පොද වැස්ස පිනි ඉසින
මද පවන මියුර නගන
තුරු ලතා සෙවණ සදන
හරිත තවානේ සුරැකුණ ද
පතොකකි නම්...
වියළි වැලි කතර
සැඩ හිරු දවන හිස් අහස
වැලි කුණාටු ගිනි පිඹින
නිති ජය ගනු මිස
කුමක් කරම්ද...
සෙවණක් නැති අහලක
පුරා හරිත කඳ
උනා දිය පොද පොද
සිසිලසින් පුරවා
සිරස දරනු මිස...
කටු කොහොලින් පිරි ගමනේ
නොනිමි පීඩා සමනය කර
වාරුව දෙන කෝමාරිකාවනි අමිල
ජීවන කතරේ අනේක බැට කන
නුඹත් එකුලයේ හින්දද...
සටහන:
පතොක් (Cactus) කටුක පරිසරයට උරුමකම් කියන පඳුරක් හැටියට වැඩෙන ශාකයක් වේ. සාමාන්‍ය පැළෑටියකට හිමි කොළ පත්‍ර හෝ ගසකට හිමි ලී ආකාර අරටු කඳක්වත් උරුම නැති පතොක් අවම පරිසර සාධක හමුවේ පැවැතීමට පුළුවන් හැටියට සොබාදහම මුලු පැළෑටියම හරිතයෙන් (කොළ පැහැයෙන්) පුරවා ඇත. පතොක සෙවණක් ලබන්නේ ද නැත, ස්වභාවයෙන් ආධාරකයක පිහිට ලැබන්නේ ද නැත. පතොකේ පැවැත්ම හා වර්ධනය එයම සකසා ගත යුතු වන්නේය. පතොක් ශාක කුලයට නොයෙකුත් හැඩ හා පැහැ වලින් යුත් වර්ග බොහෝමයක් අයත් වෙති. කෝමාරිකා (Aloe Vera) නමින් ප්‍රකට රූ වඩන නිෂ්පාදන හා බෙහෙත් ද්‍රව්‍ය සඳහා පාවිච්චි කරන පැළෑටියද පතොක් කුලයට අයත්ය.
පතොක් (Cactus) කටුක පරිසරයට උරුමකම් කියන පඳුරක් හැටියට වැඩෙන ශාකයක් වේ. සාමාන්‍ය පැළෑටියකට හිමි කොළ පත්‍ර හෝ ගසකට හිමි ලී ආකාර අරටු කඳක්වත් උරුම නැති පතොක් අවම පරිසර සාධක හමුවේ පැවැතීමට පුළුවන් හැටියට සොබාදහම මුලු පැළෑටියම හරිතයෙන් (කොළ පැහැයෙන්) පුරවා ඇත. පතොක සෙවණක් ලබන්නේ ද නැත, ස්වභාවයෙන් ආධාරකයක පිහිට ලැබන්නේ ද නැත. පතොකේ පැවැත්ම හා වර්ධනය එයම සකසා ගත යුතු වන්නේය. පතොක් ශාක කුලයට නොයෙකුත් හැඩ හා පැහැ වලින් යුත් වර්ග බොහෝමයක් අයත් වෙති. කෝමාරිකා (Aloe Vera) නමින් ප්‍රකට රූ වඩන නිෂ්පාදන හා බෙහෙත් ද්‍රව්‍ය සඳහා පාවිච්චි කරන පැළෑටියද පතොක් කුලයට අයත්ය.
