හැම තැනම පාට පාට
සුරංගනා කතා
දයාබර සිනා
අනේ වාසනා
අතු පැලේ දුප්පත් සියාතු
ජේන් නෝනලා බණ්ඩිපැටව්
බලන්න නෑ-ඈයෝ ඇවිල්ලා
අනේ වාසනා
පෝලිමේ ඉඳත් අපි
දකින්න පින් නැති
උතුමන් ගමට ඇවිල්ලා
අනේ වාසනා
දුක සැප කි මන්දා
විමසා දෑත් මුදුනේ රන්දා
වෙවුල වෙවුලා වැන්දා
අපේ කුක්කගේ හිසත් පිරිමැද්දා
සූකර උණ නිසා ද මන්දා
සීත දුරුත්ත අමුතුයි මෙදා
ඇයි ගැහෙන්නේ උන්දා
අනේ මන්දා
මෙය 2009 දෙසැම්බර් වලදී කල පදපෙලක්
පළමු පල කිරීම 29-12-2009
මැතිවරණ සමයක ලියවෙච්චි එකක් වගේ. ලස්සන අදහස අයියේ...
ReplyDeleteහිහ්.......... මරු........... :D
ReplyDeleteපුහ්.! කුක්කගෙ ඔළුවත් අතගාල නෙව..මංනම් දෙනව මනාපයක්..
ReplyDeleteමරේ මරු..
සුලා..
හෙහෙ, පොලිටික්කො! කියලා වැඩක් නෑ. ලස්සන පදපෙළ.
ReplyDeleteහැමදාම එකම චක්‍රය.... තමා අතට තම අතමය සෙවනැල්ල.... තමා අතම වේ උන්ටත් නිවිනැල්ල...
ReplyDeleteබල්ලෝ ද කොල්ලෝ ද ඔය කලට එක සේය... ලස්සන වගේම හිතන්න දෙයක් තියන නිර්මානයක්
ReplyDeleteතව ටික දවසකින් ආපහු ඒවි... දුක සැප බලන්න
ReplyDelete@හරී - පිණිපළස:
ReplyDeleteඔව් එය මැතිවරණ සමයක් විය. බොහෝම ස්තුතියි නංගී සටහනට.
@සෝරෝ:
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට.
@සුලා:
ReplyDeleteමනාපයක් දෙන්න ඕනනේන්නම්, ස්තුතියි මලේ.
@නලිනි චන්දිමා:
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී සටහනට.
@දුමී:
ReplyDeleteඒක නම් ඇත්ත දුමී. බොහෝම ස්තුතියි සටහනට.
@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
ReplyDeleteහැම තැනම කටු විසිකරනවා නේ... ඉතිං එකයි.
බොහෝම ස්තුතියි මල්ලී සටහනට.
@චේජනා:
ReplyDeleteඒකත් එහෙමයි, සෘතුවත් එක්ක මොනවා හරි සම්බන්ධයක් තියෙනවා.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
උන්දැලා නිතොර ගමට යන්නේ නැත්තේ ඉන්දන අරපරිස්සම් කරන්න නෙවැ.
ReplyDeleteකොලොම්පුරේ ඉදගෙන මොනතරම් දේවල් කොරන එකක්යැ සියාතුලාගේ යහපත වෙනුවෙන්.
එහෙව් එකෙ දොස් කියනෙක හරියැ...
@Ano:
ReplyDeleteඒකත් එහෙමද? ක්ෂමාකරත්වා!
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.