"මහත්තයා... මේ හරියේ නවත්තලා තේ එකක් බීලා ම යනවද?"
විමලසිරි කණ්නාඩියෙන් පිටුපස අසුනේ වාඩි වී ඉන්නා මා දෙස බලමින් ඇහුවා.
"ඇයි විමලසිරි... නිදිමතද?"
"නෑ මහත්තයෝ... මහත්තයාට මහන්සි පාටයි. ඒකයි ඇහෙව්වේ..."
"හ්ම්, ඒකත් හොඳයි. ඔන්න හොඳ තැනක් බලලා නවත්තන්න කෝ."
අන්තිම මොහොතේ ප්‍රසන්ටේෂන්ස්වල වෙනස්කම් කරන්න වුන නිසා රෑ තිස්සේ වැඩ කරලා නිදා ගත්තේ ගොඩාක් පරක්කු වෙලා. ආයෙත් උදේ හතරට නැගිටලා කොළඹ යන ගමන ලේසි නැහැ. ප්‍රසන්ටේෂන් ආයේ කියවලා අඩු වැඩිය කරන අදහසින් පිටුපස අසුනේ වාඩි වුනේ, මම නිදි කිරන එක විමලසිරි දකින්න ඇති.
"තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරගන්න, අද වෙනදා වගේ විමලසිරි එක්ක කතාවක් දාගෙන යන්න බැරි වුනානේ..."
"මං දන්නවා මහත්තයෝ... වෙනදා චුට්ටක්වත් ඇහැපියවන එකක්යැ..." රෙස්ටුරන්ට් එකට අතුල් වෙන ගමන් විමලසිරි කිව්වා.
දෙන්නෙක්, හතර දෙනෙක්, වැඩි පිරිසක් වාඩි වෙන්න පුලුවන් විදියට මේස සකසා ඇත. මේස පුටුවල අලුත් තින්ත සුවඳ දැනෙනවා තවමත්. දිග වයරයකින් පහතට එල්ලෙන ෂේඩ් එකෙන් ලස්සන මද එළියක් මේසය මතට වැටෙනවා... මස්සෝ ලකුණු කර වයරයේ එල්ලෙන හොල්ඩරයක ඇස් කකියන එලියක් දෙන සැර බල්බයකට වඩා ඒ එළිය කොච්චර සනීප ද? සාමාන්‍ය රෙස්ටුරන්ට් එකකට වඩා බෙහෙවින් වෙනස් විය.
"අලුත් තැනක් වගේ..."
"ඔව් මහත්තයෝ, ගිය සතියේ තමයි විවෘත කලේ. එදා තමයි මං කොළඹ ඉඳන් පොඩි මහත්තයත් එක්ක ආවෙ... එනගමන් තේ බිව්වේ මෙතැන"
"ගාන සැර ඇති?"
"එච්චර වැඩි නැහැ, ඉන්දියන් කට්ටියක් කරන්නේ..."
සරම හා අත්කොට කුර්තාවෙන් සැරසුන ප්‍රියමනාප තරුණයෙක් අපිව සුහඳව පිලිගෙන පුටු එකිනෙක ඈත්කර වඩිවෙන්න සැලස් වූවා. උදේ පාන්දරම නිසා අපි තේ දෙකක් විතරයි ගත්තේ. කවුන්ටරයට ගෙවන්න කියා බිලත් අතටම දුන්නා.
"පිරිසිදු තැනක්" කියමින් විමලසිරි වාහනය නැවත පණගැන්වූවා
"ඉන්දියන්කාරයෝ නේ... මුලදි ඔහොම තමයි..." මම ලැප්ටොප් එක ඕන් කරගත්තා. විමලසිරි කණ්නාඩියෙන් බලනවා දැක්කා.
කිසි කතාවක් නැතිව ඉදිරියට ඇදුන වාහනය නැවැත් වූයේ කළුතර බෝධියට පඬුරු පූජා කරන්න විතරයි.
"මහත්තයා... වැල්ලවත්තේ වෙජිටේරියන් රෙස්ටුරන්ට් එකකින්ම උදේට කාලා යමුද?"
"වැල්ලවත්තෙත් අලුත් ස්පොට් එකක් තියෙනවද?"
"ඔව් මහත්තයා, අපේ සයිවර් කඩ වගේ නෙවෙයි..."
"කමු, කමු. උදේට මොනව හරි සප්පයම් වෙන්නත් එපැයි"
කල්වේලා ඇතිව නියමිත ස්ථානයට ලඟා වූයෙමු. විමලසිරි සැනසුම් සුසුමක් මුදා හැර සිහින් සිනාවක් දැම්මා.
"මහත්තයා... වහනයක් එහෙම ගන්න අදහසක් නැතැයි".
"දැන්ම බැහැ විමලසිරි. අලුත් කොම්පැණිය රෙජිස්ටර් කලාට තවම හරිහමන් වැඩක් නැහැ නේ".
