Friday, August 19, 2011

රවිඳුනේ දැන් හිනැහෙන්න


රසඳිය කඳේ විඩා නැද්ද
තවත් වරක් රෑ අහසේ තරු අල්ලන්න ද
පාන්දරින් අහස උසට නඟින්නේ
හිරු සේවය දික් වෙච්ච කල නොවැ ගෙවන්නේ 

පාටින් පිරි සොබාදමට සේවය නුඹේ ඉටු වෙච්ච
රතු කහ දම් ලොකු පොඩි ගෙඩි පැණි වැදිලා
ඉඳි තීරුව පල පුදලා සැතපෙන්නට සැරසෙන්නේ
කවදැයි රවිඳුනේ බල අඩු කරලා හිනැහෙන්නේ

කොන්ක්‍රිට් වනේ මුවා වෙච්ච සඳ හොයන්න
උස වීදුරු බිත්තියේ සඳ රැස් දකින්න
ඈත අහසේ තරු බලන්න සිත පොරකන්නේ
උණුහුම් පවන එක්ක යන්න නිශාව අපිට දෙන්න

 පිංතූරය: සොබාදහමේ තවත් අපූර්වත්වයක් - පරිසරයේ ඌෂ්ණත්වය උච්චයටම නඟින කාලයේ ඉඳිගස් තීරුවේ ගසක පලදාව සැර හිරු රැසින් පිච්චී පැණි පිරී ඇති අන්දම මගේ කැමරා ඇසින් හසුකර ගත්තේ අද (19 අගෝස්තු 2011) . උදේ 6.15 හා 7.00 අතර, එතරම් සැර හිරු රැස්...

17 comments:

  1. ගිනිගත් මේ පුරවරට
    කිම පිණි දියෙන් පල
    කවදාද සඳ හිනැහෙන්නේ
    ළපළු තුරුපත් දින ගනින්නේ

    මවුබිමේ අහසේ හිනැහෙනා
    තරු රටා සිහි වෙන්නේ
    ගෙවෙනා තුන්තිස් පැයේ
    හිත සිහිල යදින්නේ,,,,,,,,,,

    ReplyDelete
  2. ඉඳි ගස වගේ ඉහිලිය යුතුයි

    සිසිලද උණුසුමද

    සොබාදම් මවගෙ අණ

    එය නම්

    ReplyDelete
  3. පැණි පිරිච්ච ඉඳි පොකුරේ
    රස දැනිලා වෙන්න බැරිද
    ඔය රවිඳුන් ඔය තරමට
    රැස් විහිදන්නේ....

    එහෙම නැතුව ඒ අරෝව
    කොහොම කියන්නේ...

    ReplyDelete
  4. කොයි තරං ගිනි කාෂ්ටක අව්වක්ද කියල අර පින්තුරේ දැක්කම හිතාගන්න පුළුවන්. දැඩි හිරු රශ්මිය නිසා ඉඳි ගස් වල පැණි පිරෙනවා කියන එකත් ස්වභාව ධර්මයේ අපූරු චමත්කාරයක් නේද? ගල් මල්ට බොහොම ස්තුතියි මේ තොරතුරු අප වෙත ගෙන එනවට. කවියත් බොහොම රසවත්.

    ReplyDelete
  5. ෆොටෝ එක වගේම කවියත් ලස්සනයි.

    ReplyDelete
  6. @හරී - පිණිපළස:
    ඉඳි ගස පැණි පිරුණ
    කියයි රසඳිය ඇවිතැයි මුදුන
    පුන්චි සතුටක් දැනිණ
    ඔරවන රවිදු හිනහෙතැයි සිතිණ

    බොහෝම ස්තුතියි නංගී ලස්සන කවි සංකල්පනාව

    ReplyDelete
  7. @Bindi:
    ඔව්, මේ කර්කෂ පරිසරයේ ඉඳිගහ ඉහළට එසවී කියන්නේත් ඒ දේමයි. ඉඳි ගස ගැන මෙහෙම කියමනක් තියෙනවා: "feet in Heaven and its head in Hell" ඉඳි ගස සැඩ හිරු රශ්මිය විඳින අතර මුල් වලට හොඳ ජල සැපයුමක් ඕනෑ කරයි.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  8. @Chathura Wijekoon|චතුර විජේකෝන්:

    ඒකත් ඇත්තයි.

