ගම් දනව් දෙස් සීමා
වෙන්කර ගලනා ගංඟා
එතෙර මෙතෙර යාකර
තැනුනා පාලම්
තදබද අඩු කරනා
රිය පෙළහර ගොඩ කරනා
එහෙන් මෙහෙන් තැනෙනා
පියාඹන පාලම්
ගුවනින් යන එන
උන්දැලා උස්සන බස්සන
සිරි සැප පිරි
ගුවන් පාලම්
උස් මිටි කඳු අතරින්
ඇද හැලෙන දියවැල් උඩින්
වැනි වැනි එක්වෙන
වැල් පාලම්
ඉරි ඇඳ පිල් බෙදි
දුරස්වන මිනිසුන්
ලං කර තැනෙන්නේ
කවදා ද පාලම්...
"ඉරි ඇඳ පිල් බෙදි
ReplyDeleteදුරස්වන මිනිසුන්
ලං කර තැනෙන්නේ
කවදා ද පාලම්"
ඒකනේ...කොච්චර පාලම් තැනුනත් ඇයි මේ පාලම තැනෙන්නේ නැත්තේ...
ලස්සණයි අය්යේ අදහස...
ඉරි ඇඳ පිල් බෙදි
ReplyDeleteදුරස්වන මිනිසුන්
ලං කර තැනෙන්නේ
කවදා ද පාලම්...
mage hithagath pada peliya.....
oka thama therum ranna onea ....
lassana padha pelak...
බ්ලොග් අවකාශය තුළ - මට දැනේ
ReplyDeleteසොයුර ගල්මල්
තබා ඇති බවක් - ඔය කටයුත්තට
සැවොම මුල්ගල්
ඉතින් බඳිමු ගඩොලින් ගඩොල නොවලහා...
හිත් එකතු කරන පාලම්ක් ඉදිඋන දවසට මේ ලෝකෙ මොනතරම් ලස්සනද කියලා හිතා ගන්න බැරිවෙයි.
ReplyDeleteහැමදාම වගේ යමක් කියන්නට හා දෙන්නට ගත් අපූරු නිර්මාණයක්
හ්ම්ම්ම් හිතන්න යමක් ඉතුරු කල නිර්මාණයක් අයියේ මිනිස්සුන්ගේ මමත්වය කියන චින්තන රටාව වෙනස් වෙනකම් නම් ඔය වගේ හිත් යා කරන පාලම් හදන්න බැරි වේවී
ReplyDeleteඑක්කෙනෙක් ඒ වගේ පාලමක් තනන්න හදද්දි කී දෙනෙක් ඒ දුරස්වීම පුඵල් කරන්න දඟලනවද?
ReplyDeleteඑගොඩත් මෙගොඩත් ගම් යා කරලා...
ReplyDeleteපාලම සාදා බලාහිඳින්නේ...
ඔබ මා වෙත පිය..නඟන තුරා....
මම නෙමෙයි කියන්නේ...පුන්සිරි සොයිසා..ලීවේ...සංගීතේ කවුරු,කාගේදැයි නොදනිමි...
සුලා..
එන්න හිනැහෙන්න
ReplyDeleteහදට හද යා කරණ..
පාලම...
මෙතැනයි...
සොඳුරු ගල්මල් අඩවිය..
බලාහිඳිනුයේ කුමට..
සුලා..
එකම දැයක් එකම රටක් ලෙස සිතනා තුරු
ReplyDeleteමොනම දෙයක් කරත් රටට නොවේය ගරු සරු
වෙනම සිතක් හෝ අරමුණු තිබුනොත් නොමවිරු
සැවොම, දෙකක් නැහ..පරිහානිය මයි නිරතුරු
ගල්මල් යාළුවේ......
ReplyDeleteමේ රෑ රාත්තිරියෙ උඹව මතක්වුනේ.....ගාල්ල පැත්තෙ පාදක කරගත්ත ලස්සන ටෙලි නාට්‍යයක් මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ යනවා....නම ස්වයංජාත...ඔය රේන්ද..බීරළු වැනිදේත් ඒකෙ තියෙනවා...ඕං අන්තර් ජංජාලෙ තියෙනවා..තාම කොටස් හතරයි ගියේ...උසස් නිර්මාණයක්....
සුලා
@චමිදේවා:
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලී ඔබේ ඇගයීමට
@ඉලංදාරියා:
ReplyDeleteබොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම
@freedom:
ReplyDelete"...තබා ඇති බවක් - ඔය කටයුත්තට
සැවොම මුල්ගල්
...බඳිමු ගඩොලින් ගඩොල ..."