"එහෙම කියලා බැහැ නොවැ මහත්තයෝ... හැමදාම හයර් වාහනවල දුවැන්නැයි".
"අපිට විමලසිරි ඉන්නව නේ".
"මහත්තයාට පින්සිද්ද වෙන්න මේ වාහනය ගත්තේ, නැතිනම් බැංකුවට ගෙවලා ඉවර වෙන කොට වාහනයත් ඉවරයි".
"විමලසිරි මං ණයක් දුන්න එක විතරයි නේ කලේ..."
"මහත්තයා අලුත් වාහනයක් ගන්න, මං වැඩ කරන්නම්".
"එතකොට මේක?"
"මේකට ඩ්‍රයිවර් කෙනෙක් දාන්න බැරියැ..."
"හරි බලමුකෝ, මේ වැඩේ හරි ගියොත්?"
"එහෙනම් මං ඇතුලට යනවා, විමලසිරිට පොඩි නින්දක් දාන්න පුලුවන්".
ප්‍රසන්ටේෂනය ඉදිරිපත් කරන්න තිබුණේ රාජ්‍ය ආයතනයක ජ්‍යෙෂ්ඨ කලමණාකාර මට්ටමේ පිරිසකින් සැදුම්ලත් මණ්ඩලයක් ඉදිරියේය. එම ආයතනය විවිධ කාර්යයන් සඳහා භාවිතා කරන තොරතුරු පද්ධතීන් ගනනාවක් ඒකාබද්ධ කර ඒ හරහා ඉහල කළමණාකරුවනට තීරණ ගැනීමේ දී උපකාරීවෙන දත්ත හා විෂ්ලේශණ ලබා ගැනීමේ අරමුණින් දියත් කිරීමට නියමිත ව්‍යාපෘතියක ඉහල මට්ටමේ සැලසුම් සැකසීම අරමුණ විය.
මෙවන් ව්‍යාපෘති ගනනාවක සැලසුම් හා ක්‍රමවේද සැකසීමෙන් දායක වී තිබුණද මේ ව්‍යාපෘතිය එතරම් විශාල එකක් නොවිය. ඒත් පොඩියට හෝ අපේම ව්‍යාපෘතියකට දායක වෙන්න ලැබීම ගැන කිසියම් සතුටක් වගේම ආඩම්බරයක් මගේ හිතේ ඇතිවිය.
පිලිගැනීමේ නිලධාරිනියගේ උපදෙස් අනුව දෙවන මහලේ ශාලවට කැඳවාගෙන ගියේ කාර්යාල සහායකයෙකු කියා සිතිය හැකි මැදිවියේ අයෙකි.
නියමිත වෙලාවෙන් පැය භාගයක් පමාවී මූලාසනය හෙබවූ ප්‍රධානියා කෙටි සුහද පිලිගැනීමකින් සාකච්චා වාරය ආරම්භ කලේය. යෝජනා ඉදිරිපත් කිරීමට කණ්ඩායම් හතරක් විය. එක් එක් කණ්ඩායම වෙන වෙනම ප්‍රෙසෙන්ටේෂන් ඉදිරිපත් කිරීමට නියමිත විය. පලමු ප්‍රසන්ටේෂන් වාරය සඳහා මට ඇරයුම ලැබුනි.
පිලිවෙලින් ඉදිරිපත් කිරීම් හතරම ඉවර වූ පසුව නැවත පොදු වාරයක් විය. එතැන දී කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ඉන්දීය මධ්‍යම රජයේ පරිත්‍යාගයකින් දියත් කරන බවත් එනිසා ව්‍යාපෘතිය සම්බන්ධ කටයුතු ඉන්දීය සමාගම් වලට පැවරීමට නියමිත බවත්ය. ලාංකීය සමාගමක් සුදුසුකම් ලැබුවහොත් එහි සේවය සඳහා නියමිත ශ්‍රම බලකායෙන් පිරිසක් ඉන්දීය වැසියන් විය යුතු බවත් පැහැදිලි කෙරිනි....
මා හැර ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කල සාමගම් තුනම ඉන්දීය සමාගම් වූ අතර නියෝජිතයින් ද ඉන්දීය වැසියන් විය. ඔවුන් තිදෙනාම මා දෙස අමුතු බැල්මක් දැම්මේය.
කතාව අවසන් කල ප්‍රධානියා ගාම්භීරව "එනි ක්වෙස්ෂන්ස්..."
ඇයි හත්වලාමේ මේ ගැන කලින් දැනුම් දුන්නේ නැත්තේ... ප්‍රශ්ණ! එකක් නෙවෙයි ගොඩාක් තියෙනවා... අහන්නම්... මේසයට දෑතේ බර දීගෙන නැගිටින්නට උත්සාහ කලෙමි.
අත ගැස්සී පැත්තකට ඇල වූයෙමි!
