Saturday, May 1, 2010

ටී ටයිම්


ලස්සන කේක් කෑල්ල පුරා පාට පාට කෑලි. ෆෘට්ස් ලු.
පාට විතරයි වෙනස, පාට කවා වේලපු පම්කිං කෑලි.

තේ කොප්පයේ මැස්සෙක් පීනනවා පණ බේරගන්න.

වේටර් ටිප් එක බාගන්න විසිකල බිලීපිත්තට නෝට්ටුවක්
අමුණා ගැනලා දීපු පරණ පත්තර කෑල්ලෙන්
මුව පිසලාගෙන පිටවෙනවා.

නෝ ටී.

පම්කිං - වට්ටක්කා

24 comments:

  1. සෑහෙන්න අත් විදලා තියෙන අත්දැකීමක් අයියේ... මේක කියවනකොට තමයි තේරුනේ මුල ඉදලා අගටම ඇන්දිල්ල නේද කියලා..

    (පම්ප්කින් වැඩේ මම දැනගෙන හිටියේ නැහැ. ඒකටත් ස්තූතියි )

    ReplyDelete
  2. හෙහෙ.. :D මේකනම් මාරයි..!

    ReplyDelete
  3. මේක මම මීට වඩා දරුණු විදියට
    අවුරුදු හතරක් හතර හමාරක් විතර ම අත් විඳපු අත් දැකීම..
    තේ නම් හදා ගත්ත... ඒත්..කඩෙන්..කෑම ... නිසා..
    මට මතක් වෙද්දිත් එපා ... ඒ අත්දැකීම ආයෙ...

    ReplyDelete
  4. ඒක දැක්කම කවිය ගැන කතා කරන්න අමතක වුනා නෙ...
    ඒක නියමයි..
    ඔයාගෙම විදියට නියමෙට ලියල..

    ReplyDelete
  5. නියමයි අයියෙ. චේජනා අක්ක කිවුව ‍වගේ ඔයා‍ගෙම විදිහට නියමෙට ලියල තියනව.
    පම්ප්කින් කතාව මමත් අදයි දැනගත්තෙ.

    ReplyDelete
  6. පරණ
    පත්තරෙන්
    දිවි රැකුමක් කර
    මැස්සාගේ
    පණ බේරා
    සෙමින්
    නැගිට
    ආමී
    මම

    ReplyDelete
  7. සෑහෙන විදින්න වෙච්ච අත්දැකීමක් අයියා ලස්සනට ගලපලා......
    දවසට දහ දොලොස් වතාවක් මේසේ උඩට ඇවිත් නොකා ඉතුරු වෙන මාළු නැති මාළුපාන්, ෆෑන් පෙත්ත ටිකක් හයියෙන් දැම්මොත් පාවෙන ඉඳිආප්ප එහෙමත් මීට දෙවැනි නෑ නේද අයියේ?

    ReplyDelete
  8. මේක කොයිතරම් ඇත්තක්ද ? කී දෙනෙක් අත්විඳලා ඇතිද ?
    දන්නවද අයියේ...මම තවම කඩෙන් තේ එකක් බීලා නෑ.සෙයි කියන්න මම දන්නෙත් නෑ.මට මම හදාගන්න තේ එක බොනවා මිසක් කඩෙන් බීලා නෑ. කැම්සස් ඉද්දිවත්...බෝඩිමේදි උනත් මම පිටි සීනි තේ කොළ ගෙනත් තියාගෙන මට තේ හදා ගන්නවා...

    මේකත් හරියට අර අල පාන් වගේ නේද අයියේ

    ReplyDelete
  9. පම්කින් කතාව මමත් දැනන් හිටියේ නෑ.... හුඟ දෙනෙක් මුහුණ දෙන සත්‍යක් නේද අයියේ........

    ReplyDelete
  10. ශෙ..... බලපුවාම මෙච්චර දවසක් අපි රස කර කර කාල තියෙන්නෙ පාට කරපු වට්ටක්කා කෑලිද? තු... නොදකින්.........

    ReplyDelete
  11. එදිනෙදා ජීවිතයේ පුංචි අවස්ථාවක් ගෙන සමාජීය වශයෙන් විවිධ මට්ටම් වලින් පැතිර ඕඩු දුවා ඇති සංකීර්ණ පිලිලයක් වන මුලාව ගෙනහැර දැක්වීම ටී ටයිම් නිර්මාණයේ උත්සාහ විය.

