Wednesday, May 26, 2010

පාලම්


ගම් දනව් දෙස් සීමා
වෙන්කර ගලනා ගංඟා
එතෙර මෙතෙර යාකර
තැනුනා පාලම්

තදබද අඩු කරනා
රිය පෙළහර ගොඩ කරනා
එහෙන් මෙහෙන් තැනෙනා
පියාඹන පාලම්

ගුවනින් යන එන
උන්දැලා උස්සන බස්සන
සිරි සැප පිරි
ගුවන් පාලම්

උස් මිටි කඳු අතරින්
ඇද හැලෙන දියවැල් උඩින්
වැනි වැනි එක්වෙන
වැල් පාලම්

ඉරි ඇඳ පිල් බෙදි
දුරස්වන මිනිසුන්
ලං කර තැනෙන්නේ
කවදා ද පාලම්...

26 comments:

  1. "ඉරි ඇඳ පිල් බෙදි
    දුරස්වන මිනිසුන්
    ලං කර තැනෙන්නේ
    කවදා ද පාලම්"

    ඒකනේ...කොච්චර පාලම් තැනුනත් ඇයි මේ පාලම තැනෙන්නේ නැත්තේ...
    ලස්සණයි අය්යේ අදහස...

    ReplyDelete
  2. ඉරි ඇඳ පිල් බෙදි
    දුරස්වන මිනිසුන්
    ලං කර තැනෙන්නේ
    කවදා ද පාලම්...

    mage hithagath pada peliya.....
    oka thama therum ranna onea ....
    lassana padha pelak...

    ReplyDelete
  3. බ්ලොග් අවකාශය තුළ - මට දැනේ
    සොයුර ගල්මල්
    තබා ඇති බවක් - ඔය කටයුත්තට
    සැවොම මුල්ගල්

    ඉතින් බඳිමු ගඩොලින් ගඩොල නොවලහා...

    ReplyDelete
  4. හිත් එකතු කරන පාලම්ක් ඉදිඋන දවසට මේ ලෝකෙ මොනතරම් ලස්සනද කියලා හිතා ගන්න බැරිවෙයි.

    හැමදාම වගේ යමක් කියන්නට හා දෙන්නට ගත් අපූරු නිර්මාණයක්

    ReplyDelete
  5. හ්ම්ම්ම් හිතන්න යමක් ඉතුරු කල නිර්මාණ‍යක් අයියේ මිනිස්සුන්ගේ මමත්වය කියන චින්තන රටාව වෙනස් වෙනකම් නම් ඔය වගේ හිත් යා කරන පාලම් හදන්න බැරි වේවී

    ReplyDelete
  6. එක්කෙනෙක් ඒ වගේ පාලමක් තනන්න හදද්දි කී දෙනෙක් ඒ දුරස්වීම පුඵල් කරන්න දඟලනවද?

    ReplyDelete
  7. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා...
    පාලම සාදා බලාහිඳින්නේ...
    ඔබ මා වෙත පිය..නඟන තුරා....

    මම නෙමෙයි කියන්නේ...පුන්සිරි සොයිසා..ලීවේ...සංගීතේ කවුරු,කාගේදැයි නොදනිමි...

    සුලා..

    ReplyDelete
  8. එන්න හිනැහෙන්න
    හදට හද යා කරණ..
    පාලම...
    මෙතැනයි...
    සොඳුරු ගල්මල් අඩවිය..
    බලාහිඳිනුයේ කුමට..

    සුලා..

    ReplyDelete
  9. එකම දැයක් එකම රටක් ලෙස සිතනා තුරු
    මොනම දෙයක් කරත් රටට නොවේය ගරු සරු
    වෙනම සිතක් හෝ අරමුණු තිබුනොත් නොමවිරු
    සැවොම, දෙකක් නැහ..පරිහානිය මයි නිරතුරු

    ReplyDelete
  10. ගල්මල් යාළුවේ......

    මේ රෑ රාත්තිරියෙ උඹව මතක්වුනේ.....ගාල්ල පැත්තෙ පාදක කරගත්ත ලස්සන ටෙලි නාට්‍යයක් මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ යනවා....නම ස්වයංජාත...ඔය රේන්ද..බීරළු වැනිදේත් ඒකෙ තියෙනවා...ඕං අන්තර් ජංජාලෙ තියෙනවා..තාම කොටස් හතරයි ගියේ...උසස් නිර්මාණයක්....

    සුලා

    ReplyDelete
  11. @චමිදේවා:
    බොහෝම ස්තුතියි මල්ලී ඔබේ ඇගයීමට

    ReplyDelete
  12. @ඉලංදාරියා:
    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම

    ReplyDelete
  13. @freedom:
    "...තබා ඇති බවක් - ඔය කටයුත්තට
    සැවොම මුල්ගල්
    ...බඳිමු ගඩොලින් ගඩොල ..."