ලාංකික අපේ බොහෝ පිරිසක් විදේශ රැකියාවන්හි නියුතුවන්නේය. තම පුරුදු පරිසරයෙන් ඈත්වී කටුක පරිසරයකට හුරු විය යුතු වෙන ඔවුන් ද පතොකකට වෙනස් නැතැයි කියන්න පුළුවනි. ඒ අතරින් මැදපෙරදිග තත්වය හැම පැත්තෙන්ම වඩාත් කටුකය; පරිසරය, රැකියාවන් හී පීඩනය හා යාන්ත්‍රික බව ඇති කරන්නේ වචන කල නොහැකි බලපෑමකි. දවස නිමාකර ඉන් මිදී එන ජීවිතයට දුවා දරුවා හා බිරිඳගේ සෙනෙහසින් පිරි කැදැල්ල මොනතරම් අස්වැසිල්ලක් ද විස්තර කිරීම අවශ්‍ය නැත.
පිදුම:
කටුක පරිසරය හා ඔට්ටු අල්ලන දිරිය මිනිසුනට සෙවණක්වී, අසමසම ඔසුවක්වී, ශක්තිය සපයන
දිරිය කෝමාරිකාවනට ගෞරවයෙන්
විදෙස් රැකියාවන්හි නියුතුවූවන්ගේ යථාර්තය මැනවින් නිරූපනය කරල තියෙනව.
ReplyDeleteලස්සනයි පද පෙළ වගේම විස්තරයත්.
කටුක පරිසරයට උචිත පරිදි හැඩ ගැසුණුමුත්, අනුන්ට සිසිලසම බෙදන කෝමාරිකා...
ReplyDeleteආදරණීයයන්හට සුවපහසුව සළසනුවස්, කටුක දුක් උහුලමින් කාන්තාරයේ වසන අපේ සගයින්...
ඇත්තෙන්ම අපූරු සන්සන්දනයක්.
ග්‍රේට්.. නැවුම අදහසක්...
ReplyDeleteමැදපෙරදිග කියන්නෙ මොනතරම් වියළි කටුක පරිසරයක්ද කියලා දැක්කා...අව්වේ සැරකම...සුළඟේ වියරුව..ඒ මැද්දේ මේ සියළු දේ දරාගෙන වෙහෙසන අපේම අය.......
ReplyDeleteහරිම ලස්සන පද ටිකක් ඩීන් අයියෙ.....
හිතට ගොඩක් සමීප බවක් දැනෙනවා..
ReplyDeleteඔබේ පතොක ගැන උපමාව කියවන කොට මගේ හිතේ ඇඳුනෙ මුලු ඇඟම වහගන ගිනි පිටවෙන වැලි ගොඩවල් මැද්දෙ දහදිය වගුරවන කම්කරුවෙක්..
ඇත්තටම මැද පෙරදිග කර්කශ පරිසරයෙ වැඩියෙන්ම දුක් විඳින්නෙ කම්කරුවො කිව්වොත් ඔබත් මා එක්ක එකඟ වෙයි කියලා මට හිතෙනවා..සොච්චම් වැටුපකට තමන්ගෙ සාරය මෙහි දිය කරලා ඔවුන් සමහරක් ආපහු යන්නෙ නිකම් නිකන් රොඩ්ඩක් විදියට..
හරියට බහුජාතික සමාගමක අහුවුන පතොකක් වගෙ.......
හරිම අපුරුයි . ඇසට කඳුළු උනන සංවේදී පසු වදනක් . ශුෂ්ක බවෙන් ඉපදී දුකසේම වැඩි එහෙත් සාරය සිසිල් ගුණයෙන් යුතුයි . ගැඹුරු උපමාවක්
ReplyDeleteදැනට අවුරුදු ගානකට උඩදි පළමු වතාවට ඩුබායි ගිය දවස අදවගේ මතකයි. පුතාලගේ පුංචි ඇදුමක් එළියේ වේලෙන්නට දමන්න එළියට ගිය වෙලාවෙ මගෙ හම සේරම ඇකිලිලා ගියා. නොදැනුවත් කමට එළියට ගිහින් සති ගනනක් ඒකට ප්‍රතිකාර කරන්න උනා. එදා තමයි ජීවිතේ මුල් වතාවට කොපමණ දුකක් මේ කාන්තාරයේ ජීවත් වෙන අය විඳිනවද? කියල අත් වින්දේ. ඒ ගැන ගෙදර ඇවිත් කීවම අපේ තාත්තා මට කියපු දෙයක් මට මතකයි. මෙහෙම මේ රට වල ජීවත් වෙන අයගේ ආයුකාලය වසර ගනනකින් අඩුවන බව. ඒක ඇත්තක්ද? කියන්න මම දන්නේ නෑ. ඒ තරම් කටුක ජීවිතයක් ගෙවන අපේම අය වෙනුවෙන් පිදන මේ උපහාරය අගය කරන්න මට වචන නෑ ඩීන් මල්ලි. මගේ ආදරණීය අයියා, ඔබ, ඇතුළු වැලිකතරේ දහදිය හෙළන අපේ හැමදෙනාටම මේ පැදිපෙළ උපහාරයක්ම වේවා!