එයයි අවශ්‍යයෙන්ම කල යුතු වන්නේ
@දිල්:
ReplyDeleteඇත්තෙන්ම නංගී, පොදු අරමුණක් සඳහා සමස්තයක් ලෙස එකමුතුවුනොත් විතරයි රටක් හැටියට ගොඩ එන්න පුලුවන්.
බොහෝම ස්තුතියි නංගී කවදත් වගේ නිර්මාණය ඇගයීම
@Anjala:
ReplyDelete"...මමත්වය..."
අන්න එයයි අපේ රට ආපස්සට ඇදගෙන යන්නේ.
බොහෝම ස්තුතියි නංගී නිර්මාණය ඇගයීම
අයියේ මට එක්තරා විදිහක අදහසක් තියෙනවා..
ReplyDeleteමට හිතෙනවා අපේ රණවිරුවෝ ඔයාකාර පාලමක් හැදුවා. උතුර දකුණ වෙන් කරලා, ඈත් කරන් හිටිය අන්තවාදීන්ව විනාශ කරලා උතුර දකුණ යා කරන සාම පාලම ඒ විරුවෝ අපිට හදලා දුන්නා නේද කියලා මට හිතෙනවා...
ඒත් එහෙම අවසන් වුනේ ලෝකයේ තියෙන සියදහසක් බෙදීම් වලින් එක බෙදීමක් විතරයි.. තවත් එවනි පාලම් සියදහසක් තනන්නට ඉතිරියි...
@``` Outsider```:
ReplyDeleteඑහෙම කියලා අත අරින්නත් බැහැනේද, එක් එක්කෙනා ගන්න උත්සාහය නේද ඒකරාශීවී ශක්තියක් වෙන්නෙ
@සුලා:
ReplyDeleteබොහෝම ස්තුතියි යාළු ඔබේ සටහන් වලට, කවදත් ඔබ සරසනවා ලස්සනට
ටෙලිනාට්‍යය ගැන තොරතුරට ගොඩාක් ස්තුතියි.
@මින්දද:
ReplyDeleteඔබ හරි මල්ලී, ඔවුන් විශාලතම බාධකය ඉවත් කර දුන්නා, පාලම තැනුවා.
ඒත් ඒකේ නියම පල ලබන්න නම් පිල් බෙදී, ඒ පිල්ම රැකගන්න කුලල් කා ගන්නා ක්‍රමය අතහැර රටක් ලෙස එකමුතු වෙන්න ඕනෙ. ඇති දහසක් වෙනස්කම් පසෙකලා, ඇත්නම් සමානකම්/පොදුතා එකක් දෙකක්වත් ඒ වෙනුවෙන් එක් වෙන එක. එයයි ලොකුම පාලම. එතකොට අරකී වෙනස්කම් සෙමින් සෙමින් අඩුවේවී කාලයාත් සමගම.
නොවුනොත්, අරකී රණවිරුවන් තැනූ පාලම තැන තැන කාල බෝම්බ සවිකරනවා හා සමානයි නේද...
බොහෝම ස්තුතියි මල්ලී අගනා සටහනක් එක් කිරීමට.
@විහඟ ගීතය:
ReplyDeleteවාද බේද පසෙකලා
සැම දන රොක්වෙලා
සිත් යායන් යාවෙලා
තනා පාලම එක්වෙලා
වේ ලක්බිම වන පින්බිම හෙට-දින රන්බිම
You have covered all the aspects of the bridges.. :-)
ReplyDeleteand an excellent graphic image...
කල් බලා නොසිට තව
ReplyDeleteඋනුන් උරෙනුර ගැටී
තනමු එය සිත් ඉවුරු
යා කරන් නැඟෙන'යුරු
@චේජනා:
ReplyDeleteThanks a lot for your encouraging note
@nethu:
ReplyDeleteඅගනා පැතුමකි
ඉටුවේවා පැතුම් සපිරි
සිත වලින් දුරස් වී
ReplyDeleteපිල් බෙදුනු මිනිසුනේ
එක්වන්න සදන්නට
මිනිස් කමේ පාලමක්
හෙට ලොවට පිය නගමු
ඒ සැදූ පාලමෙන්
අල්ලාන අත්වැලක්..!!
@nimanthi:
ReplyDeleteබොහෝම ස්තුතියි අගනා පදවැලක් එක් කර ඇගයීමට