@දුකා
ReplyDeleteඇත්ත සොබාදහම ඈත් කරන්න බැරිතරම් සමීපයි.
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා සටහනට.