ReplyDeleteඔබ හැම දෙනාටම පවුල් ජීවිතවලට කෝමාරිකාව මෙන් සිසිලස බෙදා දීමට හැකි වේවා!
ඇහැට කඳුළු එනවා වගේම ජීවිතේ ගැන පුදුම දුකක් දැනෙනවා. අපි ගොඩදෙනෙක් මේ දුක් විඳින්නේ සල්ලි නිසානේ. හැමදාමත් වගේ අයියාගේ උපමාව නම් කොච්චර අපූරුද,
ReplyDeleteමැදපෙරදිග ජීවිතේ දුක් කම්කටොළු තවත් කවියකට එකතු කරලා. හැමදාම වගේ අපූරු දැක්මක්.
ReplyDeleteහෙහ්....හෙහ්....අපි නම් කෝමාරිකා නැති පතොක්...
ReplyDeleteඔබේ පද වැල හද පතුලටම දැනුනා ......ඩීන්,
@Praසන්ன:
ReplyDeleteබොහෝම ස්තුතියි, ඔබේ සටහන ශක්තියක්
@නලිනි චන්දිමා:
ReplyDeleteඅදහස ලස්සනට සංක්ෂිප්ත කරලා තියෙන්නේ, බොහෝම ස්තුතියි නංගී.
@මාතලන්:
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි ඔබට
@දිල්:
ReplyDeleteඔබ ඒ පරිසරය අත්විඳලා ඇති නිසා පදපෙල ගොඩාක් දනෙනවා ඇති.
බොහෝම ස්තුතියි නංගී සටහනට, ඒ ඇගයීම ගොඩාක් වටී.
@Luckey:
ReplyDeleteඔව් ලකී ඔබ හරි, ඇත්තෙන්ම ගණකම් පත් එහි තැන තැන පොල් කෙඳි වගේ ඉතිරි වූ කෙස් කිහිපයක්, පරිසරයටම වියැකුන උල් කටු... කවදා හරි පොළවේ තෙතමනය නැති දාට උනා ගන්නවත් නැති වතුර පොද නිසා ජබොග් ගාල ඇද වැටෙන්න පුලුවන් - පතොක්.
බොහෝ දුක් විඳින්නේ කම්කරුවන් හා එළිමහනේ වැඩකරන උදවිය, කතා දෙකක් නෑ අවිවාදයෙන් පිලිගන්නවා. ඔවුන් වෙනුවෙන් විටින් විට මා අතින් කෙරුන නිර්මාණ කිහිපයක්:
ලොක්කයියේ http://galmal.blogspot.com/2010/05/blog-post_07.html
කඟවේනිය නුඹ http://galmal.blogspot.com/2010/06/blog-post_05.html
ග්ලාස් ක්ලීනර් http://galmal.blogspot.com/2010/07/blog-post_28.html
තව කාසියක් http://galmal.blogspot.com/2010/08/blog-post_30.html
නන්දුට රෙස්ට් http://galmal.blogspot.com/2010/08/blog-post_17.html
ජීවය දෙන තුටු කඳුල http://galmal.blogspot.com/2010/10/blog-post.html
දුරු රටක කම්මලේ පොඩි නගේ http://galmal.blogspot.com/2011/03/blog-post_08.html
කාසි ගහ http://galmal.blogspot.com/2010/11/blog-post_18.html
එනිසා මෙ නිර්මාණය විදේශ රටවල වෙසෙන අපේ ලාංකික පවුල් වල ශ්‍රියා කාන්තාවන් වෙනුවෙන් වෙන්කරා. ඔවුන්ගෙන් ඉටුවෙන නිහඬ දායකත්වය අප්‍රමාණයි. අනුපමේයයි.