"දඩාස්..." ගා හඬ දෙමින් ඇඟිලි අතර රැඳි තිබූ මවුසය ලිස්සි වැටුණි.
විගසින් දෑස් පියගසා බැලුවෙමි, ස්ක්‍රීන් සේවර් එක තිරය මත රටා අඳියි. එය නවතා බැලුවාමයි තේරුම් ගියේ මා කියවමින් සිටි CEPA ගැන විමසුම තවමත් තිරය මත රැඳී ඇති බව.

ඒවගේ තත්වයක් ඇතිවුනොත් අපිට හැමදාම පිටරටක කඹුරන්න තමයි වෙන්නේ.
(*ලිව්වේ සැප්තැම්බර් 2010)
කාලීන විමසුමක්, ඉතා රසවත් ලෙස කතාවට නගලා. ඇත්තටම මෙහි මුල කොටසේ අවන්හල් පිළිබඳ කියවෙනවිට හිතුණෙවත් නැහැ කියන්න යන්නෙ මෙහෙම කතාවක් බව. මොකද, ඒ දෙබස් අපේ එදිනෙදා ජීවිතයේ නිතර අහන්න දකින්න ලැබෙන නිසා.
ReplyDeleteCEPA ගිවිසුම කෙසේ වෙතත් නා නා ප්‍රකාර ආයතන මගින් රැකියා සපයා දී කොළඹ පදිංචි කරවං ඉන්න ඉන්දීය ජාතිකයන් බලා සිටිද්දි ඉහළ යනවා. ඇතැම් පෞද්ගලික රෝහල් හැම අංශයකටම- පුහුණු මෙන්ම නුපුහුණු සේවක මඬුල්ලත්- ඉන්දියාවෙන් ආනයනය කරනවා ඒ ආයතනවල "අන්තර්ජාතික" තත්ත්වය රැක ගැනීම පිණිස එහෙම කිරීම අවශ්‍යයි කියලා.
මේ රටාව කොහෙන් කෙළවර වෙයිද??
"ඒවගේ තත්වයක් ඇතිවුනොත් අපිට හැමදාම පිටරටක කඹුරන්න තමයි වෙන්නේ."

ReplyDeleteගොඩක් සැරයක් මම මේක කියෙව්ව, කී දෙනෙක්ට මෙහෙම හිතෙනව ඇද්ද...
ලස්සනට ගලා යනවා නොහිතන විදියට නිමා වෙනවා. අපූරුයි සහෝ හිතන්න දෙයක් ඉතුරුවෙන කතාවක්
ReplyDeleteඑන එන ආණ්ඩු හැටියට එක එක රටවලින් විශේෂඥයෝ ලංකාවට එනවා. ලංකාවේ අය ‘පිටරටක කඹුරන්න’ ගියාම ලංකාවට විශේෂඥයෝ නැහැ, බුද්ධිමතුන් රට දා හැර ගිහින් කියලා කියනවා.
ReplyDeleteපිටරට ආධාර වලින් වැඩ සිද්ධ වෙනකොට එහෙමයි. ආණ්ඩු වලින් රටේ වැඩි කාර්ය භාර්යයක් වෙනකොටත් එහෙමයි.
ඒත් සමානාත්මතාවය ඉල්ලා කෑ ගහන අයට ඕවා වැටහෙන්නෙ කොහොම ද?
සටහන දාන්න නිර්භීත වූවාට ස්තූතියි.
@නලිනි චන්දිමා:
ReplyDeleteඅන්තර්ජාතික තත්වය කෙසේ වෙතත් ලාභදායී සැපයුම් ක්‍රමයක් කියන්න පුලුවනි. අනෙක සමාජයේ ඇති මතය/දුර්මතයත් ඒවාට බලපානවා ඇති.
අගනා විස්තර එකතුවක් සමඟ කල විමසුමට බොහෝම ස්තුතියි.
@චේජනා:
ReplyDeleteඅපේ රටේ ආර්ථිකය ඉතා දුර්වල කාලයක සැකසුන සීපා ගිවිසුම යම් බල්පෑමකට ලක්වෙලා කියන්න පුලුවන්. එහි එක් අඳුරු පැත්තක් විතරයි මේ ගෙනහැර දැක් වූයේ.
දැනටමත් යම් යම් විශේෂඥ ක්ෂේත්‍ර ඉන්දීය ග්‍රහණයට ලක්වෙලා.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
ReplyDeleteඔව් මල්ලී මං සඳහන් කල සීපා ගැන විමසුම කියවූ විට හිතට ආ "ඇති වෙන්න පුලුවන්" තත්වය කතාවට නැගුවා.
බොහෝම ස්තුතියි සටහනට.
@arunishapiro:
ReplyDeleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
විමසුම් සටහනක් එක් කරාට බොහෝම ස්තුතියි සොයුරිය.