Thursday, January 13, 2011

දැණුමට පිය නඟන්න


උසට නැගී මහ ගස්
බර අතු විහිදා වියන් තනා
සෙවන දෙන්නේ රකින්නට
සැඩ හිරු රැසින්
විහිදා නැණ රැස්

බාධක ජයගෙන
පඩිපෙල අත්වැල තනා
අමදන්නට බබලන්නට
වෙහෙසුනු බොහෝ අය
සකසා ඇත මගක්

කන්දකි උස නැගිය යුතු
ඔසවිය හැකි විදි නැති
පියවරෙන් පියවර ඔසවා
තමුන් ඉහළට යා යුතු

ඒ ගමනේ දී
විඩා පත් වූ අය මග ඇති
ඔවුනට අත දෙන්න
එක්කර ගෙන යන්න

ඉහළටම යන්න
ආලෝකය පතුරන්න
පසුකර ආ මගත් හැරී බලන්න
ගස් සෙවන සුරකින්න
තව ආයුතු බොහෝ ඇති
එවුනටත් අතදෙන්න

7 comments:

  1. වගකීමෙන් යුත් වැඩිහිටියෙක් තමන්ගෙ ආදරණීය වූ බාල පරපුරට දෙන වැදගත් ඔවදන් පෙළක් වගෙයි මේ කව් මිණි පෙළ.

    ReplyDelete
  2. මොනවා ලියන්නද? මේ ලියා ඇත්තේ ඔබ ගැනම නොවේද? මෙලෙස සිතනා ඔබ වැනි සුන්දර මිනිසුන් වාසනාවක් අපිට !!!

    ReplyDelete
  3. උස්සලා උඩ තියුවට වැඩක්වෙන්නේ නැහැ දැනුම ලැබෙන්නේ නැහැ. දැනුම උත්සාහයෙන් අත්පත් කරගෙන උඩට නගින්න ඕනේ.

    සරලව පදකරපු ලොකු තේරුමක් ඇති වටින පදපෙලක්.

    ReplyDelete
  4. @Chandima:
    ඇවිත් සටහනක් එකතු කර නිර්මාණය ඇගයීම ගැන බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  5. @හරී - පිණිපළස:
    ලොව නන්දෙසින් රැකියා සඳහා ආ පිරිස එක්ක ගැවෙසෙද්දී නිතරම හිතට දැනුන දෙයක් තමයි අධ්‍යාපන අංශයෙන් ලාංකික අප මොනතරම් ඉදිරියෙන් ද කියන එක. අපේ රටේ ක්‍රමයේ හිස්තැන් ගොඩාක් තිබුණද ඉදිරිය ගැන හිතලා වැඩකරපු පිරිසක් නිසා අපි එළිය දුටුවා. ඒ භාග්‍යය අපිට නොතිබුණා නම්... ඇත්තටම හිතා ගන්නවත් බැරිතරම්.

    ඒ වගේම ගෞරවණීය ගුරුපිරිසකගේ මඟ පෙන්වීම නිසා ඉදිරියට ආව. ඉන් පෝෂණය වුන නිසා අපි අදටත් නොවැටී ඉන්නවා.

    නංගි ලොකු වර්ණනාවක් කරලා, ඒත් මේක සරළ දෙයක්; අපි ලද දේවල් අපේ පහළ පරම්පරාවට ලබා දෙන්න පුලුවන් නම්...

    ReplyDelete
  6. @නෙල්ලි:
    ඔබ එක් කර ඇති අදහස ගොඩාක් වටිනවා. උවමනා කරන දැණුම නැතිව රැකියාවක් වගේ අවස්ථාවක් ලබා ගන්න පුලුවන් නමුත් එය රැක ගන්න දුෂ්කර වෙන්න පුලුවන්.

    බොහෝම ස්තුතියි ඔබේ සටහන හා ඇගයීමට.

    ReplyDelete
  7. ගල්මල් අඩවියට එක්වූ Ran - ඔබ සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete