Wednesday, August 17, 2011

සිංහලින් විස්තර කරන ස්ලයිඩ්-ෂෝ සැකසීම හා අන්තර්ජාලයේ ඉදිරිපත් කිරීම (Slide Sharing)

මෑතක දී පළකළ ප්‍රතාපවත් රටඉඳිගස සහ ඉඳිගස් තීරුව පෝස්ට් වලට අදාළ පිංතූර වලින් සමන්විත විස්තර එකතුව ඉදිරිපත්කිරීමට මා සලයිඩ්-ෂෝ උපයෝගී කරගත්තා. ස්ලයිඩ්-ෂෝ නැරඹූ අය අතර ඒ ගැන උනන්දුවක් දකින්න ලැබුණා. ඊට කලින් වතාවක පවර්පොයින්ට් ප්‍රෙසන්ටේෂනයක් සකස් කරන ආකාරය පියවරින් පියවර විස්තර කරන පාඩම් මාලාවක් (guideline) ගෙන ආවේ ද ස්ලයිඩ්-ෂෝ පෙළක් හැටියට.

රූප හා විස්තර එකතුවකින් සමන්විත ඉදිරිපත්කිරීමක් කරන්න ස්ලයිඩ්-ෂෝ එකක් බොහෝ ප්‍රයෝජනවත්. පිංතූර පේළියක් බ්ලොග් පෝස්ට් එකක් හැටියට අඩංගු කරනවාට වඩා ස්ලයිඩ්-ෂෝ එකකින් ඉදිරිපත් කිරීම වඩාත් ආකර්ෂනීයයි. කියවන්න ද පහසුයි.

මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් (Microsoft PowrePoint) භාවිතා කර අලංකාර ප්‍රෙසන්ටේෂනයක් හදා ගන්න පුළුවන්. එය SlideShare නම් වෙබ් සේවාවෙහි upload කර බ්ලොග් පෝස්ට් එකක, ෆේස්බුක් හෝ වෙනත් වෙබ් පිටුවක share කරන්න හැකියාව ලැබෙනවා. එමෙන්ම SlideShare අඩවියෙන් ද නැරඹිය (view කර) හැකියි.

SlideShare කියන්නේ 2006 වසරේ අගභාගයේදී වෙබ් තාක්ෂණය මුල්කරගෙන පවර්පොයින්ට් ප්‍රෙසන්ටේෂන් share කිරීමට හඳුන්වා දුන් සේවාවකි. පසුකාලීනව upload කරත හැකි ෆයිල් වර්ග අතරට word, pdf ද එකතු විය. ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වූ SlideShare සේවාව අද වෙන කොට ප්‍රධාන ප්‍රෙසන්ටේෂන් share කිරීමේ සේවාවක් හැටියට පත්ව ඇත. ලොව පුරා රාජ්‍ය, වාණිජ හා අධ්‍යාපනික ආයතන SlideShare සේවාව තම දෛනික කටයුතු වලට අදාළ ප්‍රෙසන්ටේෂන් share කිරීමට යොදාගනී. අයකිරීමකින් තොරව ලබාදෙන SlideShare සේවාව ප්‍රෙසන්ටේෂනයක් upload කර බෙදා ගැනීමට ප්‍රමාණවත්ය.

SlideShare හි ෆයිල් upload කිරීමේදී කිසියම් convert කිරීමකට බඳුන් වෙනවා. ෆයිල්හි අන්තර්ගත ග්‍රැෆික් එලෙසම ද ෆොන්ට් සම්මතයකට අනුකූලව ද convert කිරීම සිදුවේ. දැනට ජාත්‍යන්තර භාෂාවන් කිහිපයකින් upload කිරීමට හැකි වුවද සිංහල ෆොන්ට් හෝ යුනිකෝඩ් convert කිරීමක සාර්ථකව සිදුවෙන්නේ නැහැ. ඒනිසා අනුමත මෘදුකාංගයකින් සැකසූව ද සිංහල අකුරු වලින් සමන්විත file එකක් කෙළින්ම SlideShare හි upload කිරීම පලක් නොවේ. ඊට පිළියමක් හැටියට අත් හදා බැලූ සාර්ථක විකල්ප (work-around) ක්‍රමයක් ගැන සාකච්ඡා කිරීමට මින් බලාපොරොත්තු වේ.

