සීරුවෙන් නැග මේසය
රුව නුඹේ වැඩිවුනා කලින් කල
බැරිබර එල්ලා ගෙන දෙඋරේ
සවි බල ගත සිතින් අද
වෙලීලා පෙමින් කොමලිය
කවුද ඇය?
සටහන:
ශ්‍රී ලංකාවේ කොම්පියුටර භාවිතය ප්‍රචලිත වූයේ '80 දශකය ආරම්භයත් සමගයි. එවන විටත් මහා බැංකුව වැනි ආයතන කිහිපයක් සීමිත ලෙස කොම්පියුටර උපයෝගී කරගෙන තිබුනා. පේරාදෙණිය සරසවියට කොම්පියුටරයක් තෑගි ලැබුනේ 1967 බව මා අසා ඇත්තෙමි.
මුල්කාලයේ කොම්පියුටරය දැඩි සත්කාර ලැබූ අයෙක්. 1982-1983 කාලයේ MS-DoS ප්‍රචලිත වෙන්න කලින් නොයෙක් නිෂ්පාදකයින් තම තමන්ට ආවේණික Operating Systems යොදාගනිමින් තරඟයට Software වෙළෙඳ පොලට ගෙනාවත් හරි හමන් සම්මතයක් නොතිබුණි. ඒ අනුව සීමිත නිෂ්පාදන නාම වැජෙඹුනා අපූරුවට.
MS-DoS Windows ලෙස ඉදිරියට පැමිනීම PC වලට ලොකු එලියක් ගෙන දුන්නා. සම්මතයක් ගොඩනැගුනා ඒ වටා, කාටත් ගන්න පුලුවන් සේ Software එන්න පටන් ගත්තා. එයත් සමග PC බාවිතය සුලබ වුනා. හැඩි දැඩි තනි පාට මොනිටර් වෙනුවට ලස්සන කලර් මොනිටර් එලිදැක්වූවා. Desktop එකක් ලෙස පැන්නා මේසය උඩට.
කලින් වැරැද්ද්කදි ගොරහැඬි හඬින් කෙටි කීක් එකක් දුන් කෙනා අලුතින් එක්වූ Sound Card වලින් ලස්සන හඬ දෙන්න පටන් ගත් ගමනයි අද අපිට වීඩියෝ, මිහිරි MP3, Skype වගේ දෙවල් ගෙනෙමින් වෙලාගත්තේ...
2000 වසර කාලයේ Laptop එලි දැක්කා. ඒකා එල්ලාගෙන යන්න උරහිස් දෙකක් මදියි. කොච්චර චාර්ජ් කලත් වැඩපටන් ගන්න සූදානම් වන විටම බැටරි ලෝ (විඩාපත්ව මැලවින නිදිකුම්බාවිය) විදුලිබලය නැතිව වැඩකරන්න බැරිවිය. උජාරුවට එල්ලාගෙන ගියත් සීමිත වැඩකොටසයි කරන්න සමත්වුනේ.
සීරුවෙන් ක්‍රියාවෙන් හා හැකියාවන්ගෙන් බලවත් වූ Laptop වසරින් වසර ස්ලිම් හා සැහැල්ලු වුනා බරින්. අත්ලක රඳවා වැඩකරන්න පුලුවන් තරම් පුංවි Palmtop අද හරිම ජනප්‍රියයි.
උඬඟු අහංකාර ලොක්කා බලවත් පුංචෙක් වෙලා, හොට්-ස්පොට් ඇති බස්-ස්ටොප් වලත් අද තනිවෙලා... සමහර වෙලාවට එයාට ලැබෙන අඩු සැලකිලි දකින්නත් දුකයි.
අද පාවිච්විකරන කොම්පියුටර් බලසම්පන්න වුනත් සමස්ථයක් ලෙස ගත් කල ඒ සම්පතින් 25% වත් ප්‍රයෝජනවත් ලෙස උපයෝගී කරගන්නවාද සැකයකි.
පළමු පල කිරීම: 12-02-2010
කවි පෙලට හිතගියා හොඳටෝම....
ReplyDeleteයටින් තියන විස්තරය හරි අපූරුවට කවි කරලා තියනවා...
ලංකා පරිගණක ඉතිහාසය ගැන හොඳ විස්තරයක්. කවියත් හොඳයි
ReplyDeleteකවිය සහ විස්තරය රසවත් ලෙස ලියල තියෙනවා...
ReplyDeleteඋඬඟු අහංකාර ලොක්කා බලවත් පුංචෙක් වෙලා, හොට්-ස්පොට් ඇති බස්-ස්ටොප් වලත් අද තනිවෙලා...
