Friday, March 25, 2016

ගමනක ගමන - Journey of a Journey




මාරුවෙන් මාරුවට
එසවෙන වම දකුණ
සීරුවෙන් පෙරළේ
දෙපැඩලය
විඳගෙන පීඩා
කැරකෙන කොග්වීලය
ලෝ දම කරගාගෙන
දුවවනවා ෆ්‍රීවීලය
ඉදිරියට
කරකවන්න
පසුපස රෝදය…

Tuesday, March 8, 2016

රැල්ල



ඈත සාගර ජලතල
ගැටෙන සුළං කඳ
මතු කරන කැලතිල්ල
මවන ලොකු පොඩි රළ පෙළ
ඔද තෙද පාමින
අවුදින් ගෙවා මහ ගව් 
ගොඩකරේ අබිමුව
බිඳි පොඩිව වෙරළෙ විසිරෙන
කිරි සුදු මුදු පෙණ
ගැටුමක...
ගිමන් හරින ගැඹුරු සයුර ඈතක
නිසසලය තැන්පත්ය
තවත් සුලඟක් හමන තුරු...