සිංහල ෆොන්ට්/යුනිකෝඩ් උපයෝගී කරගෙන ග්‍රැෆික් ඉමේජ් සහිතව මයික්‍රොසොෆ්ට් ප්‍රෙසන්ටේෂනයක් සැකසීම, SlideShare හි upload කර share කිරීම දක්වා පියවරෙන් පියවර; පහතින් දී ඇති ස්ලයිඩ්-ෂෝ එක මගින් ඉදිරිපත් කෙරේ.

ස්ලයිඩ්-ෂෝ හි පියවරයන් මනාව අවබෝධය කරගැනීමට මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් පිළිබඳව දැනුම වගේම සිංහල ෆොන්ට් යොදාගෙන ප්‍රෙසන්ටේෂනයක් සැකසීම ගැන දැනුමක් ද අවශ්‍යවේ. ඒ සඳහා පවර්පොයින්ට් - MS-PowerPoint යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම පොස්ට් එක උපකාරීවේ; ඒ හරහා උවමනා පරිදි අනෙකුත් පොස්ට් කරා යා හැකිවේ.


අවශ්‍ය නම් පහත දී ඇති ස්ලයිඩ්-ෂෝ එක PDF-Document (file size 1.75 MB) ලෙස Download කර ගැනීමට ද පුළුවන.

මේ විෂය සම්බන්ධව තවදුරටත් උදව්වක් හෝ උපකාරයක් අවශ්‍ය නම් කරුණාකර මේ පොස්ට් එක හරහා සාකච්ඡා කරන්න පුළුවනි.

මෙහි දකුණත පැත්තේ පහළ කෙළෙවරේ දකින්නට ඇති හතර මුලුවලට දිස්වූ ඊතල මත ක්ලික් කර Full Screen view කරත හැකිය.

18 comments:

  1. වැදගත් විස්තරයක්.

    ReplyDelete
  2. thanks. very informative
    -from Tokyo

    ReplyDelete
  3. අදමයි දන්නෙ ස්තූතිය ඔබට...

    ReplyDelete
  4. අදම තමයි දැනගත්තෙ මල්ලී මේ විදිහට අපිට මේ දේ කරන්න පුලුවන් බව. ඔබට ගොඩක් ස්තූතියි. මේ දෙන දැනුම හරිම ප්‍රොයෝජනයි අපි වගේ අයට. මේ අවකාශයේ සැරිසරන්නෙ අපේ කියල හොඳ දෙයක් සමාජයට දෙන්න තියෙන උවමනාවටමයි. ඒ උනත් අපි අන්ධයෝ වගේ කන වැල අල්ලගෙන යනවද? කියලත් හිතෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවක ඩීන් මල්ලි මේ කරන උපකාර වලට බොහෝම පින්. මේ සත්කාරය තව බොහෝ කල් කරගෙන යන්නට දිරිය ශක්තිය නිබඳව ඔබට ලැබේවා!

    ReplyDelete
  5. මේ පොස්ට් එක වගේම මට එවූ e - mail එකත් ඉතාම වටිනවා . ඉක්මනට ස්ලයිඩ් ෂෝ එකක් කරනවමයි

    ReplyDelete
  6. ඩින් අයියා කවදත් තමන් දන්න දේ අපිත් එක්ක බෙදා ගත්තා නොවැ. මට මතකයි පසුබිම් චිත්‍රනය සඳහා අයියා දීපු උපදේශනය. මට ඒක බොහොම ප්‍රයෝජනවත් වුණා. මේකත් ප්‍රයෝජනවත් වෙයි. බොහොම ස්තුතියි අයියා...

    ReplyDelete
  7. @Praසන්ன:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  8. @Anonymous (from Tokyo)
    Most welcome.
    Thank you very much for your comment.