    එයයි අවශ්‍යයෙන්ම කල යුතු වන්නේ

    ReplyDelete
  14. @දිල්:
    ඇත්තෙන්ම නංගී, පොදු අරමුණක් සඳහා සමස්තයක් ලෙස එකමුතුවුනොත් විතරයි රටක් හැටියට ගොඩ එන්න පුලුවන්.

    බොහෝම ස්තුතියි නංගී කවදත් වගේ නිර්මාණය ඇගයීම

    ReplyDelete
  15. @Anjala:
    "...මමත්වය..."
    අන්න එයයි අපේ රට ආපස්සට ඇදගෙන යන්නේ.

    බොහෝම ස්තුතියි නංගී නිර්මාණය ඇගයීම

    ReplyDelete
  16. අයියේ මට එක්තරා විදිහක අදහසක් තියෙනවා..

    මට හිතෙනවා අපේ රණවිරුවෝ ඔයාකාර පාලමක් හැදුවා. උතුර දකුණ වෙන් කරලා, ඈත් කරන් හිටිය අන්තවාදීන්ව විනාශ කරලා උතුර දකුණ යා කරන සාම පාලම ඒ විරුවෝ අපිට හදලා දුන්නා නේද කියලා මට හිතෙනවා...

    ඒත් එහෙම අවසන් වුනේ ලෝකයේ තියෙන සියදහසක් බෙදීම් වලින් එක බෙදීමක් විතරයි.. තවත් එවනි පාලම් සියදහසක් තනන්නට ඉතිරියි...

    ReplyDelete
  17. @``` Outsider```:
    එහෙම කියලා අත අරින්නත් බැහැනේද, එක් එක්කෙනා ගන්න උත්සාහය නේද ඒකරාශීවී ශක්තියක් වෙන්නෙ

    ReplyDelete
  18. @සුලා:
    බොහෝම ස්තුතියි යාළු ඔබේ සටහන් වලට, කවදත් ඔබ සරසනවා ලස්සනට

    ටෙලිනාට්‍යය ගැන තොරතුරට ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
  19. @මින්දද:
    ඔබ හරි මල්ලී, ඔවුන් විශාලතම බාධකය ඉවත් කර දුන්නා, පාලම තැනුවා.

    ඒත් ඒකේ නියම පල ලබන්න නම් පිල් බෙදී, ඒ පිල්ම රැකගන්න කුලල් කා ගන්නා ක්‍රමය අතහැර රටක් ලෙස එකමුතු වෙන්න ඕනෙ. ඇති දහසක් වෙනස්කම් පසෙකලා, ඇත්නම් සමානකම්/පොදුතා එකක් දෙකක්වත් ඒ වෙනුවෙන් එක් වෙන එක. එයයි ලොකුම පාලම. එතකොට අරකී වෙනස්කම් සෙමින් සෙමින් අඩුවේවී කාලයාත් සමගම.

    නොවුනොත්, අරකී රණවිරුවන් තැනූ පාලම තැන තැන කාල බෝම්බ සවිකරනවා හා සමානයි නේද...

    බොහෝම ස්තුතියි මල්ලී අගනා සටහනක් එක් කිරීමට.

    ReplyDelete
  20. @විහඟ ගීතය:

    වාද බේද පසෙකලා
    සැම දන රොක්වෙලා
    සිත් යායන් යාවෙලා
    තනා පාලම එක්වෙලා
    වේ ලක්බිම වන පින්බිම හෙට-දින රන්බිම

    ReplyDelete
  21. You have covered all the aspects of the bridges.. :-)
    and an excellent graphic image...

    ReplyDelete
  22. කල් බලා නොසිට තව
    උනුන් උරෙනුර ගැටී
    තනමු එය සිත් ඉවුරු
    යා කරන් නැ‍ඟෙන'යුරු

    ReplyDelete
  23. @චේජනා:
    Thanks a lot for your encouraging note

    ReplyDelete
  24. @nethu:
    අගනා පැතුමකි
    ඉටුවේවා පැතුම් සපිරි

    ReplyDelete
  25. සිත වලින් දුරස් වී
    පිල් බෙදුනු මිනිසුනේ
    එක්වන්න සදන්නට
    මිනිස් කමේ පාලමක්
    හෙට ලොවට පිය නගමු
    ඒ සැදූ පාලමෙන්
    අල්ලාන අත්වැලක්..!!

    ReplyDelete
  26. @nimanthi:
    බොහෝම ස්තුතියි අගනා පදවැලක් එක් කර ඇගයීමට

    ReplyDelete