ඔබ කලින් වතාවල දී ද ගල්මල් අඩවියට ගොඩවෙලා සටහනක් තැබූ කෙනෙක්, ෆලෝවර් කෙනෙක් හැටියට එකතුවීම ගැන බොහෝම සන්තෝසයි. ඔබව සාදරයෙන් පිලිගන්නෙමු.
ඇත්තටම ඔබ හරි..රැකියාවේ පීඩනය දරා ගැනීමට අපට ශක්තිය සපයන්නෙ ඔවුන්..එය අගැයීමට ලක් වෙන්නෙ බොහොම අඩුවෙන්..ස්තූතියි ඔබට
ReplyDeleteදුන් සබැඳි වලටත් ස්තූතියි...
ඩීන් අයියා කවදත් වගේ සංවේදී අදහසක්.
ReplyDeleteමට දීලා තියෙන publicity එකටත් බොහොම ස්තුතියි...
අපූරුයි යාළු
ReplyDelete@Bindi:
ReplyDeleteමේ ජීවන කතරේ කෝමාරිකාවන්ගේ අගය බොහෝය. ඔවුන් ලබාදෙන පන්නරය අනුපමේය, කැපවීම මෙතෙකැයි විස්තර කරන්න ලේසි නැහැ. ඒ ශ්‍රියා කාන්තාවනට කල පුංචි උපහාරයක් මෙ නිර්මාණය.
සොයුරිය ඔබ ද ඉන් අයෙක්; පදපෙලේ ගැඹුර හා සංවේදී බව ගොඩාක් දැනෙන්න ඇති. ඔබේ සටහන මගේ උත්සාහය කිරා-මැන දුන්නා, බොහෝම ස්තුතියි.
ඔබේ ලිපියත් කවි ටිකත් අගනේයි.
ReplyDelete@Chandi:
ReplyDeleteමේ කටුක පරිසරය ගැන තත්වය අක්කාගේ සටහනින් වඩාත් විස්තර කරලා තියෙන්නේ. බොහෝම ස්තුතියි අක්කේ සටහනට හා ඇගයීමට.
@හරී - පිණිපළස:
ReplyDeleteඔව් නංගී මුදල වටා බැඳුන අවශ්‍යතා කාරනයක් වගේම රැකියා අවස්ථා නැතිවීම ද තවත් ප්‍රධාන සාධකයක්.
බොහෝම ස්තුතියි සටහනට.
@චේජනා:
ReplyDeleteපරිසරය සාධක සපයනවා නොවැ. බොහෝම ස්තුතියි නංගී සටහනට.
@Ravi:
ReplyDeleteඒකත් එහෙමයි නොවැ. මොනා කරන්න ද මහත්මයෝ පතොකකි නම්...
ඔබේ සටහන වගේම ෆලෝවර්ස්ලා අතරට එක්වීම මට හයියක්, බොහෝම ස්තුතියි රවී.
@Chathura Wijekoon|චතුර විජේකෝන්:
ReplyDeleteඔබේ ඇගයීමට බොහෝම ස්තුතියි චතුර මල්ලී.