    ReplyDelete
  9. @indi:
    මේ පොස්ට් එක මගින් යමක් කරන්න ලැබුනා නම් සතුටුයි.
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  10. @Chandi:
    අනික් අයටත් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් කියලා හිතෙන දන්න දෙයක් කියලා දෙන එක සතුටක්. ඉන් අපේ බ්ලොග් අවකාෂය තව තවත් ලස්සන වෙනවා නම් ලොකු දෙයක්.

    බෙහෝම ස්තුතියි අක්කේ කවදත් වගේ දිරිමත් කරන සටහනට.

    ReplyDelete
  11. @Bindi:
    මේ පොස්ට් එක කරන අදහස කාලෙක ඉඳන් තිබුනත් වැඩ කටයුතු අතර පමා වුනා. ඔබ ස්ලයිඩ්-ෂෝ ගැන දැක්වූ උනන්දුවත් එක් කාරණයක් වුනා මේ පොස්ට් එක ඉක්මන් කරන්න, ස්තුතියි ඔබට.

    නෙළුම් විලේ හරබර ස්ලයිඩ්-ෂෝ එකක දකින්න බලාපොරොත්තු වෙනවා. සුබ පැතුම්!

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  12. @Chathura Wijekoon|චතුර විජේකෝන්:
    චතුර මල්ලී ඔබේ සටහන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් ගැන මුල් ලිපි පෙල දක්වා මතකය අරන් ගියා. මෙය ඉන් ඔබ්බට තවත් පියවරක්, සිංහල බසින් විස්තර කර ප්‍රසන්ටේෂන් කරන අයට මෙය ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

    අපි හැකි අයුරින් දැනුම බෙදාගෙන සේවයක් කරමු. ඔබ කවි ලිවීම ගැන කරන පොස්ට් පෙලත් ඒ වගේම උතුම් සේවයක්.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  13. මේ පොස්ට් එකෙහි ස්ලයිඩ්-ෂෝ එක පලමු පැය විසිහතර තුලදී SlideShare හරහා නැරඹූ (views) වාර ගනන 300 ඉක්මවා ඇත.
    --Viewකර ඔබ සැමට බොහෝම ස්තුතියි

    ReplyDelete
  14. නිර්මාණයකට පවර් පොයින්ට් ආධාරයෙන් පසුබිම් චිත්‍රයක් සකස ගත්තෙ අය්යගෙ උපදෙස් පරිදි. අය්යගෙ පිටුවෙන්ම මේ විදිහෙ ස්ලයිඩ් ප්‍රසන්ටේෂන්ස් කීපයක්ම දැකලා තිබුණත්, කොහොමද මේක හදාගන්නෙ කියන එක දැන හිටියෙ නැහැ.
    බොහොම ස්තුතියි දැණුමට යමක් එක් කළාට. මේක හුඟක් ප්‍රයෝජනවත්.

    ReplyDelete
  15. @නලිනි චන්දිමා:
    පවර්පොයින්ට් වලින් ග්‍රැෆික් හදන්න පුලුවන් නම් මේ වැඩේ හරිම ලේසියි. ඡායාරූප එකතුවක ඉදිරිපත් කරන්න ස්ලයිඩ්-ෂෝ ගොඩාක් ප්‍රයෝජනවත්.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  16. බොහොම වටිනවා මේ ලිපි පෙල මට. ඇත්තටම මහන්සිවෙලා මේ වගේ ලිපියක් ලිවීමෙන් අයියා බලාපොරොත්තු උනේ ශිල්ප සතර උගන්වා ඇස් පෑදූ දෙමව්පියන්ටත්, ගුරුවරුන් හැමටත් පිං ලබා දෙන්න නම් ඒ පැතුම ඒ අයුරින්ම ඉටුවේවායි මම පතනවා..

    ReplyDelete
  17. @හරී - පිණිපළස:
    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ඒ ආයචනයේ අරමුණ මේ යාන්ත්‍රික ලෝකයේ කාලයාත් සමඟ යටවී යන බොහෝ දේ අතර ගුරුවරුන් ගැන (මගේ, ඔබේ, අපි හැමොගේම) මතක් කිරීම.

    ReplyDelete
  18. Pradeep PPM, Ravindu Kumara දෙදෙනා ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නේමු.

    ReplyDelete