    රටඉඳි වැවෙන පලාත් වල පරිසර ඌශ්ණත්වය එතරම් නොවෙන්න ඉදෙන ගෙඩි පිලිස්සෙන්නේ නැතිව තිබුනොත් රටඉඳි මදය පැසවීමට බඳුන් වෙන්න පුලුවන් බවත්, ඉන් පරිසරයට හානිවෙන්න පුලුවන් බවත් කියයි. එය වලකන්න වෙන්න ඇති රවිඳුන් ඔච්චරමත් ඔරවන්නේ.

    බොහෝම ස්තුතියි චතුර ඔබේ සටහනට.

    ReplyDelete
  9. @පොත් ගුල්ලා:
    සොබාව සුන්දරත්වය හා කාලගුණය එකට බැඳී ඇති අන්දම හරිම පුදුමාකාරයි, චමත්කාරයි.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  10. @Praසන්ன:
    බොහෝමත්ම ස්තුතියි ඔබට.

    ReplyDelete
  11. හරි ඩීන්......ඔන්න මම දැන් හිනාවෙන්නම්...........හෙහ්, හෙහ්,

    හප්පා.....ඉවසන්නම බෑ රස්නෙ නම්.....ගෙදර ගිහිල්ල ආව විතරනෙ ...තව සති දෙකක් විතර යනකල් ඉන්නම බෑ.........

    ReplyDelete
  12. @Ravi:
    ටයිටල් එක දාපු වේලේ මට හිතුනා රවී මෙහෙම කියන්න පුලුවන් කියලා.

    රමසාන් පටන් ගන්නත් කලින් ඉඳන් රශ්ණයත් එහෙමයි, හියුමිඩිටිත් ඒ වගේ (96ත් පැන්නා). පසුගිය සෙනසුරාදා ඉඳන් තියෙන්නේ අමුතුම වියළි රශ්ණයක්. මං හිතන්නේ ගල්ෆ් මුහුදට මායිම් වෙන හැම දේශයකටම මේ තත්වය අඩු වැඩියෙන් දැනෙනවා ඇති.

    බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් එක් කරාට.

    ReplyDelete
  13. @ayesha:
    මට මග ඇරිලා තිබුන අවකාශය ගැන දැන ගත්තේ අදයි. ලස්සන පදපේලි පිරිච්ච තැනක් නොවැ.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  14. එක පැත්තකින් නපුරු විදිහට පෙනෙන දැඩි හිරු රැසින් කාන්තාර වැසියන්ට බෙදුණු දයාව.
    ලස්සන පදවැලක් නමුත් ටිකක් කලබලෙන් ලිව්ව බවක් තමයි මට හැඟෙන්නෙ.

    ReplyDelete
  15. @නලිනි චන්දිමා:
    ඇත්තෙන්ම රටඉඳි පලදාව ගහේම පිච්චී ඉදී තියෙන එක දැක්කාම පරිසරයේ ඇති අධික ඌශ්ණත්වයට වඩා හිතට පුංචි සතුටක් දැනෙනවා - මාස ගනනාවක් පැවැති ඌශ්ණකාලය තවත් සති කිහිපයකින් අඩුවේවි කියන බලාපොරොත්තුවෙන්.

    /...ටිකක් කලබලෙන් ලිව්ව බවක් තමයි මට හැඟෙන්නෙ.../ ඔබ හරි.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  16. ගල්මල් අඩවියට අලුතින් එක් වූ අසංක ආසිරි සාදරයෙන් පිලිගන්නෙමු.

    ReplyDelete