    සේවයක් බලාපොරොත්තු වුනත් සේවාවක් ලබා දුන්නාද නැද්ද යන්න කිසිත් නොසලකා ම බිල් කරයි, ගෙවුවේ ද ගෙවන්නේ ද මහජනයා විසිනි. ඔවුන් දරන බරපැනින් සුලු පිරිසක් වැජෙඹුනත් ඔවුන් ඒතුලම වැටී පණ බේරාගන්න්ට කරන්නේ සුලු පටු යුද්ධයක් නොවේ. අවසන පොදු ජනයා වන ඔවුන් ලද සේවයක් නැත, ඒත් ඔවුන් උරහිස් මත දැරිය නොහැකි බර කෙලවරක් නැතිව පැටවේ.

    මුලාව හැම තැනම රජකරයි.
    මුලා වූවන් ම නොවේද මුලාව රජකරවන්නේ.

    ReplyDelete
  12. @මින්දද:
    මල්ලි මගේ අදහස හරියටම කියවා ඇත. බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් තැබූ සටහනට.

    නියම පළතුරු වේලා හදාගන්න මෙවන් ස්වාභ්හවික රසකාරක ඇතත් ඒවා මිල අධිකයි. වේලා ගත් විට ඒවායෙ පැහැය හරිම අඳුරු වෙනවා බැලූ බැල්මටම තොරාගන්න පුලුවනි. ඒත් ලාබදායී වට්ටක්කා, පුහුල් වැනි දේවල් කෘතීම පාට, සුවඳ ආදේශක හා සීනි යොදා වියලා සකසා ගන්න මෙවන් දෑ මිල අඩුයි.

    තවද ජෑම් නිෂ්පාදනයේදී ද බේස් ලෙස වට්ටක්කා හා පුහුල් යොදාගන්නවා. ලේබල් වල ලස්සන පලතුරු තිබුණට වැඩිහරියක් කෘතීම රසකාරක.

    ReplyDelete
  13. @Ansh Lucky Sri Jay:
    බොහෝම ස්තුතියි නංගා නිර්මාණය අගයමින් තැබූ සටහනට.

    ReplyDelete
  14. @චේජනා:
    බොහෝම ස්තුතියි නංගී නිර්මාණය අගයමින් තැබූ සටහනට.

    ඔව්, කඩ කෑම නම් මටත් ලොකුම ප්‍රශ්ණයක්. මා පලමුව මැදපෙරදිග රස්සවට ආපු කාලයෙ අපිට හැම පහසුකම වගේම ලොකු මෙස් හොල් එකක කෑමත් ලබාදුන්න. ඒත් එවන් තැනක රස හා තත්වය පාලනය ලේසි නැහැ නේ. දෙන දෙය කන්න බැරි වුනා, ඒ දුක විදුන්න බැරුව ඉවුම් පිහුම් ඉගෙන ගත්තා, බඩගින්න හින්දම ඒ ස්සස්තරයත් හොඳටම පුලුවන් වුනා.

    මෙ නිර්මාණය තුලින් කල විමසුම ඉහතින් විස්තර කර ඇත.

    ReplyDelete
  15. @Raven:
    බොහෝම ස්තුතියි මල්ලී ඔබේ ඇගයීම.

    මෙ නිර්මාණය තුලින් කල විමසුම ඉහතින් විස්තර කර ඇත.
    මා මින්ද්ද ට ලියූ සටහනින් පම්කින් ගැන තව විස්තර ලියුවා.

    ReplyDelete
  16. @nimanthi:
    ලස්සන කවිපෙලක් එක් කරමින් කල ඇගයීමට බොහෝම ස්තුතියි

    ReplyDelete
  17. @punchisamanalee:
    බොහෝම ස්තුතියි නංගී අදහසක් එක් කරමින් කල ඇගයීමට.

    මං උත්සාහ ගත්තේ කෙලවරක් නැති මුලාව ගැන එදිනෙදා අත්විඳින කරුණක් මගින් විමසන්න. නංගී එක් කල කරුණු තවත් ඒ අදහස ඔප්නැංවූවා.