ReplyDeleteසැබෑව..
තවත් දාර්ශණික සටහනක්...සුන්දරත්වය සහ තාක්ෂණයේ එකතුවක්...ඔය අගේට පාහලා තියෙන්නේ....
ReplyDeleteසුභපැතුම් මගෙ යාළුවේ....
සුලා..
ම්ම්ම්.. නියමයි..අය්යෙ..
ReplyDeleteනොදැන හිටි ගොඩක් දේවල්.. අපූරුම විදියට...
ලස්සන කතාවක් අහගෙන ඉන්න වගෙ කියවගෙන යන්න,
හරිම ආස හිතුන..ලියූ විදියට, සටහනත් කවියත් දෙකම...
"විඩාපත්ව මැලවින නිදිකුම්බාවිය" WOW..!! හරියටම හරි..
ReplyDeleteඇත්තටම එකිනෙකට නොපෑහෙන තාක්ෂනයත් ,කවිත් අපූරුවට ගලපලා..හරිම ලස්සනයි..
කවිය කියවගෙන යන කොට ආවෙ වෙන අර්ථයක්. ඒත් අන්තිමට හොඳින් තාක්ෂනය සමඟ ගැලපීම ලස්සනට සිදුවෙලා.
ReplyDeleteමැණික්(සුළඟ)
@චමිදේවා:
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලී ඔබේ සටහනට
@Hasitha:
ReplyDeleteබොහෝම ස්තුතියි ඇගයීමට
@Praසන්ன:
ReplyDeleteබොහෝම ස්තුතියි සොයුරා ඔබේ සටහනට.
මෙය කවි මාධ්‍යය තුලින් දැණුම බෙදන්න කර පුංචි අත්හදාබැලීමක ප්‍රතිඵලයකි.
නියමයි ඩීන් . .
ReplyDeleteඋඹ ගද්‍ය පද්‍ය මොන මාධ්‍යයෙන් කිව්වත් ඒ කියන්න ඕන දේ ඔළුගෙඩියට පරාල ඇණයක් ගහනවා වගේ කරනවා . . .
නියමයි . .
@nethu:
ReplyDeleteඕනෑතරම් දැකලා ඇති නේද
හොට්-ස්පොට් ඇති බස්-ස්ටොප් වලත් අද තනිවෙලා...
@සුලා:
ReplyDeleteබොහෝම ස්තුතියි යාළු ඔබේ අගනා සටහනට
@චේජනා:
ReplyDeleteසටහන කවියත් සමඟම පලකරා තෙරුම් ගැනීම පහසු කරන්න.
අපේ අසල්වැසි ඉන්දියාව අද තොරතුරු තාක්ෂණ අංශයේ ඉදිරියෙන්ම සිටියත් අපේ රට ඔවුන්ටත් කලින් මෙ ක්ෂේත්‍රයේ මුල්පියවර තැබුවේ. ඒත් අපි සැලසුම් ක්‍රියාත්මක කිරීමෙදී කවදත් බකල් ගහනවා.
@nimanthi:
ReplyDeleteබොහෝම ස්තුතියි අගනා සටහනට
@මැණික්(සුළඟ):
ReplyDeleteපද පේලිය කියවීමෙදී "මං මුලා කලා"නම් සමාවෙන්න. කවිරසයත් රැක ගන්න ඕනේ නේද.
@දුකා:
ReplyDeleteබොහෝම ස්තුතියි යාළු මේවා තමයි අපිට ලැබෙන ශක්තිය
කවිය සහ විස්තරය රසවත් ලෙස ලියල තියෙනවා. සුබපැතුම්
ReplyDelete@sanjaya සිතුවිලි:
ReplyDeleteබොහෝම ස්තුතියි
අපූරුම කාව්‍ය නිර්මාණයක්. නිමිත්ත එයිටත් වඩා අගෙයි.
ReplyDeleteබොහෝම ස්තුතියි නලීන්
Deleteනියමයි. අදයි මේ පැත්තෙ ආවේ. දිගටම එනවා.
ReplyDeleteසන්තෝසයි. ගල්මල් අඩවියට බොහෝම සාදරයෙන් පිලිගන්නවා.
Deleteනලීන්ගේ සටහනට දාපු කමෙන්ට් එක හරහා ආවේ. මේ සටහන මා අතීතයට ගෙන ගියා.
ReplyDeleteමම අද තමයි මේ පැත්තට ආවේ. හොද අඩවියක්. ආයෙත් එන්නම්.
ReplyDelete