ඔබේ පොස්ට් වලින් පදපේලියක් දෙකක් හරියාකාරව ලියාගන්න කෙරෙන උපකාරය බොහෝ අගේය. ඉන් කවුරු හෝ පල ලබනවා නම් එයයි ඔබේ උත්සාහයේ ප්‍රතිපලය, ඒ වෙත යොමු කරන්න පොඩි උදව්වක් විතරයි ලින්ක් එක.
@ayesha:
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට.
@පොත් ගුල්ලා:
ReplyDeleteඔබේ සටහන මට බොහෝ වටී, බොහෝම ස්තුතියි.
@Luckey:
ReplyDeleteආයෙත් වරක් ස්තුතියි.
ගෙයක් දොරක් හදාගන්න, අම්ම තාත්තට සලකන්න ඕන කමට එහෙම නැතිනම් උපන් රටේදි හැබෑ කරගන්න බැරි හීන වලින් කීපයක් හරි හැබෑ කර ගන්න හුරු පුරුදු ආදරයෙන්, සෙනෙහසින් මිදිලා කාන්තාරෙට ඇවිත් පතොක් ගස් වුනු අපේම ජීවිත ගැන නේද මේ උඹ ලිව්වේ . . .
ReplyDeleteඅපූරුයි ඩීන් . .
ඩීන් අයියා..
ReplyDeleteමේ කාන්තාරෙ අපේ ජීවිත එක වෙලාවකට පතොක් ගහකටත් වඩා කටුකයි කියල හිතෙනව...
මම කලිනුත් සඳහන් කලා ඩීන් අයිය ජීවී අජීවි හැමදේකම සුන්දරත්වයක්ම දකින අපූරු ඇහැක් අති කෙනෙක්...
මේ සටහනම පාවිච්චි කරන්නම් ඔබටත් පවුලේ සැමටත් සතුට පිරි ඊද් උල් ෆීතර් දිනයක් වෙනුවෙන් ශුභාශිංසන එක් කරන්නට !!!
@දුකා:
ReplyDeleteඇත්තෙන්ම යාලු අපි පතොක් වෙද්දී අපි වෙනුවෙන්ම වෙහෙසෙන අපේ කෝමාරිකාවන්... එතුමියන්ලාගේ කැපවීමට පුංචි ම පුංචි උපහාරයක් හැටියට.
බොහෝම ස්තුතියි දුකා සටහනට.
@සපතේරු උන්නැහේ:
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි සටහනට හා ඊද් සුබපැතුමට,මේ ලෙන්ගතු සුබපැතුම් අපිට බොහෝ අගේය.
/...අපේ ජීවිත එක වෙලාවකට පතොක් ගහකටත් වඩා කටුකයි.../
ග්‍රොසරි/සුපර්මාකට් වල විකුණන ඇඟ අතුල්ලන්න ගන්න Scrub material කියන දෙය දැකලා ඇති නේද? එය හදන්නේ ඉවතලන/මෝරපු වැටකොළු වියලලා සකස් කරලාලු. ඇත්තෙන්ම මේ ජීවිතයත් ඒ වගේ නේද?
ඔබට දැනෙන දේ එලෙසම මැදපෙරදිග ජීවත් වෙන අපි කාටත් දැනෙනවා. ජීවිතේ හොඳම කාලෙ, දුවාදරුවන්ට අපේ රැකවරණය, සෙනෙහස ඕනම කරන වෙලාවක අපි මෙහේ හුදකලාව ජීවමාන මැෂින් බවට පත්වෙලා. ඒත් අපි මේ හැමදෙයක්ම කරන්නේ එයාල වෙනුවෙන්.
ReplyDeleteපව්, අපිව නැතුව දුවාදරුවෝ, බිරින්දෑවරුන් විඳින පීඩනය අතිමහත්.
ඔබේ වටිනා සිතුවිලි බෙදාහදාගත්තට බොහොමත්ම ස්තුතියි.
@readmyeye:
ReplyDeleteඔබ හරි අපේ කතාවක්...
බොහෝම ස්තුතියි යාළු සටහනට.