    ReplyDelete
  18. ජනමාධ්‍ය, දේශපාලනය විතරක් නෙමෙයි හෝටලුත් අපිව අන්දනවා හපා . . හරිම දුකයි මේ ජීවිතය . . .

    (ඩීන් මාව වැරදියට වටහා ගන්න එපා අර වැඩේ නිසා . . . මේ දවස්වල කියවන "වාරිස් ඩයරි ගේ කාන්තාරයේ දරුවෝ" පොතෙයි කලින් කියවපු ඇගේම "කාන්තාරයේ කුසුම" පොතෙයි දේවලුයි මගේ ජීවන අත්දැකීම් කීපයකුයි නිසා අහම්බෙන් ඒ ලිපිය දැක්කාම එකතු කලා ඒ ගැන කතිකාවක් ඇති වෙනවා නම් අපේ අදහස් (මගේ නම් තියෙන්නේ ඒ ගැන අමිහිරි මතක සටහනක්) එක්ක සටන් කරලා හොඳ නරක සාපේක්ෂව වටහා ගන්න හැකි වෙයි කියලා හිතලා . . . ඒත් උඹ ඒ කියූ දේවල් නිසා ඒ අයුරින් යමක් සිදුවෙයි කියලා හිතලා මම ඒක අයින් කලා . . .

    ReplyDelete
  19. අය්යෙ,
    ඔයා ගොඩක් පැති දිහා බලල ලියන කවියක් මුලුමනින්ම තේරුම් ගන්න තාම මට නම් බෑ...
    මම දැක්කෙ ඒකෙ පළමු අදහස පමණයි..
    ඔයා ඒක මුලදි නොකිය පස්සෙ ලියන එක හොඳයි.. එතකොට ආයෙ ඇවිත් ඒක කියවල
    මට තව සැරයක් හිතන්න ලැබෙනව..
    (කොහොමටත් ඕක දන්න නිසාම මම ඔයා කමෙන්ට්වලට reply කරන තුරු ඉවසීමෙන් බලාඉන්නව..)

    ReplyDelete
  20. @දිල්:
    බොහෝම ස්තුතියි නංගී ඔබ එක් කල සටහන හා ඇගයීමට.

    අහන්නත් පුදුමයි, කඩවලින් කන එකට වඩා නොකා ඉන්න එක සැපක්.

    ඉතිං නංගී, මා මෙ නිර්මාණයෙන් කල විමසුම ගැන ඉහලින් සඳහන් කලා විවේකීව කියවා බලන්න.

    ReplyDelete
  21. @විශ්මි:
    ඇත්තෙන්ම මුලාවෙ කලාව. ඒනිසාම මුලාව ගැන විමසන්න මෙ කතා වස්තුවම තොරාගත්තා, විස්තර ඉහත ලියා ඇත කියවා බලන්න...

    කවදත් වගේ ඇවිත් නිර්මාණය අගයමින් සටහනක් තැබුවාට බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  22. @අනුරාධ:
    වට්ටක්කා පපුවට හොඳයි කියලා වෙදමහත්වරු කියනවානේ... ඒක නිසා වෙන්න ඇති කේක් වලට ඒවා පාට කරලා එකතු කරන්නේ...

    මුලාව ගැන විමසන විස්තර ඉහත ලියා ඇත කියවා බලන්න...

    මෙ පැත්තට ඇවිත් නිර්මාණය අගයා සටහනක් තැබීම සතුටුයි, බොහෝම ස්තුතියි ඔබට

    ReplyDelete
  23. @දුකා:
    බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් තැබූ සටහනට.

    ReplyDelete
  24. @චේජනා:
    මා පිලිතුරු ලියන්න පමාවුනානේ...

    පිලිතුරු ලියන්න පමා කරන්නේ අනික් අයට පදපෙල කියවා තෙරුම් ගන්න ඉඩදිය යුතු නිසා. ඒකෙන් මං වරදක් කරනවාද සිතෙන අවස්ථා එමටයි.

    පිලිතුරු ලියන්න කලින්ම නිර්මාණයේ විමසුමට බදුන් කල කාරණය ගැන ලිව්වා, කියවලා ඇති නේද ඊයේ දිනට මුලින්ම ඇති කොමන්ට් එක.

    නැවතත් බොහෝම ස්තුතියි නංගී ඔබේ සටහනට.

    ReplyDelete