උසට නැගී මහ ගස්
බර අතු විහිදා වියන් තනා
සෙවන දෙන්නේ රකින්නට
සැඩ හිරු රැසින්
විහිදා නැණ රැස්
බාධක ජයගෙන
පඩිපෙල අත්වැල තනා
අමදන්නට බබලන්නට
වෙහෙසුනු බොහෝ අය
සකසා ඇත මගක්
කන්දකි උස නැගිය යුතු
ඔසවිය හැකි විදි නැති
පියවරෙන් පියවර ඔසවා
තමුන් ඉහළට යා යුතු
ඒ ගමනේ දී
විඩා පත් වූ අය මග ඇති
ඔවුනට අත දෙන්න
එක්කර ගෙන යන්න
ඉහළටම යන්න
ආලෝකය පතුරන්න
පසුකර ආ මගත් හැරී බලන්න
ගස් සෙවන සුරකින්න
තව ආයුතු බොහෝ ඇති
එවුනටත් අතදෙන්න
වගකීමෙන් යුත් වැඩිහිටියෙක් තමන්ගෙ ආදරණීය වූ බාල පරපුරට දෙන වැදගත් ඔවදන් පෙළක් වගෙයි මේ කව් මිණි පෙළ.
ReplyDeleteමොනවා ලියන්නද? මේ ලියා ඇත්තේ ඔබ ගැනම නොවේද? මෙලෙස සිතනා ඔබ වැනි සුන්දර මිනිසුන් වාසනාවක් අපිට !!!
ReplyDeleteඋස්සලා උඩ තියුවට වැඩක්වෙන්නේ නැහැ දැනුම ලැබෙන්නේ නැහැ. දැනුම උත්සාහයෙන් අත්පත් කරගෙන උඩට නගින්න ඕනේ.
ReplyDeleteසරලව පදකරපු ලොකු තේරුමක් ඇති වටින පදපෙලක්.
@Chandima:
ReplyDeleteඇවිත් සටහනක් එකතු කර නිර්මාණය ඇගයීම ගැන බොහෝම ස්තුතියි නංගී.
@හරී - පිණිපළස:
ReplyDeleteලොව නන්දෙසින් රැකියා සඳහා ආ පිරිස එක්ක ගැවෙසෙද්දී නිතරම හිතට දැනුන දෙයක් තමයි අධ්‍යාපන අංශයෙන් ලාංකික අප මොනතරම් ඉදිරියෙන් ද කියන එක. අපේ රටේ ක්‍රමයේ හිස්තැන් ගොඩාක් තිබුණද ඉදිරිය ගැන හිතලා වැඩකරපු පිරිසක් නිසා අපි එළිය දුටුවා. ඒ භාග්‍යය අපිට නොතිබුණා නම්... ඇත්තටම හිතා ගන්නවත් බැරිතරම්.
ඒ වගේම ගෞරවණීය ගුරුපිරිසකගේ මඟ පෙන්වීම නිසා ඉදිරියට ආව. ඉන් පෝෂණය වුන නිසා අපි අදටත් නොවැටී ඉන්නවා.
නංගි ලොකු වර්ණනාවක් කරලා, ඒත් මේක සරළ දෙයක්; අපි ලද දේවල් අපේ පහළ පරම්පරාවට ලබා දෙන්න පුලුවන් නම්...
@නෙල්ලි:
ReplyDeleteඔබ එක් කර ඇති අදහස ගොඩාක් වටිනවා. උවමනා කරන දැණුම නැතිව රැකියාවක් වගේ අවස්ථාවක් ලබා ගන්න පුලුවන් නමුත් එය රැක ගන්න දුෂ්කර වෙන්න පුලුවන්.
බොහෝම ස්තුතියි ඔබේ සටහන හා ඇගයීමට.
ගල්මල් අඩවියට එක්වූ Ran - ඔබ සාදරයෙන් පිලිගන්නවා.
ReplyDelete