Sunday, January 30, 2011

මනුස්සකම


ඇති විට දැනෙන් නැති
නැති කොට ඵලක් නැති

ඇති කරන්න ලෙහෙසි නැති
නැති කරන්න විදිත් නැති

ඇති තුරු ගුණදම් නැසෙන් නැති
නැති දා ඉර උදාවත් සිකුරු නැති

සලකමු සුරකිමු ගොඩගමු
ගොඩනගමු මනුස්සකම

14 comments:

  1. කොයිතරම් විවරණ ඉදිරිපත් කළත් ඉවර කරන්න අමාරු විෂයක් තමයි මේක.
    අපූරුයි පද පෙල..

    ReplyDelete
  2. අපි හැමෝම ළඟ තියෙන දෙයක් නේද?
    ඒත් වෙලාවකට හොයාගන්නම බැහැ නෙ... :(

    ReplyDelete
  3. කාලෙට ගැලපෙන නිර්මාණයක් සහෝ

    ReplyDelete
  4. ඇතිවිට අගයක් නොදැණුනත්, සමාජයක් සුන්දර වීමට අත්‍යවශ්‍ය වන මනුස්සකම....
    සරල කෙටි වදන් වැලකින් ලස්සනට සිතුවම් කරපු අදහසක්.

    ReplyDelete
  5. @``` Outsider```:
    ඒකනම් සහතික ඇත්ත. බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  6. @හරී - පිණිපළස:
    ඔව් නංගී. ඇති තැන සුරකින්නත්, වැලලී යන තැනින් ගොඩගන්නත්, නැති තැන ගොඩනගන්නත් පන්හිඳ අතරැඳි අපිට සමාජීය වගකීමක් පැවරෙනවා.

    බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  7. @සෝරෝ:
    බොහෝම ස්තුතියි මල්ලී සටහනට. "ලට පට" අතරේ ලස්සන රචනා කීපයක් කියෙව්වා.

    ReplyDelete
  8. ඒ බැදුනු මනුස්සකම
    නේ ............
    මේ දවස්වල බ්ලොග් අවකාශේ
    හතර අත ලෙලදෙන්නේ.....

    ReplyDelete
  9. @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
    ඒ අගය සිංහල බ්ලොග් අවකාෂයේ වඩිපුර දැනුනා.
    බොහෝම ස්තුතියි මල්ලී සටහනට.

    ReplyDelete
  10. @නලිනි චන්දිමා :
    බොහෝම ස්තුතියි නංගී ඒ ගැඹුරු විමසුම් සටහනට.

    ReplyDelete
  11. @තනෝජා රාජපක්‍ෂ:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    සමාජය දුවන වේගයට මෙතරම් බැඳීමක් අපේ සයිබර් අවකාෂය තුල තිබීම ගැන ආඩම්බරයි. නැතිවී යන බොහෝ දේ ගැන කම්පාවෙන පන්හිඳට අලුත් ජවයක්. ඒ පැතුමන් සඵල වේවා!
    බොහෝම ස්තුතියි සොයුරිය ඇවිත් සටහනක් කිරීම ගැන.

    ReplyDelete
  12. සත්තකින්ම! මේ ලෝකය සොඳුරු තැනක් වුනා නම් ඒ මනුස්සකම හින්දයි.

    කාසි වලට ගන්නත් බැහැ - කාසිවලට දෙන්නත් බැහැ
    කාසි වාසි ඇති අය ලඟ බොහොම හිඟයි ගන්නට නැහැ.

    ReplyDelete
  13. @Chathura Wijekoon|චතුර විජේකෝන්:
    "කාසි වලට ගන්නත් බැහැ - කාසිවලට දෙන්නත් බැහැ"
    ඔබේ සටහන බොහෝ අගේය, ගොඩාක් ස්තුතියි.

    ReplyDelete