Monday, October 24, 2016

දියබිඳු හදන වළාකුළු



පාවෙන
පුංචි පුංචි
සුමුදු
කෙඳි කැටිති
සදනා
මහමේඝ වළා...
මුවාකර
ඔදතෙදැති හිරුරැස්,
සඟවා
සඳ සාවුන්
දිලෙනවා
නෙක රටාපා...
විසිරෙන
රොන්-රොඳ වළා
සරසනවා
හිස්-අහස ලස්සනට...
උරණවෙලා
වළාපෙළ කලබලෙන්
දුවනවා
පරදා එකිනෙක...


ගැටෙන 
මහ වළාවන්
කෙටෙන
විදු සැර
නඟන
ගෙරවුම් යටකර
සැලෙන
සිරි පොද
මවන
පරිසරය නිසසල...
බැසයන
වැසි දිය
චාරිකාවේ
සොයා දියමං
නඟින්නට
දියබිඳුවි අහසට 
තනන්නට
සුමුදු වලාකුළු
වහින්නට
පොද වැස්සක්...